Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිසේ ශල්‍ය කර්මයක් සඳහා බාචි සුසාන් මේ දිනවල රෝහල් ගත කරලද?

    2022-05-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනප්‍රිය ගායන ශිලපී බාචි සුසාන්, ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා රෝහල් ගත කර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රසික හදවත් දිනාගත් බාචී සුසාන්ගේ හිසේ ඇති වූ ආබාධයක් හේ

    ජනප්‍රිය ගායන ශිලපී බාචි සුසාන්, ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා රෝහල් ගත කර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රසික හදවත් දිනාගත් බාචී සුසාන්ගේ හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයට ලක් කර ඇත. ඔහුට අපි ඉක්මන් සුව පතමූ…!” යනුවෙන් සඳහන් කරමින් ගායන ශිල්පී බාචී සුසාන්ගේ ඡායාරූපයක් ද ඇතුළත් කරමින් ෆේස්බුක් සටහනක් පසුගිය දින කිහිපයේ දී සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන මේ දිනවල සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    සත්‍ය වශයෙන්ම ඔහු මේ දිනවල ශල්‍ය කර්මයට ලක් කරාද යන්න අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක පුවත් පළ වී ඇත්ද යන්න නිරීක්ෂණයක යෙදුණා.

    ඒ අනුව මෑතකදී මේ සම්බන්ධ කිසිදු තොරතුරක් වාර්තා නොවූවත්, 2019 වසරේදී ගායන ශිල්පී බාචී සුසාන්ගේ හිසේ ඇති වූ අබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදු කළ බවට පුවත් වාර්තා පෙන්වා දී තිබුණේ මෙලෙසින්. 

    Archived Link

    එමෙන්ම 2019 වසරේ මේ පුවත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

    එමෙන්ම බාචි සුසාන්ගේ නිල ෆේස්බුක් පිටුවේද මේ පිළිබඳ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    කෙසේ වෙතත් මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප ප්‍රවීන ගායන ශිල්පී බාචි සුසාන්ගෙන් මේ පිළිබඳව දුරකතන මාර්ගයෙන් විමසීමක් සිදු කළා.

    ඔහු සඳහන් කළේ, 2019 වර්ෂයේ තමන් ශල්‍යකර්මට භාජනය වූ අතර එම අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය නැවතත් මේ දිනවල සංසරණය වන බවයි. තමන් මේ වන විට පූර්ණ සුවයෙන් පසුවන බවත්, ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ ගායන ශිල්පී බාචි සුසාන් 2019 වසරේ ශල්‍ය කර්මයක් සඳහා රෝහල් ගත කළ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක්, ඔහු මේ දිනවල ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වන බවයි. ඔහු මේ වන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අප කළ විමසිමේදී සඳහන් කළා. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.