Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අගමැති ධුරයට පත්වීමේ සතුටට නර්ථනයක යෙදෙන රනිල් ?

    2022-05-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරය

    මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ කරුණු දක්වෙමක් මෙලෙසින් .

    සමාජ ජාලා සටහන්

    රනිල් වික්‍රමසිංහ මහතා කාන්තාවක සමග නර්ථනයක යෙදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලා වලට එක්කර තිබුණේ පහත අයුරින් . එමගින් පෙන්වීමට අදහස් කර තිබුණේ, අගමැති ධූරය හිමිවූ මැයි 12 වනදා රාත්‍රියේදී ඔහු මේ ආකාරයට නර්ථනයේ යෙදී සිය සතුට සැමරූ බවක් .

    “අගමැති කම හිමිවීමෙන් පසුව රනිල් සිය සතුට සැමරූ ආකාරය”, ලෙස සමාජ ජාලා වල වීඩියෝවක් පැතිර තිබුණේ මේ අයුරින්.

    Facebook

    එම වීඩියෝව වෙනත් ෆේස්බුක් පිටුවලද පැතිර තිබුණේ මේ අයුරින් .

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    රනිල් සහ අයිරාංගනී සේරසිංහ මහත්මිය නර්තනයක යෙදෙන මෙම වීඩියෝව මීට වසර කිහිපයකට ද පෙර බොහෝ දෙනා අතර හුවමාරු වූ බැවින් මෙහි මුල් අවස්ථාව සොයා බැලීමට අප කටයුතු කළා.

    2018 ජනවාරි මස රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින්ද සමාජ ජාල වෙත මෙම වීඩියෝව එක්කර තිබුණු බවත් අපට පැහැදිලි වුණා. “ගරු අගමැතිතුමා තුළ සිටිනා සුන්දර කලාකරුවා එළියට ආපු මොහොතක්,අයිරාංගනී සේරසිංහ මහත්මිය සමඟ ලස්සන නර්තනයක්” තේමාවෙන් එකල රන්ජන් පළකර තිබු වීඩියෝව පහතින්

    Facebook

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වූ වීඩියෝව මුල් වීඩියෝ ආපසු වාදනය වන ලෙස (reverse) සකසා පළකර ඇති බව ද පෙනී යනවා.

    එම අවධියේ දී බොහෝ දෙනා අතර හුවමාරු වූ මෙම වීඩියෝව පිලිබඳ වාර්තාවක් මෙතනින්. මෙහිදී සිය ඥාති පුතු අගමැති වික්‍රමසිංහ හා නර්තනයේ යෙදීම පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ විසින් අගමැතිවරයා හඳුන්වනු ලැබුවේ “සිනා වෙන්නත් පුළුවන්, අඬන්නත් පුළුවන් සාමාන්‍ය මිනිසෙකු” ලෙසින්.

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මැයි මස 12 දා සවස අගමැතිධූරයට පත්වූ පසු මෙවැනි සාදයකට සම්බන්ධව නර්ථනයේ යෙදුණු බවට මාධ්‍ය වාර්තා හෝ පළව නොතිබුණු අතර ඔහු අගමැති ධූරයට පත් රාත්‍රියේදී බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට ගොස් ආගමික ආශිර්වාද ලබාගත් බවනම් සදහන්ව තිබුණා. ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් .

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූවේ රනිල් අගමැති ධුරයට පත්වීමෙන් පසු යෙදෙන නර්තනයක් ලෙස උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන්නේ 2018 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් හුවමාරු වූ වීඩියෝවක් බවයි. එවකට ද අගමැතිව සිටි රනිල් ප්‍රකට රංගන ශිල්පිණියක් සහ සිය ඥාතියකු වන අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග නර්ථනයේ යෙදෙන අයුරු එමගින් නිරූපණය වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-05-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.