Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කොරෝනා පාලනය වී ඇත්තේ රජය හරි තීන්දු ගත් නිසා බවට රෝසිගෙන් මෑතක දී ප්‍රකාශයක්?

    2021-10-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිර යාමේ මුල් අවදිය තුළ එය විශාල වශයෙන් පැතිරී යාම පාලනය කිරීමට 2020 වසරේ මැද භාගයේදී රජය සමත්වුණු අතර එය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. එම් අවධියේ දී විදෙස් වලින් පැමිණෙන පිරිස් අතරින්, නාවික හමුදා පොකුර යනාදී හැරුණු විට රට

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිර යාමේ මුල් අවදිය තුළ එය විශාල වශයෙන් පැතිරී යාම පාලනය කිරීමට 2020 වසරේ මැද භාගයේදී රජය සමත්වුණු අතර එය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. එම් අවධියේ දී විදෙස් වලින් පැමිණෙන පිරිස් අතරින්, නාවික හමුදා පොකුර යනාදී හැරුණු විට රට තුළින් කොරෝනා රෝගීන් මතුවීම ඉතා අවම අගයක තිබු අතර කොවිඩ් ආසාදිත මරණ වාර්තා වුණේ ද නැහැ.

    කෙසේ නමුත් මෑතක දී දිනපතා රෝගීන් සිය දහස් ගණනින් වාර්තා වෙමින් කොරෝනා ආසාදිත මරණ ද සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ එදා රජය පැසසූ ඇතැම් අයගේ මතය ද වත්මන වන විට වෙනස් වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් අතරතුර 2020 මැද භාගයේදී කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය විසින් දැක්වූ අදහස්  ,මේ දිනවල ඇයගේ මතය ලෙස නොමඟ යවන සුළු ආකාරයෙන් පළවන සමාජ ජාලා සටහන් පිළිබදව අප කල ගවේෂණයකුයි මේ.

    සමාජ ජාලා සටහන් :

    ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර හුවමාරු වී තිබු සටහනක ‘උන් දන්නේ ස ෆේල් ගාන්න විතරයි’ යන ශිර්ෂය යටතේ රෝසි සේනානායක මහත්මියගේ ඡායාරූපය යොදා ගනිමින් ලංකාදීප පුවත්පතේ ලාංඡනයද යටතේ මෙලෙස සටහනක් එක්කර තිබුණා. 

    “හොඳදේ හොඳයි කියන්න මා කිසිවිටෙකත් පැකිළෙන්නේ නෑ කොරෝනා පාලනය සාර්ථක වුණේ රජය හරි තීන්දු ගත් නිසයි” – කොළඹ නගරාධිපතිනි රෝසි කියයි .

    Facebook| Archived

    එම සටහන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින් 

    නගරාධිපති තනතුර රැකගැනීම සඳහා මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා ද යන්නත්, මේ පැරණි පුවතක් ද යන්නත් ඇතුළු තේමා යටතේ මෙම සටහන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විමසීම් සිදුකර තිබෙනු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    එබැවින් මේ පිලිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප මුලින්ම විමසා බැලුවේ රෝසි සේනානායක මහත්මිය සිදු කළ මෙවැනි ප්‍රකාශයක් පිළිබඳව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේද යන්නයි. එහිදී අපට අනාවරණය වූයේ ඇය 2020 මැයි මාසයේ, 26 වැනිදා කොළඹ මහ නගර සභාවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එවැනි ප්‍රකාශයක් සිදු කර තිබු බවයි. කෙසේ වෙතත් එම මාධ්‍ය හමුව පවත්වන මොහොත වන විට 2020 මැයි පළමු වැනිදායින් පසු කොළඹ නගර සභා සීමාව තුළ කිසිදු කොරෝනා රෝගියෙක් හමුවී නොමැති පසුබිමක් පැවති බව ද එහිදී ඇය පවසා තිබුණා. කෙසේනමුත් එම් අවධියේ දී වුව ද අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් කොළඹ නගරයට පැමිණෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා.

    LankadeepaWeb| Archived 

    2020 ජුලි මස දක්වා වූ කාල වකවානුව තුළ කොවිඩ් 19 පාලනයේ පිළිබද Hindavi පර්යේෂණ සගරාවේ පත්‍රිකාවක තිබූ සටහනකුයි මේ. 

    Hindawi| Archived

    2020 මැයි මස 20 වැනිදා,  “ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇති බව පැහැදිලියි…” යනුවනේ එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ විසින් 2020 ජුලි මස මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාවේ COVID-19 මර්ධන ක්‍රියාවලිය අගයමින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

    මේ අනුව මේ හේතු මත, එම අවධියේ දී ඉහත ආකරයේ ප්‍රකාශයක් කොළඹ නගරාධිපතිනිය සිදුකර තිබු බව අනුමාන කල හැක.

    කෙසේ වෙතත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් ස්වරූපයක් ගෙන තිබෙනවා. 2021 මෙම වසරේ අගෝස්තු – සැප්තැම්බර් මාස කිහිපය තුළ පමණක් කොවිඩ් රෝගීන් දහස් ගණනක් මියගොස් තිබු අතර ආසාදිත සංඛයාව ද ලක්ෂ ගණනක්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ වෙබ් අඩවියේ එම විස්තර දැක්වෙන්නේ මෙලෙසින්

    Health Promotion Bureau| Archived

    කෙසේවෙතත් රජයේ වැඩපිළිවෙල අගයමින් රෝසි සේනානායක මහත්මිය කිසියම් ප්‍රකාශයක් මෑතක දී නිකුත් කළා ද යන්න පිළිබඳව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ ජාලා හරහා  විමසුමක් සිදුකළද එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

    මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළාද යන්න විමසීමට අප රෝසි සේනානායක මහත්මියව  දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඒ මහත්මිය පැවසුවේ, මෑත කාලයේදී ඒ ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබුනේ නැති බවයි. 

    එසේම කොවිඩ්19 සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේ දී රෝසි සේනානායක මහත්මිය  නිකුත් කල ප්‍රකාශයක දැක්වෙන්නේ රට තුළ කොරෝනා තත්ත්වය අති දරුණු බැවින් කොළඹ නගරයට පැමිණීම හැකිතාක් සීමා කරන ජනතාවගෙන් සිදුකල ඉල්ලීමකි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයන බවත් මේ වනවිට මරණ ද විශාල වශයෙන් වාර්තා වන බවය. ඒ බවට පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකළ ගවේෂණයේදී අනාවරණය වූයේ රජයේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සාර්ථක බවට කොළඹ පුරපතිනිය විසින් මෑතකාලීනව ප්‍රකාශයක් කර තිබුනේ නැති බවයි. කොවිඩ් වසංගතය ලංකාවේ ව්‍යාප්තිය ආරම්භ වූ අවධියේ දී (මැයි 2020) ලංකාවේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සාර්ථක වී තිබෙන බවට සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් එය ඇයගේ වර්තමාන මතය බවට හඟවමින් හුවමාරු වෙන්නේ නොමග යවන සුලු සමාජ ජාලා සටහන් පෙළකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-10-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.