Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ගිහි ජීවතයේ බිරිඳ දරුවන් අතහැර පැවිදි වූ හිමිනමක්ද?

    2021-07-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විදෙස් භාෂාවකින් පළ වන බොහෝ දුරට විදෙස් රටක පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් දක්වා ඇති ඡායාරූපවලට වෙනත් අර්ථකථනයන් ලබා දී කිසිදු කරුණු පරීක්ෂාවකින් තොරව සමාජ මාධ්‍ය තුළ පළ කරනවා අපට බහුලය දැක ගන්නට පුළුවන්. බොහො කලක සිට සමාජ මාධ්‍යයේ සංසරණය

    විදෙස් භාෂාවකින් පළ වන බොහෝ දුරට විදෙස් රටක පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් දක්වා ඇති ඡායාරූපවලට වෙනත් අර්ථකථනයන් ලබා දී කිසිදු කරුණු පරීක්ෂාවකින් තොරව සමාජ මාධ්‍ය තුළ පළ කරනවා අපට බහුලය දැක ගන්නට පුළුවන්. බොහො කලක සිට සමාජ මාධ්‍යයේ සංසරණය වූ එවැනි ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    සිහිනය – Đ Я € Ѧ M ঔ නමැති ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, හිමි නමක් ගිහි ජීවිතයේදී සිටි බිරිඳ දරුවන් ඇතුළු පවුලේ සැම අතහැර පැවිදි දිවියට ඇතුළු වන බවට පැවසිය හැකි ඡායාරූප කිහිපයක්. එම ඡායාරූප සඳහා දක්වා තිබූ සටහනින් සඳහන් වුණේ,

    උතුම් නිර්වාණයම අවබෝද වේවා

    අවසාඅනය තෙක් බලන්න…️

    සසර කෙටි කර ගැනීමට පින් සිත් පහල කර ගන්න

    ඒ හිතට බධාවක් නොවී….

    සියල්ල නිහඩව දරා ගත් ඈ…..

    නූතන යශෝධරාවක්

    අප සැමට අත් හැරීම ගැන මනාවට පෙන්වා දෙන

    අපූරු සිදුවීමක්…. යනුවෙනි.

    Facebook | Archived Link

    එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අපට නිරීක්ෂණය වූයේ මෙම ඡායාරූපයන් වල සිටින්නේ තායි-චීන ගායකයෙක්, රංගන ශිල්පියෙක්, නිරූපන ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධිය උසුලන තායි ජාතික Mike Angelo, Mike D’Angelo නැතහොත් Pirat Nitipaisalkul නමැති තායි රංගන ශිල්පියෙක් බවයි.

    මෙහි දැක්වෙන්නේ Mike Angelo තායිලන්තයේ සාම්ප්‍රදායට අනුව 2015 වර්ෂයේ තාවකාලික පැවිද්ද ලැබූ අවස්ථාවක්. ඒ බවට ඔහුගේ ෆේස්බුක් රසික පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.

    තායිලන්තයේ පුරුෂයින් තම දෙමාපියන්ට සහ මුතුන් මිත්තන්ට ගෞරව නාමයක් ලබා දීම සඳහා තාවකාලිකව බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදි වීම  තායිලන්තයේ සම්ප්‍රදායක් වනවා. තායි පුරුෂයන් යම් කාලයක් සඳහා භික්ෂූන් බවට පත්වන තුරු වැඩිහිටියන් ලෙස නොසැලකේ. මෙය ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් කාල පරිච්ඡේදයක දින, සති, මාස හෝ අවුරුදු විය හැකිය. ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් නැවත සිය සාමාන්‍ය ජීවිතයට පැමිණේ Mike ඔහුගේ කාර්යබහුල වැඩ කාලසටහනෙන් දින 10 ක් පැවිදි වී සිටීමට තෝරාගෙන ඇති අතර ඉන් පසු ඔහු සුපුරුදු පරිදි සිය වෘත්තියෙහි නැයැලෙන බවත් මෙම තාවකාලික පැවිද්ද ඔහුගේ ජීවිතයේ විශිෂ්ඨතම අවස්ථාවක් බවට දක්වා තිබුණා.

    Facebook | Archived Link

    මේ සම්බන්ධයෙන් තවත් ෆේස්බුක් පිටුවක පළ වූයේ මෙලෙසින්. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්. තාවකාලික පැවිද්ද නිම කර ඔහු එම ස්ථානයෙන් පිටත්වන අයුරු දැක්වෙන ඡායාරූප මෙතනින්.

    තායි බෞද්ධ ජනතාව විශ්වාස කරන පරිදි තායිලන්තයේ බෞද්ධ පසුබිමකින් පැවත එන තරුණයන් විවාහ ජීවිතයට ඇතුළු වීමට පෙර තාවකාලික පැවිද්ද ලබා ගත යුතු වනවා. ඇතැම් පිරිස් විවාහයෙන් පසුවද තාවකාලික පැවිද්දට එළැඹෙන අතර එමෙන්ම සමාජයේ සිය පවුලට පිළිගැනීමක් මෙමගින් ඇති වන බවද පළ වූ වාර්තාවක් මෙතනින්. 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පැවසිය හැක්කේ ගිහි ජීවිතයේ බිරිඳත් දරුවනුත් අත හැර පැවිදි දිවියට ඇතුළු වූ හිමිනමගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වූයේ තායිලන්තයේ රංගන ශිල්පියෙක් දින 10කට තාවකාලික පැවිද්ද ලැබූ අවස්ථාවක් බවයි. ඒ අනුව ඉහත සටහන් නොමග යවන සුළු අසත්‍ය තොරතුරු ඇතුළත් සටහනකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.