Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මෑතකදී රාගම ප්‍රදේශයේ සිදුවූ ගෑස් සිලින්ඩර් පිපිරීමක CCTV දර්ශන?

    2021-12-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිවයින පුරා සිදුවන ගෑස් සිලින්ඩර් හා ගෑස් ලිප් පිපිරීම් මාලාවට අයත් තවත් සිදුවීමක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ පළ වූ ගෑස් පිපිරීමක CCTV දර්ශනය මෑතකදී වූ සිදුවීමක් ද යන්න අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ අප නිවසේ පිපි

    දිවයින පුරා සිදුවන ගෑස් සිලින්ඩර් හා ගෑස් ලිප් පිපිරීම් මාලාවට අයත් තවත් සිදුවීමක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ පළ වූ ගෑස් පිපිරීමක CCTV දර්ශනය මෑතකදී වූ සිදුවීමක් ද යන්න අප කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ අප නිවසේ පිපිරුණු ගෑස් එක. වීඩියෝව අම්මා බේරුනේ අනූ නමයෙන්…😭😭😭 ඔයාලත් පරිස්සං වෙන්න. 🙏 “ යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් පසුගිය දෙසැම්බර් 01 වන දා අළුයම් කාලයේදී පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    නැරඹුම්වාර හතලිස් පන්දහසකට අධික එම වීඩියෝව මේ වන විට එක්දහස් අටසියක පමණ පරිශීලකයින් අතර සංසරණය වී තිබුණා.

    ඒ ඔස්සේ එදින මධ්‍යාහන ප්‍රධාන මාධ්‍ය පුවත් විකාශයන්හී ද මාධ්‍ය ධාරා නිල ෆේස්බුක් පිටු හා නොයෙකුත් ෆේස්බුක් පිටු හරහාද ගෑස් පිපිරීම සම්බන්ධයෙන් වීඩියෝවක් පළ කර තිබුණේ මෑතකදී සිදු වූ ගෑස් පිපිරීමක CCTV දර්ශන යනුවෙනි.

    Facebook 

    Youtube

    Youtube

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව පළ කළ වීඩියෝ සටහන සඳහා ඇතමුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙහි මුල් වීඩියෝව සොයා අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, එම වීඩියෝව 2018 වර්ෂයේ ජූලි 14 වන දා එම පුද්ගලයා විසින් ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද වීඩියෝවක් බවයි. ඔහු එහි සඳහන් කර තිබුණේ, 

    “ අද දිනයේදී අප නිවසේ සිදු වූ අනතුරෙන්(ගෑස් ලිප පිපිරීමෙන්) කිසිදු කරදරයක් නොවී මාගේ අම්මා බේරාදුන් දෙවියන්වහන්සේට අනේක වාරයක් ස්තූති ප්‍රශංසා කරමි. “  යනුවෙනි.

    එමෙන්ම CCTV දර්ශනයේද, 2018 ජූලි 14 වන දා ලෙසද, සනිටුහන් වී තිබුණා. ඒ අනුව එය එදින වූ සිදුවීමක් බවට පැවසිය හැකියි. එම වීඩියෝව පහතින්.

    https://www.facebook.com/nimala.lakshitha/posts/10156751239342280

    Archived Link| Archived Link

    මෙම වීඩියෝව මෑතකදී පළ කරන ලද වීඩියෝවක් ලෙස දින වකවානුවක් සඳහන් නොකර නැවත පළ කිරීමෙන් මෙලෙස ජනතාව නොමග ගොස් තිබුණ බවට උපකල්පනය කළ හැක.

    Archived Link

    මෙම වීඩියෝව ප්‍රධාන මාධ්‍ය ධාරා මෑතකදී වූ සිදුවීමක් ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් ද ඔහු එම වීඩියෝ සටහනට අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    රාගම ප්‍රදේශයේ මෑතකදී වූ ගෑස් සිලින්ඩර් පිපිරීම් සහ ගෑස් ලිප් පිපිරීම සම්බන්ධයෙන් විමසීමට අප රාගම පොලීසියෙන් විමසීමක් සිදු කළා.

    ඔවුන් සඳහන් කළේ, එවැනි සිද්ධීන් දෙකක් පමණක් මේ වන විට වාර්තා වී ඇති බවයි.

    දිනපුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණ ගෑස් සිලින්ඩර් පුපුරා යෑම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මේ දිනවල ඒ සඳහා පත් කළ කමිටුව මගින් විමර්ශනය කරන අතර  කමිටු වාර්තාව ඉදිරි දෙසතිය ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ පුවත් වාර්තා මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශන වලින් පෙන්වා දිය හැක්කේ,මෑතකදී රාගම ප්‍රදේශයේ සිදුවූ ගෑස් සිලින්ඩර් පිපිරීමක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා වලද, පළ වූ වීඩියෝව 2018 වර්ෂයේ වූ සිදුවීමකි. කරුණු විමර්ශනය නොසොයා වාර්තා කිරීම හේතුවෙන් මෑතකදී දිවයින පුරා සිදුවන ගෑස් සිලින්ඩර්, ලිප් පිපිරීම් මාලාවට අයත් සිදුවීමක් ලෙස ජනතාව නොමග ගොස් තිබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.