Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

    2022-08-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්ව

    ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා

    ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු උත්සව අවස්ථා ගණනාවකට , චාරිකා කිහිපයකට සම්බන්ධ වූ අතර නුවර දී ජනාධිපති රනිල්ට ජනතාව විසින් මෑතකදී හු තබන ආකාරය නිරුපණය වන වීඩියෝවක් ලෙස සදහන් කරමින් වීඩියෝවක් සමාජ ජාල තුළ හුවමාරු වෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර මහනුවර සංචාරයක නිරත වුයේ දළදා සමිදුන් වැද පුදා ගැනීමට සහ මල්වතු අස්ගිරි ස්වාමින් වහන්සේලා මුනගසිමට යි. එම සංචාරය අතතුරදී පිරිසක් ඔහුට හු තැබූ බවට හැගවෙනසේ වීඩියෝ පළව තිබුණේ මෙලෙසින් .

    “කොහොමද කැකිල්ලේ රජතුමාට නුවරින් ලැබුණු හු සංග්‍රහය ….ආදරෙයි පැලෙන්න නුවර කොල්ලෝ කෙල්ලෝ ටිකට .”

    Facebook

    එම වීඩියෝ ෆේස්බුක් වල ව්‍යාප්තව පැවති ආකාරයයි මේ .

    විවිධ සිරස්තල සහිතව මෙම වීඩියෝ එක්කර තිබුණා. ඇතැම් වීඩියෝ සටහන් “රනිල් ට හු කියයි” යනුවෙන් පමණක් සඳහන් කරමින් මෙම වීඩියෝ පළකර තිබුණ ද එම සටහන් මඟින් උත්සාහ කර තිබුනේ මෙය ජනපති රනිල් වික්‍රමසිංහට මෑතකදී එල්ලවූ විරෝධයක් බව පෙන්වීමටයි. එම සටහන් සඳහා ලැබී තිබු ප්‍රතිචාර තුළින් ද ඒ බව පෙනී යනවා.

    එසේම මෙම වීඩියෝවේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රතු පැහැති පලස එළා ඇති ප්‍රදේශයට පිටින් ගමන් කරන බැවින් මෑතක දී , ජනපති ධුරයට පත් වීමෙන් පසු ලබාගත් වීඩියෝව ක් නොවන බව ද අනුමාන කල හැක

    මෙහි මුල් දර්ශන පරීක්ෂා කිරීමට අප කරුණු විමර්ෂණයක් සිදුකළා

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම සොයා බැලුවේ ජනපතිවරයාට මෙවැනි විරෝධයක් මෑතකදී එල්ලවූ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදවයි. නමුත් එවැනි වාර්තා අපට දැකගැනීමට හැකිවුයේ නැහැ.

    ඉන් අනතුරුව අප ජනපතිවරයා නුවර සංචාරයේ යෙදුනු වීඩියෝ නිරීක්ෂණය කළා.එහිදී ඔහු හැද සිටි ඇදුම් වල පැහැය සමාජ ජාලා වීඩියෝවේ ඇති ඒවාට වඩා වෙනස් .

    එම වීඩියෝවක්  පහතින්. 

    ඉන්පසුව, අප ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද මේ පිලිබදව විමසා බැලුවා. ඔවුන් පැවසුවේ සමාජ ජාලාවල විඩියෝවල දැක්වෙන ආකාරයේ සිදුවීමකට ජනාධිපතිවරයා මෑතකදී මුහුණ නොදුන් බවයි.

    මෙම සිදුවීම කුමක්දැයි සොයා ගැනීමට අප සමාජ ජාලා වල හුවමාරු වු වීඩියෝවේ රූප රාමු නිරීක්ෂණය කළා.

    එහිදී අපට දක්නට ලැබුණේ මෙය 2019 නොවැම්බර් මාසයේ සිට අන්තර්ජාලය හරහා හුවමාරුවන වීඩියෝවක් බවයි. එම වීඩියෝවල සදහන් තොරතුරු විශ්ලේෂණය කල අපට හෙළිකර ගැනීමට හැකිවුවේ මෙය අනුරාධපුර රුවන්වැලිසෑය ආසන්නයේදී ලබාගන්නා ලද වීඩියෝවක් බවයි. 

    ඒ 2019 ජනාධිපතිවරණ මැතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා, රුවන්වැලිසෑය අභියසදී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදි එම අවස්ථාවට සහභාගිවීමට ගිය 2015-2019 යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ව සිටි රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසට, මහජනතාව විසින් “හු” තබන ආකාරය බවයි.

    2019 නොවැම්බර්හි පලවූ මෙම වීඩියෝව පහතින් .

    Archived

    එම අවස්ථාවම වෙනස් කෝණයකින් ලබාගත් වීඩියෝවකි මේ .

    රුවන්වැලිසෑය අසල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවට එවක ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියෙක් වූ රනිල් වික්‍රමසිංහ සහභාගිවූ බවට සදහන් සදහන් වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived

    මීට පෙර ද 2019 නොවැම්බර් මස, හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දුන් අවස්ථාවට, සහභාගි වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගේ දැඩ් විරෝධයක් එල්ලවූ අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක පසුබිම් “හු” හඬ යොදා සංස්කරණය කරන ලද සටහන් පලවී තිබුණා. ඒ පිලිබඳ අප කරුණු අනාවරණයක් මෙතනින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News |TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නුවර නහරයේ දී මෑතකදී හු කියන ලද බවට හැඟවෙන සේ හුවමාරු වන්නේ 2019 වසරේ දර්ශන පෙළක් බවයි. 

    2019 නොවැම්බර් ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා, රුවැන්වැලි සෑ මහ මළුවේදී සිය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට, එතෙක් පැවති යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර ඔවුන් ට ජනතාව “හු” කියමින් සිය අප්‍රසාදය පළකර තිබු අවස්ථාවේ වීඩියෝවකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-08-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.