Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන වීඩියෝවක් ද?

    2023-09-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යයක් වන මහනුවර ශ්‍රී දළඳා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැරට සමගාමිව ප්‍රදේශ රැසක ඇතිවූ වැසි තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යයක් වන මහනුවර ශ්‍රී දළඳා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැරට සමගාමිව ප්‍රදේශ රැසක ඇතිවූ වැසි තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා. ඒ අතර පසුගිය දින කිහිපයේ ඇතිවූ දැඩි වර්ෂාපතන තත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වක් ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නුවර පෙරහැර නිසාද මේ ? දෙවියෝ කෝප වුනාද අලින්ට හිංසා කරපු නිසා ?”  යනුවෙන් සඳහන් කරමින්, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණු වර්ශාපතනයත් සමඟ ඇතිවූ ගංවතුර තත්වයක් බව හඟවමින්, වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    එසේම මෙම වීඩියෝව ෆේස්බුක්, ටික්ටෝක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ, බොහෝ සෙයින් හුවමාරු වී තිබුනේ, අද (සැප්තැම්බර් 3) දින රඹුක්කන ප්‍රදේශයේ දී දැක ගන්නට ලැබුණු දර්ශන පෙළක් ලෙසිනි.

    මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක්ම මුල් කරගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝවේ කුමන ප්‍රදේශයකින් ලබා ගත් වීඩියෝවක් ද, යන්න සඳහන් කර නොතිබීම හේතුවෙන් අප මෙම වීඩියෝවෙන් ලබා ගත් රූප රාමු, Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව මෙම වීඩියෝව මහ නුවර දළදා මාලිගාව පෙරහැරෙන් පසු මෑතකදී වූ සිදුවීමක් නොව 2021 වර්ෂයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බව අනාවරණය වුණා.

    වීඩියෝවෙන් දැක්වෙන්නේ, 2021 වසරේ නොවැම්බර් මස 09 වන දා උදෑසන, රඹුක්කන – පොල්ගහවෙල අතර දුම්රිය මාර්ගය, මහ ඔය වතුර පිටාර ගලා යෑම හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත්, එය රඹුක්කන සිට කොටුව බලා ගමන් කරන දුම්රියේ සිට ලබා ගත් වීඩියෝවක් බවත් විස්තර කර තිබු සටහනක් පහතින්.

    Facebook| Archived Link

    මෙම වීඩියෝව 2021 වර්ෂයේ සංසරණය වූ තවත් අවස්ථා මෙතනින් සහ මෙතනින්.

    මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන්නේ වසර දෙකකට ආසන්න පැරණි සිදුවීමක් වුවත්, මෑතකදී මෙවන් ගංවතුර තත්ත්වයක් ඇති වූ තිබුණා ද, යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප රඹුක්කන දුම්රිය ස්ථානාධිපතිගෙන් මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, මේ වකවාණුවේ එතරම් වර්ෂාපතනයක් රඹුක්කන ප්‍රදේශයට නොලැබුණු බවත්, රඹුක්කන සිට පොල්ගහවෙල දුම්රිය මාර්ගය අතරතුර එවැනි තත්ත්වයක් මෑතක දී මෙතෙක් දැකගන්නට නොලැබී ඇති බවයි. එමෙන් ම එම වීඩියෝව 2021 වසරේ සිදුවූ ගංවතුර තත්ත්වයක් බව ද, ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

    කෙසේනමුත් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවට දක්නට ලැබෙන අතර දිවයිනේ වැඩි ම වර්ෂාපතනය කොළඹ කොටුවෙන් වාර්තා වී තිබේ. එම දසුන් මෙතනින් සහ මෙතනින්.

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සෑම වර්ෂයක ම අගෝස්තු මස පැවැත්වුණේ මහත් සංචාරක ආකර්ෂණයක් ද, දිනා ගනිමින්. මේ අතර පසුගිය අගෝස්තු 22වන දා ද දෙවැනි කුඹල් පෙරහැරේ ගමන් කළ අලින් කලබල වීම සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. එම අවස්ථාව මෙතනින්. එමෙන් ම සත්ත්ව හිංසාවට එරෙහි කණ්ඩායම් ද, මේ පිළිබඳව නොයෙකුත් මාධ්‍ය ඔස්සේ හඬක් නැගුවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    මේ දිනවල රඹුක්කන සිට පොල්ගහවෙල දුම්රිය මාර්ගය අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයකට මුහුණ පා ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව, 2021 නොවැම්බර් එම ප්‍රදේශයේ ගංවතුර තත්වය පෙන්නුම් කරමින්, මීට වසර දෙකකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩයෝවකි. මේ දිනවල එවැනි වර්ෂාපතනයක් රඹුක්කන ප්‍රදේශයට නොලැබනෙ බවත්, එම දුම්රිය මාර්ගය යට වී නොමැති බවත්, රඹුක්කන දුම්රිය ස්ථානායේ ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.