Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාලිමාවෙන් හෝ සමගි ජන බලවේගයෙන් මැතිවරණ ප්‍රචාරණයට බස් රථ යොදවා තිබූ අයුරු ද? (PHOTO)

    2023-02-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවට සමගාමීව සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් පළ කිරීමේ ප්‍රවණතාවන් වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවට සමගාමීව සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් පළ කිරීමේ ප්‍රවණතාවන් වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස වැරදි අර්ථකතනයක් ලබාදෙමින් ජනතාව නොමග යා හැකි ලෙස පළ කර තිබූ ඡායාරූප සටහනක් සම්න්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි, මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මුළු ගමම මාලිමාවට බස්වලින්” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

    එම ඡායාරූපයෙන් හඟවා තිබුණේ, බස් රථ විශාල සංඛ්‍යාවකින් ගම් වලට පැමිණ මැතිවරණ ප්‍රචාරණය සිදු කරන බවයි.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම ඡායාරූපය සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම ඡායාරූපය මාලිමාවේ මැතිවරණ ප්‍රචාරණයේ අවස්ථාවක ඡායාරූපයක් බවයි.

    එමෙන්ම සමගි ජන බලවේගය විසින් ද, මැතිවරණ ප්‍රචාරණය සිදු කරන අවස්ථාවක් ලෙස ඉහත ඡායාරූපය පළ කර තිබූ තව ත් අවස්ථාවක් පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    එකම ඡායාරූපය පක්ෂ දෙකක මැතිවරණ අවස්ථා ලෙස දක්වා තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගැනීමට හැකි වූයේ, 2018 වර්ෂයේ පළ කර තිබූ බස් රථ මාර්ග සංදර්ශනයක (ROAD SHOW) ඡායාරූප පෙළකින් එක් ඡායාරූපයක් ලෙස මෙම ඡායාරූපය පළ වී තිබූ බවයි.

    Facebook | Archived Link

    2018 වර්ෂයේ ජනවාරි 23 වන දා මෙම ඡායාරූප පළ කර තිබූ අතර එහි සඳහන් වී තිබුණේ, “VIKUM CREATION  ROAD SHOW” ලෙසයි.

    “VIKUM CREATION” නම්  බස් රථ නව පෙනුමකින් අලුත්වැඩියා සිදු කරන(Bus Modification) ආයතනයක සමාරම්භය සනිටුහන් කරමින් අලුත්වැඩියා සිදු කර තිබූ බස් රථ වලින් මාර්ග සංදර්ශනයක් 2018 වසරේ ජනවාරි 22 වන දා සංවිධානය කර තිබුණා. ඒ බවට එම ආයතනය විසින් පළ කළ ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

    එමෙන්ම එම බස් රථ මාර්ග සංදර්ශනයේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    අප මේ පිළිබඳව “VIKUM CREATION” අධිපති විකුම් පටබැඳිගෙන් දුරකතන මාර්ගයෙන් විමසා සිටියා.

    ඔහු තහවුරු කළේ, මැතිවරණ ප්‍රචාරණ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ එම ඡායාරූපය 2018 වසරේ ඔහු විසින් සංවිධානය කළ බස් රථ මාර්ග සංදර්ශනයේ අවස්ථාවක් බවයි.

    සැ.යු : අප මෙම කරුණු පරීක්ෂාව මගින් සිදු කරනු ලබන්නේ, ඉහත ඡායාරූපය මැතිවරණ ප්‍රචාරණයක් සඳහා මිනිසුන් රැගෙන ගිය අවස්ථාවක් නොවන බවට පමණී. මෙම ලිපිය මඟින් බස් රථ යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරණයන් සිදු වන්නේ නැති බවක් අප කිසිඳු ලෙසකින් පවසා නැහැ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බස් රථ යොදවා ඇති බවට හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වූ ඡායාරූපය 2018 වර්ෂයේ, විකුම් ක්‍රියේෂන් නම් ආයතනයක් විසින් සංවිධානය කර තිබූ මාර්ග සංදර්ශනයක ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.