Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් යොදවා, දිවයින පුරා පිහිටි පාසල් වෙත “දාම් ලෑලි” බෙදීමේ වැඩසටහනක් ?

    2023-01-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා, පාසල් ඉලක්ක කරගනිමි සිදු වන වැඩසටහනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා, පාසල් ඉලක්ක කරගනිමි සිදු වන වැඩසටහනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා දිවයින පුරා පිහිටි පාසල් වෙත “දාම් ලෑලි” බෙදීමේ වැඩසටහනක් එම පක්ෂය විසින් අරඹයි යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන සංසරණය වූ තව ත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණ සභික, නලින්ද ජයතිස්ස මහතා සිටින ඉහත ඡායාරූපය, මෑතකදී ලබා ගත් ඡායාරූපයක් නොව 2020 වසරේදී ලබා ගත් ඡායාරූපයක් බවට අපට දැක ගන්නට ලැබුණා.

    ඒ, බේරුවල සාහිරා ප්‍රාථමික විද්‍යාලය සඳහා  ක්‍රීඩා උපකරණ ලබාදීමේ උත්සවයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වූ අවස්ථාවක ගනු ලැබූ ඡායාරූප එකතුවෙන් එකක් බවට අපට නිරීක්ෂණය වුණා. එම අවස්ථාව පිළිබඳව පළවූ සටහනක් පහතින්

    Facebook | Archived Link

    අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් සිදු කළේ, එම පෙරමුණ විසින් පාසල් ඉලක්ක කර ගනිමින් මෙවන් වැඩසටහන් මෑතකදී ක්‍රියාත්මක වනවා ද යන්නයි. ජවිපෙ මාධ්‍ය ලේකම් උපුල් රංජන් මහතා පවසා සිටියේ පාසල් වල මේ දිනවල මේ ආකාරයෙන් කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බවයි.

    සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘සක්වල’ වැඩසටහන යටතේ පාසල් වෙත බස් රථයක් ලබා දීමේ අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දේශපාලන වේදිකාවේ දී ද, කතාබහට ලක් වුණා. ඒ පිලිබඳ පළවූ අදහස් ද හමුවේ, ජවිපෙ විසින් මෙලෙස පාසල් වෙත දාම් බෝඩ් ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනයාමට මෙමගින් උත්සහ කර තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා දිවයින පුරා පිහිටි පාසල් වෙත “දාම් ලෑලි” බෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ ඡායාරූපය 2020 වසරේ පළ වූ ඡායාරූපයකි. එමෙන්ම ජවිපෙ මාධ්‍ය ලේකම්වරයා ද, තහවුරු කළේ, මේ දිනවල පාසල් වල කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.