Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ගම්පහ දුම්රිය ස්ථානයේ මෑතක දක්නට ලැබුණු තදබදයක් ද?

    2021-05-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට

    කෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා.

    නමුත් ඇතැම් පිරිස් විසින් ජනතාව බිය වැද්දීමට හෝ වෙනත් අර්ථකථනයක් ලබා දීමේ අරමුණින් පැරණි ඡායාරූප නැවත පළ කරමින් සිටින බව ද අපට අනාවරණය වුණා. ඒ පිළිබඳව කරුණු අනාවරණයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    දේශපාලුවා නම් ෆේස්බුක් පිටුවේ, ප්‍රායෝගිකව මීටරෙන් ඉන්නෙ කොහොමද කියන එකට හොඳම නිදසුන් යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් පළවී තිබුණා. දුම්රියේ එන්ජිම කොටසේත් සෙනඟ බහුල වශයෙන් සිටින ආකාරයක් එහි පෙනුනම් කරනවා. එහි සටහන් කර ඇත්තේ,

    “ ඉන්දියාව නෙමේ මේ අද උදේ ගම්පහ”

    “මේ ට්‍රිප් එකක් නෙමේ යන්නේ, ජීවිත අවධානමත් අරගෙන රස්සාවට යන්නේ, මිනිසුන්ගේ ඡන්දෙන් පත් වෙලා ඇමතිකම් අරගත්තු උඹලට හෙන ගහනවා බොලව් ” යනුවෙනි.

    Facebook | Archived Link

    ඉන්ස්ටග්‍රෑම් හරහා ද එම සටහන හුවමාරු වී තිබු අතර බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ ආකාරයක් පෙනී ගියා.

    Instagram | Archived

    සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ එම සටහන හුවමාරු වී තිබූ අයුරු පහතින්

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ පිලිබඳ පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම සටහන් සඳහා මුල් වී තිබුනේ 2018 වර්ෂයේ සයිවර් කඩේ නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබු සටහනක් බවයි.  Amila Nirmal නැමැත්තෙක් විසින් ලබා ගත් බවට සඳහන් කරමින් එම පිටුවේ දක්වා ගම්පහ දුම්රිය ස්ථානයේ යයි පෙන්වා තිබු ඉහත ඡායරුපයම සහිත සටහන පහතින්. 

    Facebook | Archived Link

    මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 22000කට අධික පිරිසක් අතර මෙම සටහන සංසරණය වී තිබෙනවා. එම සටහන මේ වන විට නැවත හුවමාරු කර ගැනීමට හේතුව ලෙස සඳහන් කළ හැක්කේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ දුරස්ථ භාවයක් නොමැතිව මුඛ ආවරණ නොමැතිව ජනතාව හැසිරෙන ආකාරය බවට හැඟවීම බව බැලූ බැල්මට පෙනුනි. 

    එමෙන්ම මේ සටහනේ දක්වා ඇති “ඉන්දියාව නෙමෙයි මේ අද ගම්පහ” යනුවෙන් සඳහන් කර ඇති නිසා ඉන්දියාවේද මේ වන විට පවතින කෝවිඩ් වසංගතය හමුවේ මුහුණ පා ඇති ඉරණමද ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද නිතර නිතර සංසරණය වන බැවින් ඉන්දියාව මෙවන් ඛේදවාචකයට මුහුණ පා තිබියදීත් මෙරට ජනතාව හැසිරෙන අන්දම පිළිබඳව දැක්වෙන ඡායාරූපයක් බවට සිතීමේන් පරිශීලකියන් නොමග යෑමක් දක්නට තිබුණා.  

    කෙසේවෙතත් බොහෝ දෙනා විසින් මෙය 2018 වසරේ සටහනක් බවත් නැවත මෑතක සිද්ධියක් ලෙස හුවමාරු වීම හෙළා දකින බවටත් ප්‍රතිචාර දක්වා තිබුණා.

    එසේනමුත් මෙම සටහන වෙනත් ගිණුමකට හෝ පිටුවකට හුවමාරු කර ගැනීමේදී වර්ෂය පිළිබඳ දැක්වෙන්නේ නැත. ඒ හේතුවෙන් පරිශීලිකයින් මෙම සිදුවීම මෑතක සිදු වූවක් ලෙස වරදවා වටහාගෙන ද තිබුණා.

    මෙහි දැක්වෙන ඡායාරූපය ගම්පහ දුම්රිය ස්ථානය වන නමුත් මෙය “අද ගම්පහ” ලෙස අර්ථකතනය කිරීමෙන් මෙම අනවබෝධය ඇති වී තිබුණි.

    ගම්පහ දුම්රිය ස්ථානයේ වෙනත් ඡායාරුපයක් (2017) සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපය සංසන්දනය කිරීම්දී එය ගම්පහ දුම්රිය ස්ථානයම බව පෙනී ගියා. එම සංසන්දනය පහතින්.

    ඉහත සටහනේ ඡායාරූපයේ දැක්වෙන පරිදි 2018 වර්ෂයේ ජූලි මස මගීන්ගෙන් පිරී තිබුණේ, අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ  සියලුම දුම්රිය ප්‍රමාද වූ නිසා ඇති වූ තදබදය හේතුවෙනි. මේ පිළිබඳව දැක්වෙන වෙබ් වාර්තාවක් මෙතනින්.

    එසේම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුප ඇතුළු ඡායාරුප පෙළක් “දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ධාවනය වූ දුම්රියයන්හි එන්ජිමෙහි පවා ඉතා අවධානම්ව මගීන් ගමන් ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ජාලවල මේ අයුරින් සටහන්ව තිබුණා” යන විස්තරක් සහිතව නෙත් පුවත් මඟින් වාර්තා කර තිබු වාර්තාව පහතින්.

    NethNews | Archived 

    කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය මගින් සීමා වීම හේතුවෙන් දෛනිකව අඩු මට්ටමක තිබූ ආදායම පසුගිය උත්සව සමයේ ඇතැම් දිනවල දෛනිකව රුපියල් මිලියන 13 ද ඉක්මවූ බවට මෙවැනි වාර්තා ද  පලවී තිබුණා. කෙසේවෙතත් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් බොහෝ දෙනෙක් සේවයට වාර්තා නොකිරීම වැනි හේතු නිසා අවුරුද්දෙන් පසු රැකියා බලා පැමිණි ජනතාව සහ අවුරුදු ගමන් බිමන් යාම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි පීඩාවකට පත්වූ බවට ද වාර්තා පළවී තිබුණා

    එසේම නැවතත් කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමඟම බොහෝ දුර ගමන් දුම්රිය සේවා තාවකාලිකව අවලංගු කළ බවට පළවූ වාර්තාවක් මෙතනින්

    Update : කෙසේ වෙතත් කිසිදු සිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඊයේ (06) දහවල් හදිසියේම දුම්රිය ගමන් වාර විසිදෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කිරීම හේතුවෙන් නිවෙස් කරා යන ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණේ මෙලෙසිනි.

    Facebook | Archived Link

    (මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

    Conclusion (අවසාන නිගමනය):

    මේ අනුව පෙනී යන්නේ මෑතක ගම්පහ දුම්රිය ස්ථානයේ ඡායාරුපයක් ලෙස හුවමාරු වන ඡායාරුපය 2018 වසරේ බදුල්ලේ සිට කොළඹට ධාවනය වූ දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මඟීන් මුහුණපා සිටි අසීරු තත්වයක් පෙන්නුම් කල බවයි.

    කෝවිඩ් වසංගතය හමුවේ ජනතාව නොමග යැවීම සඳහා මේ දිනවල දුම්රිය ගමනාගමනයේ සිදුවූ තදබදයක් ලෙස නැවත සමාජ මාධ්‍ය ඔස්සේ එම සේයාරුව හුවමාරු වී තිබෙන බව පෙනී යනවා.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ගම්පහ දුම්රිය ස්ථානයේ මෑතක දක්නට ලැබුණු තදබදයක් ද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.