Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කතරගම පාද යාත්‍රාවේ ගිය පුද්ගලයෙකු මුහුණ දුන් වලස් ප්‍රහාරයක් ද ? (Video)

    2022-08-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කතරගම ඇසළ මහා පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එම සම්ප්‍රදායකි. මෙම පාද යාත්‍රාව අතරතුර ඔවුන් විවිධ

    කතරගම ඇසළ මහා පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එම සම්ප්‍රදායකි. මෙම පාද යාත්‍රාව අතරතුර ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගේ ආපදාවලට ද මුහුණ පෑ අවස්තාවන් පිළිබඳව ඇතැම් අවස්ථාවල දී වාර්තා වී තිබුණා.

    කෙසේවෙතත් මෙවර කතරගම පාද යාත්‍රාවේදී තරුණයෙකු වලස් ප්‍රහාරයකට මුහුණ දුන් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සත්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ, මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කතරගම පාද යාත්‍රාවේ යන කොල්ලෙක් මුහුණ දුන් ඉතා බිහිසුණු වලස් ප්‍රහාරය ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    WhatsApp ඔස්සේ එම වීඩියෝව සහ එලෙස තුවාල ලැබූ පුද්ගලයාගේ ඡායාරූප ලෙස දක්වමින් ඡායාරූපද, හුවමාරුගෙන තිබුණේ මේ අයුරින්.

    YouTube ඔස්සේද, එම වීඩියෝව පිළිබඳව පළ කර තිබුණු අයුරු පහතින්

    YouTube | Archived Link

    එම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ මේ අයුරින්. Facebook | Archived Link

    මෙම සිදුවීමේ නිරවද්‍යතාවය සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙවැනි සිදුවීමක් පිළිබඳව පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතීබත් සමඟම අප ඉහත වීඩියෝ දර්ශනයේ රූප රාමු  Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට පෙනී ගියේ එම සිදුවීම, 2020 අගෝස්තු මස 30 වන දා කාශ්මීරයේ, පූන්ච් දිස්ත්‍රික්කයේ ලෝරාන් මන්ඩි හි දී වලසෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අවස්ථාවේ වීඩියෝ දර්ශනයක් බවයි.

    Archived Link

    ගම්වාසීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා බේරාගෙන තිබෙන්නේ එම වලසා මරා දැමීම මගිනි. තුවාල ලැබූ එම පුද්ගලයා අසල රෝහලට ඇතුළත් කර ඇති අතර යවා ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව පූන්ච් දිස්ත්‍රික් රෝහල වෙත යොමු කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළේ. 

    මෙම ප්‍රහාරය හේතුවෙන් එම පුද්ගලයාගේ මුහුණ මුළුමනින්ම විකෘති කර තිබූ අතර බරපතල ලෙස තුවාල එල්ලවී තිබුණා. මේ පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් වීඩියෝවක් මෙතනින්. Archived Link | Archived Link 

    කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම කතරගම පාදා යාත්‍රවකදී මෙලෙස වලස් ප්‍රහාරයක් එල්ල වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් වාර්තා වූවාද යන්න විමසීමට අප කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශිය වාර්තාකරුවන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටි අතර ඔවුන් සඳහන් කළේ, එවැනි පුවතක් වාර්තා නොවූ බවයි.

    එමෙන්ම රුහුණු මහා කතරගම දේවාලය මාධ්‍ය ඒකකයෙන් ද, තහවුරු කර සිටියේ එවැනි එවැනි පුවතක් මෙතෙක් වාර්තා නොවූ බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ‘කතරගම පාද යාත්‍රාවේ ගිය පුද්ගලයෙකු මුහුණ දුන් ඉතා බිහිසුණු වලස් ප්‍රහාරය’ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව සහ දර්ශන පෙළක් මෙරට සිදුවීමක් හෝ මෑතක දී සිදුවීමක් නොව, 2020 වසරේ කාශ්මීරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් බවයි. 

    කතරගම පාද යාත්‍රාවේ පැමිණි කිසි වෙකුටත් වලස් ප්‍රහාරයක් එල්ල වී නොතිබුණු බවත්, එම පුවත අසත්‍ය බවත් රුහුණු මහා කතරගම දේවාලය මාධ්‍ය ඒකකය මෙන්ම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ද තහවුරු කරනු ලැබුවා.

    Also Read : FACT CHECK: කතරගම දේවාලයේ ගිනිපෑගීමේ චාරිත්‍රයට බැසිල් සහභාගි වූ අවස්ථාවක්ද?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.