Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?

    2021-03-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්‍රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්. පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන ස

    වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්‍රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්.

    පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සිංහරාජ, නෙළුව,දෙගල්ල කඳු වැටියේ යැයි හැඟවෙන ඡායාරූපයක් රැගත් සටහනක් මේ දිනවල නැවතත් ජනතාව නොමගයවන සුළු ආකාරයෙන් හුවමාරු වන බව අපට දැකගන්නට ලැබුණා. 

    සමාජ මාධ්‍ය සටහන්:

    හරිත ශක්ති – The Green Foundation නම් ෆේස්බුක් පිටුවක හුවමාරු කරගෙන තිබු ඡායාරුපයක දැක්වුණේ, මේ මොහොත වනවිට නෙළුව සිංහරාජ දෙගල්ල කඳුවැටිය අපිට අහිමි වෙමින් පවතියි, මාධ්‍ය සහ බලධාරීන්ට නෙත ගැටෙන තුරු මෙය බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.

    Facebook | Archived Link  Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ, 2019 වර්ෂයේදී මෙම සටහන සහිත ඡායාරූපය අප මිතුරෝ ෆේස්බුක් පිටුවේ එරන්ද සමරකෝන් නමැති අයෙක් පළ කර ඇති බවයි. එමෙන්ම එම සටහන විශාල වශයෙන් ෆේස්බුක් පරිෂීලකයින් විසින් හුවමාරු කරගෙන තිබුණා. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන 2019 වර්ෂයේ හුවමාරු වූ ඡායාරූපයක් බවට තහවුරු වන්නේ ෆේස්බුක් වෙතට එම ඡායාරූපය එක් කළ වර්ෂය පෙන්නුම් කෙරෙන නිසාවෙනි. 

    තවදුරටත් මේ පිළිබඳව කළ විමර්ශනයේදී අපට දැකගත හැකි වූයේ  නිෂාන් මධුෂාන් යන පුද්ගලයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කරමින් පවසා තිබුණේ, මෙම සටහනේ මුල් අයිතිකරු වන නිෂුවා යන අන්වර්ථනාමයෙන් හැඳින්වූයේ තමා බවත් එම සටහන ඔහු 2019 වර්ෂයේදී මුහුණු පොතට එක් කළ බවත්ය. එම සටහන පහතින්.

    “මෙය 2019 එකක් බවත් මෙය #මා විසින් නිර්මාණය කර සමාජ මාධ්‍යට හරහා ප්‍රචාරය කළ එකකි. නැවත වරක් මෙය සමාජ මාධ්‍ය හරහා වර්තමානයේ වන සිදුවීමක් බවට හුවා දැක්වීම නින්දිත ක්‍රියාවකි. කිසියම්

    පිරිසකගේ උත්සාහයක් සහ රජය අපහසුතාවයට පත් කිරීමට ගන්න උත්සාහයක ප්‍රතිඵලයක්ය. සියලු දෑ අතර මෙවැනි ආකාරයක අසත්‍ය ප්‍රචාරද ඇත. ප්‍රතමයෙන් බෙදාහැරීමට පෙර එහි සත්‍ය අසත්‍ය තාවය සොයා බැලීමට කටයුතු කරන්න ස්තූතියි.

    -නිෂුවා-”

    Facebook | Archived Link

    කෙසේවෙතත් නෙළුව ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිතය ආසන්නයේ සිදුවන බව පැවසෙන වන සංහාරයන් පිලිබඳ පසුගිය කාලය පුරාවටම පරිසරවේදීන් හඬක් නඟා තිබු බවත් දැක ගන්නට ලැබුණා.

    පසුගියදා එසේ පළවූ වාර්තාවක් පහතින්.

    Mawbima | Nethnews

    Conclusion (අවසාන නිගමනය)

    අප කළ විමර්ශනය අනුව තහවුරු වන්නේ මෙම සටහන මෑතකදී පළ කළ සටහනක් නොවන බවයි. එම ඡායාරුපය අයත් සටහන මුලින්ම 2019 වර්ෂයේ හුවමාරු වී තිබුණා.  මේ අනුව වර්තමානයේ දැඩි වශයෙන් කතා බහට ලක්වන වන සංහාර පිලිබඳ කතිකාවතට සමගාමීව මෙම ඡායාරූපයද නැවත වරක් නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වන බවක් පෙනී යනවා. කෙසේවෙතත් සිංහරාජ රක්ෂිතය මායිම් ප්‍රදේශවල සිදුවන වන සංහාරයන් පිලිබඳ බොහෝ පරිසරවේදීන් දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Missing Context

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.