Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?

    2022-07-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී

    ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර කරවීම හේතුවෙන්, ඊට බාධා වන අයුරින් ගාලුමුවදොර පිටියේ සරුංගල් ඉහළ අහසට නංවා ඇති බවට හැඟවෙන අයුරින් උපහාසාත්මක කෝණවලින් සටහන් පෙළක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු සිදු කළේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    එසේම ඊයේ(13) දින, ගෝඨාභය රාජපක්ෂ , ජනාධිපති ධුරයෙන් ඉවත් වන බවට කථානායක හරහා දැනුම් දී තිබු පසුබිමක, ගෝල්ෆේස් පරිශ්‍රයේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට ජනතාව එක් රැස් වුණා. 

    නමුත් ජනාධිපතිගේ ඉවත් වීම පිළිබඳ මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති අතර, ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර ඇති බවට, කතානායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් නිවේදනය කර තිබුණා. 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙලෙස වැඩබලන ජනාධිපතිවරයෙක් පත් කළ බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. මෙම පත් කිරීම සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.  එම පත්වීම පිලිබඳ ගැසට් නිවේදනය මෙතනින්

    අරගලයේ සිටින ඇතැම් කණ්ඩායම් අගමැති කාර්යාලය, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස සහ පාර්ලිමේන්තුව වැටලීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව දක්වමින්, නිත්‍යානුකුලව වැඩබලන ජනාධිපතිවරයා ලෙස තමන් කතානායකවරයා සමග එක්ව, මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම නවත්වා, තමන්ට අවශ්‍ය අයෙක් තෝරාගැනීමට අරගලකරුවන්ට අවශ්‍ය වී ඇති බව පවසමින්, හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදවා තත්ත්වය පාලනය කිරීමට, ආරක්ෂක අංශවලට භාර දෙන බව රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙලෙසින්.

    මෙවන් පසුබිමක ඊයේ (13) දිනයේදී ගාලුමුවදොර පිටියේ, සාමාන්‍යයෙන් පියාසර කරනවාට වඩා පහතින් ගමන් කළ ආරක්ෂක අංශයේ හෙලිකොප්ටර් යානයක වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු පහතින්.

    https://www.youtube.com/watch?v=Y9vGSwRQNX8

    Archived Link

    එම අවස්ථාවේ සහ වෙනත් එවැනි හෙලිකොප්ටර දර්ශන ඇතුළත් වූ වීඩියෝ දර්ශන මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී, එම හෙලිකොප්ටර් පියාසර කිරීමට බාධා වන අයුරින් අරගල භූමියේ ඉහළ අහසේ සරුංගල් යැවූ බවට දැක්වෙන ඡායාරූපයේ ආකාරයක්, සමාජ මාධ්‍ය පරිශිලකයින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළවූ සජීවි වීඩියෝවන්හි හෝ දැක ගන්නට නොලැබුණි.

    එමෙන්ම අරගල භූමියේ රැඳී සිටි කිහිප දෙනෙකුගෙන්  අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ ද, ගාලුමුවදොර පිටියේ ඉහළ අහසේ සරුංගල් යැවීමක් ඊයේ(13) සිදු නොවූ බවයි.

    එම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, එම අවස්ථාව, 2016 වසරේ, අගෝස්තු 21 වන දා “දෙරණ” මාධ්‍ය ජාලය විසින් ගාලු මුවදොර පිටියේ සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළියේදි ලබා ගත් ඡායාරූපයක් බවයි. ඒ පිලිබඳ පුවත් වර්තාවක මෙම ඡායරුපයම පළවූ අයුරු පහතින්.

    Dailymirror| Archived Link

    2016 වසරේගාලු මුවදොර පිටියේ පැවැත්වූ එම සරුංගල් සැණකෙළිය පිලිබඳ වීඩියෝවක් පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඊයේ (13) දිනයේ ගාලුමුවදොර පිටියේ, බිම් මට්ටමට ආසන්නයේ, පහළින් පියාසර කෙරූ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් යවා ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය, පැරණි සේයාරුවක් බවයි.

    ඊයේ දිනයේදී එලෙස සරුංගල් පියාසර කිරීමක් සිදු නොවූ බව ගාලුමුව දොර පිටියේ අරගල භූමියේ රැඳී සිටි කිහිපදෙනෙකු තහවුරු කළ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, 2016 වසරේ “දෙරණ” මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළියක දී ලබාගත් ඡායාරූපකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.