Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චන්ද්‍රයාන් – 3 මෙහෙයුම ට සම්බන්ධ විද්‍යාඥවරියන්ගේ ලබා ගත් ඡායාරූප අවස්ථාවක් ද? 

    2023-08-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳ මත මෘදු ගොඩබෑමක් කළ සිව්වන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ “චන්ද්‍රයාන් – 3 යානය සඳ මතුපිටට ගොඩබෑම ත් සමග චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට ඉන්දියාව ඉ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සඳ මත මෘදු ගොඩබෑමක් කළ සිව්වන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ “චන්ද්‍රයාන් – 3 යානය සඳ මතුපිටට ගොඩබෑම ත් සමග චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට ඉන්දියාව ඉතිහාසගත වූවා. මේ අතර මෙරට සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක් වන තව ත් කරුණක් වූයේ එම මෙහයුමට සම්බන්ධ ඉන්දීය විද්‍යාඳවරියන් මෙන් ම ඉංජිනේරුවරියන් ඉන්දීය සම්ප්‍රදායට අනුකූලව ‘සාරියකින්’ සැරසී සිය රාජකාරියේ නියැලීමයි.

    ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු ඡායාරූප අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූයේ, ඉන්දියාවේ චන්ද්‍රයාන් – 3 මෙහෙයුමේ ඉංජිනේරුවරියන් එම ඡායාරූපයෙන් නියෝජනය වන බවට දක්වමින්.

    Facebook | Archived Link

    එම තේමාවෙන් පළ වූ තව ත් සටහනක් මෙතනින්. Archived Link

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත ඡායාරූප වලින් පෙන්වා දෙන පරිදි එහි සිටින්නේ ඉන්දීයාව විසින් සඳමතට යැවූ ‘චන්ද්‍රයාන්- 3‘ මෙහෙයුමේ සිටි ඉංජිනේරුවන් ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, අපට එම සිදුවීමට අදාළ ව ඇති වීඩියෝ දර්ශන වල ඉහත ඡායාරූප අවස්ථාව දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපය 2014 සැප්තැම්බර් මස ඉන්දියාවේ අඟහරු මෙහෙයුම සාර්ථකව නිම කිරීම හේතුවෙන්, අඟහරු කක්ෂයේ අභ්‍යවකාශ යානය (Mom) සාර්ථකව අඟහරු කක්ෂයට ඇතුළු වූ පසු ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (Isro) කාර්ය මණ්ඩලය සැමරූ අවස්ථාවක් බවට දක්නට ලැබෙනවා. මේ පිළිබඳව 2014 සැප්තැම්බර් 25 වන දින BBC මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    ඉහත ඡායාරූපය රැගත් එම වකවාණුවේ පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්. 

    චන්ද්‍රයාන්-3 චන්ද්‍ර මෙහෙයුමේදී කාන්තාවන් ඉටු කළ කාර්යභාරය

    චන්ද්‍රයාන්-3 චන්ද්‍ර මෙහෙයුමේදී කාන්තාවන් ඉටු කළ කාර්යභාරය ඉස්මතු කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය අගෝස්තු 26 වන දා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) කාන්තා විද්‍යාඥයන් කිහිප දෙනෙකු හමු වූ බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මෙම මෙහෙයුමේ කාන්තා විද්‍යාඥයන් එහි සාර්ථකත්වය සහතික කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව  ත්, ඔවුන්ගේ දායකත්වය නොමැතිව මෙම ජයග්‍රහණය කළ නොහැකි බව ත්,  ඔවුන් අනාගත පරම්පරාවන්ට හොඳ ආදර්ශයක් ලබා දුන් බව ත්, මෝඩි වැඩිදුරටත් පවසා තිබෙනවා.

    එමෙන් ම හින්දු මිථ්‍යාවන්හි ස්ත්‍රී ශක්තිය පිළිබඳ සංකල්පයෙන් ව්‍යුත්පන්න වූ නමක් වන ‘චන්ද්‍රයාන්-3’, චන්ද්‍රයා මත ගොඩබෑමේ ස්ථානය “ශිව් ශක්ති” ලෙස නම් කිරීමට මෝඩි තීරණය කළ අතර මෙහෙයුමේ කටයුතු කළ කාන්තා විද්‍යාඥයින්ට එය උපහාරයක් විය. අභ්‍යවකාශ ඒජන්සියේ සේවක සේවිකාවන් 16,000 න් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් කාන්තාවන් වෙති.

    කාන්තා විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් 100 කට අධික පිරිසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇති බව වාර්තා වන අතර, එය අගෝස්තු 23 වන දින ඉන්දියාව සිය චන්ද්‍ර රෝවරය ගොඩබෑම සහ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට අභ්‍යවකාශ යානයක් තැබූ පළමු රට බව ට පත්වීමෙන් අවසන් විය. අගෝස්තු 23 යානය දියත් කරන අවස්ථාවේ සහ ගොඩබෑමේදී බොහෝ කාන්තාවන් පාලක මැදිරියේ සිට තිබූ අවස්ථා විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. Archived Link

    ඉහත සමාජ මාධ්‍ය සටහන් වලින් පෙන්වා දීමට උත්සහ දරා තිබුණේ, ඉන්දීය විද්‍යාඥවරියන් වූව ද, ඔවුන් සම්ප්‍රදායික ලෙස සාරියකින් සැරසී සිටින බව යි. ඉහත ඡායාරූපය චන්ද්‍රයාන් මෙහෙයුමේ අවස්ථාවක් නොවූව ද, මෙම මෙහෙයුම් අවස්ථාවේදී ද, විද්‍යාඥවරියන් සම්බන්ධ දර්ශන වලදී ඉන් බොහෝ පිරිසක් සාරියකින් සැරසී සිටන බව ක් මෙලෙසින් දක්නට ලැබේ. එමෙන් ම මෝඩි ඔවුන් ව හමුවූ අවස්ථාවේදී ද, බොහෝ පිරසක් සාරියකින් සැරසී සිටන බව ක්, දක්නට ලැබුණේ මෙලෙසින්.

    මේ පිළිබඳව Factcrescendo අප මලයාලම් සහ ඉංග්‍රීසි බසින් පළ කළ කරුණු විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘චන්ද්‍රයාන්- 3‘ මෙහෙයුම සාර්ථක වූ අවස්ථාවේ එම මෙහෙයුමට සම්බන්ධ ඉංජිනේරුවරියන්ගේ ලබා ගත් ඡායාරූපයක් බවට දක්වමන් පළ වූ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය නොමග යවන සුළු බවයි. එම අවස්ථාව 2014 සැප්තැම්බර් මස ඉන්දියාවේ අඟහරු මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඊට සම්බන්ධ කාර්ය මණ්ඩලය සිය ජය සැමරූ අවස්ථාවක ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.