Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    2019 වසරේ තිස්සමහාරාම එළවළු දන්සැලක ඡායාරුප, මෑතක සිදුවීමක් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

    2020-03-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ඇරඹීමත් සමඟම , රජය විසින් ඇඳිරි නීතිය පනවන ලදී. එබැවින් බොහෝ පිරිසකට දෛනික කටයුතුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේ ඇතැම් පිරිස් පිරිස් අසරණවූ ජනතාව වෙනුවෙන් විවිධ උපකාර කරනු අයුරුද සමා

    කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ඇරඹීමත් සමඟම , රජය විසින් ඇඳිරි නීතිය පනවන ලදී. එබැවින් බොහෝ පිරිසකට දෛනික කටයුතුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේ ඇතැම් පිරිස් පිරිස් අසරණවූ ජනතාව වෙනුවෙන් විවිධ උපකාර කරනු අයුරුද සමාජ මාධ්‍ය හරහා බොහෝ සේ ප්‍රචාරය වී තිබුණි.

    මෙවන් මොහොතක, කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු දන්සලක් තිස්සමහාරාම ප්‍රදේශයේදී පවත්වා ඇති බවට ඡායාරූප සමග සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන්  හුවමාරුවෙමින් පවතී. බොහෝ පිරිස් එම ක්‍රියාව අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනු දක්නට ලැබුනි.

    එම ඡායාරූපයන්හි බෞද්ධ කොඩි දක්නට ලැබිමත්,  ඡායාරූපයන්හි සිටින අය මුඛ ආවරණ පැළද නොසිටීමත් , ඔවුන් සිල් ගත් පිරිසක් සේ නිරීක්ෂණය වීමත් නිසා , මෙම  ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් අප විසින් සිදු කරන ලදී.

    සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරය වන එවන් එක් සටහන පහතින්.

    Facebook LinkArchived Link

    “ලංකාවේ අපි ලෝකේ ඉන්න වෙනස්ම ජාතියක් කියන්නේ මෙන්න මේකයි. තිස්සමහාරාම දන්සල” තිස්සමහාරාම ප්‍රදේශයේ එළවළු දන්සල සම්බන්ධයෙන් වෙබ් අඩවියක් වාර්තා කර තිබු අයුරු.

    News LinkArchived News Link

    Twitter හරහා හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Twitter LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා පසුගිය දින කිහිපයයට අදාලව සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක්  මේ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

    අනතුරුව මෙම ඡායාරූප සම්බන්ධයෙන් අප Google Reverse Image Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට එම ඡායාරූප හා සබැඳි links කිහිපයක්ම දක්නට ලැබිණ.

    එම දිගු නිරීක්ෂණය කිරීමේදී එම ඡායාරූප පළකර ඇති ෆේස්බුක් පිටු කිහිපයක් සොයා ගැනීමට අපට හැකි විය. එම සියල්ලම සටහන් පළකර තිබුනේ  2019 වසරේ අගෝස්තු 14 හෝ 15 දිනයි.

    Facebook LinkArchived LinkFacebook LinkArchived Link

    තවද 2019 වසරේ අගෝස්තු 14 දින පොහොය දිනයක් දැයි සොයා බැලූ අතර එය “නිකිණි” පොහොය දිනය බව තහවුරු විය. ශ්‍රී ලංකාවේ බොහෝදුරට දන්සල් පවත්වනු ලබන්නේ පොහොය දිනයන් හා ඒ ආසන්න දිනයන්හිදීය.

    Gov Printing Dept 2019 CalendarOfficeholidays web

    පලවන එක් ඡායාරූපයක මාධ්‍ය ආයතනයන්හි මයික්‍රෆෝන ඇති බැවින්, අප එම මාධ්‍ය ආයතනයකින් මේ පිලිබදව විමසා සිටි අතර, මෙවැනි ආකාරයේ දන්සලක් සදහා ඔවුන් මෑතකදී ආවරණයක් ලබා නොදුන් බවද පැවසිය.

    පහත සටහන පළකර තිබු සුමනසිරි ස්වාමින් වහන්සේ සමඟ දුරකථනයෙන් සම්බන්ධවීමේදී පවසා සිටියේද එම සිදුවීම ඇත්ත වශයෙන්ම පසුගිය වසරේ නිකිණි පොහෝ දින සිදුවූ දන්සලක් බවයි.

    Facebook LinkArchived Link

    ඡායාරූප හොඳින් නිරීක්ෂණය කිරීමේදී වෙසක් කූඩුවක් ද බෞද්ධ කොඩි ද දක්නට ලැබිණ.

    තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී, අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය තුලින් 2019 අගෝස්තු මස 14 වැනිදා පැවති ඉහත එළවළු දන්සල හා සබැඳි පුවත වාර්තා කර තිබුනේ මෙලෙසිනි.

    කෙසේ වෙතත් තිස්සමහාරාම ප්‍රදේශයේ මේ හා සම්බන්ධ කිසිදු ආකාරයේ දන්සැලක් පැවතියේද යන්න තහවුරු කරගැනීම සඳහා තිස්සමහාරාම පොලීසිය හා දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔවුන් පවසා සිටියේ ද එබඳු කිසිදු කටයුත්තක් මේ දිනවල සිදු වුයේ නැති බවත් පසුගිය වසරේ එවැනි දන්සලක් පැවැත්වූ බවය.

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු දන්සලක් තිස්සමහාරාම ප්‍රදේශයේ මේ දිනවල සංවිධානය කර තිබු බවට පලවන ඡායාරූප,  2019 වසරේ අගෝස්තු 14 දින නිකිණි පොහොය දින තිස්සමහාරාම ප්‍රදේශයේ සංවිධානයකර තිබු දන්සලක ඡායාරූප බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.