Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවක් ද?

    2024-04-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 අප්‍රේල් 8 වන අද දින පූර්ණ සූර්යග්‍රහණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් පසුවනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් පළ වන අතර, එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ වි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 අප්‍රේල් 8 වන අද දින පූර්ණ සූර්යග්‍රහණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් පසුවනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් පළ වන අතර, එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප්‍රේල් 08 වන සඳුදා අද දින පූර්ණ සූර්යග්‍රහණය මෙක්සිකෝවේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රදේශවලින් දිස්වනු ඇති අතර  එය දේශීය වේලාවෙන් පෙරවරු 11:07 ට (GMT 18:07) වයඹ දිග මෙක්සිකානු ප්‍රාන්තයේ සිනාලෝවා හි Mazatlan හි මහාද්වීපික උතුරු ඇමරිකාවට ඇතුළු වනු ඇත. එය දේශීය වේලාවෙන් සවස 5:16 ට (19:46 GMT) කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් අත්ලාන්තික් වෙරළ තීරයෙන් මහාද්වීපයෙන් පිටව යනු ඇත.

    එක්සත් ජනපදයේ, ග්‍රහණය ටෙක්සාස් ප්‍රාන්තයට දේශීය වේලාවෙන් පස්වරු 1:27 ට (GMT 18:27) ඇතුළු වන අතර දේශීය වේලාවෙන් පස්වරු 3:35 ට (GMT 19:35) මේන් නගරයෙන් පිටවේ.

    එය මිනිත්තු කිහිපයක් පමණක් පවතිනු ඇති අතර, එය දෘශ්‍යමාන වන නිශ්චිත කාලය රඳා පවතින්නේ ඔබ එහි ගමන් මගේ සිටින ස්ථානය මත ය.

    එය මිනිත්තු කිහිපයකට පසු නිව් යෝර්ක් හි බෆලෝ වෙත ළඟා වනු ඇත: එහිදී, සමස්තය දේශීය වේලාවෙන් පස්වරු 3:18 ට (19:18 GMT) ආරම්භ වී සවස 3:22 ට (19:22 GMT) අවසන් වේ‍.

    අර්ධ සූර්යග්‍රහණයක් සඳුදා පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන් පෙර සහ පසු දර්ශනය වනු ඇත. 

    ඉන්දියානු සම්මත වේලාවට (IST) අනුව, පූර්ණ සූර්යග්‍රහණය අප්‍රේල් 8 වන දින රාත්‍රී 9:12 ට ආරම්භ වන අතර, සම්පූර්ණත්වය රාත්‍රී 10:08 ට ආරම්භ වන අතර, 2024 අප්‍රේල් 9 වන දින පෙ.ව 2:22 ට අවසන් වේ

    සම්පූර්ණ සූර්යග්‍රහණය කාලසීමාව සිදුවීම පැය දෙකහමාරක් පමණ ගතවනු ඇත, නමුත් සම්පූර්ණ කාලය පවතින්නේ මිනිත්තු හතරක් පමණි. නාසා ආයතනයට අනුව, උච්ච දර්ශනය සම්පූර්ණ අන්ධකාරයේ මාවතේ මිනිත්තු 4 තත්පර 27ක් දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සම්බන්ධ වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව අද දින (08) දැක ගන්නට ලැබෙන සූර්ය ග්‍රහණය මෙතෙක් වයඹ දිග මෙක්සිකානු ප්‍රාන්තයේ සිනාලෝවා හි Mazatlan හි මහාද්වීපික උතුරු ඇමරිකාවට මෙන් ම කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් අත්ලාන්තික් වෙරළ තීරයේ අයට පවා මෙතෙක් දැක ගැනීමේ අවස්ථාව නොලැබෙන බව ට තහවුරු වේ. 

    කෙසේ වෙතත් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකා වාසීන්ට පියවි ඇසින් දැක ගන්නට වරම් නොලැබේ. 

    Also Read : 2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

    සමාජ මාධ්‍ය ජාලා වීඩියෝව

    ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී තහවුරු වූයේ ඉහත වීඩියෝව 2019 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ වීඩියෝවක් බවයි.

    Archived Link

    එමෙන් ම එම වීඩියෝවේ සඳහන් වන්නේ, චිලී රාජ්‍යයේ සහ ආර්ජන්ටිනාවට දිස් වූ 2019 වසරේ ජූලි 03 වන දා සිදුවූ පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවකි. 

    Also Read : කොස්මික් කිරණ බලපෑම සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ සටහනක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අප්‍රේල් 08වන අද දිනට යෙදී ඇතී සූර්යග්‍රහණයේ වීඩියෝවක් බවට දක්වමින් පළ වන වීඩියෝව 2019 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් බවයි.

    Also Read : 2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවක් ද?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.