Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වැල්ලවත්ත ප්‍රදේශයේ, මෑතක දී සිදු වූ මංකොල්ලයක් ද ? (VIDEO)

    2022-07-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුවන මංකොල්ලයන් සම්බන්ධයෙන් වරින් වර පසුගිය දින කිහිපයේ දී ම මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබුණා. කෙසේනමුත්, ලංකාවේ සිදු නොවූ හෝ පැරණි සිදුවීම් ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්විට නොමඟ යවන

    මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුවන මංකොල්ලයන් සම්බන්ධයෙන් වරින් වර පසුගිය දින කිහිපයේ දී ම මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබුණා. කෙසේනමුත්, ලංකාවේ සිදු නොවූ හෝ පැරණි සිදුවීම් ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්විට නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වෙනවා.

    වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවසක දී සිදු වූ මංකොල්ලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ CCTV දර්ශන පෙළක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

     “වැල්ලවත්ත මංකොල්ලය” යනුවෙන් සඳහන් කරමින් නිවසක CCTV දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙරට පවතින ආර්ථීක අර්බුදය නිසා සෑමතැනම හොරු, මංකොල්ලකාරුවන් වර්ධනය වී ඇති බව දක්වමින්, වැල්ලවත්ත ප්‍රදේශයේ සුඛෝපබෝගී නිවසක ඒකාබද්ධ මංකොල්ලයක් සිදු වී ඇති බවට දමිළ බසින් සඳහන් කරමින් එම CCTV දර්ශන ඇතුළත් ෆෙස්බුක් සටහනක් මෙලෙසින්. Archived Link

    එසේම WhatsApp ඔස්සේ ද මෙම දර්ශන පෙළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Also Read: කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද?

    Also Read: රත්මලානේ සිදුවූ මංකොල්ලකෑමක CCTV දර්ශන?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මෑතකදී වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවසක සිදු වූ මංකොල්ලයක CCTV දර්ශන ප්‍රධාන මාධ්‍ය හරහා වාර්තා කර තිබුණා ද, යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කළා. නමුත් එවැනි වීඩියෝවක් ප්‍රධාන පුවත් නාලිකා ඔස්සේ විකාශය වූ බවක් අපට දැක ගන්නට නොලැබුණි.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන CCTV දර්ශන හොඳින් නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, 2021 වසරේ ජූලි 07 වන දා වූ දර්ශන පෙළක් ලෙසට එම CCTV වීඩියෝ පටයේ සඳහන් වී ඇති බවයි.

    අප මෙම වීඩියෝවෙන් ලබා ගත් ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අපට දැක ගන්නට ලැබුණේ , මෙම වීඩයෝව මෙරට සිදුවීමක් නොවන බවත්, මෑතකදී වූ සිදුවීමක් නොවන බවත්, ඉන්දියාවේ බටහිර දිල්ලියේ, උත්තම් නගර්හි දී 2021 වසරේ සිදු වූ මංකොල්ලයක් බවයි.

    එම CCTV දර්ශන 2021 ජූලි 7 වන දින Zee News නාලිකාවේ අපරාධ අංශයේ ප්‍රධාන කර්තෘ Jitender Sharma විසින් Twitter ඔස්සේ පළකර තිබුණේ, මෙලෙසින්

    ආයුධ සන්නද්ධ පුද්ගලයන් 04 දෙනෙකු දේපළ වෙළඳාම්කරුවෙකුගේ නිවසට කඩා වැදී ලක්ෂ ගණනක් වටිනා මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඇති බවට The Times of India වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින් | Archived Link

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කළ තවත් පුවත් මෙතනින් සහ මෙතනින්.

    මේ වීඩියෝ දර්ශන පෙළ ඉන්දියාවේ ද වැරදි අර්ථකතනයන් ඔස්සේ පළවී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකළ Factcrescendo මරාති කණ්ඩායම ද කරුණු විමර්ශනයක් සිදුකළා. මංකොල්ලකරුවන් නිවසට ඇතුළු වී තිබුණේ විදුලි කාර්මිකයන් බව දක්වමිනුයි. එසේම සොරකම සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුම, සිදුවීමෙන් දින කිහිපයකට පසුව ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබුණේ, නිවෙස් හිමියා යටතේ ම සේවය කළ පුද්ගලයෙකුම, ස්වර්ණාභරණ සහ මුදල් තබා ඇති තැන් පිළිබඳව තොරතුරු, මංකොල්ලකරුවන් වෙත ලබාදී තිබූ බවයි. ඒ පිළිබඳව පුවත් මෙතනින් සහ මෙතනින්

    Also Read: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මෑතක දී වැල්ලවත්ත ප්‍රදේශයේ දී සිදු වූ මංකොල්ලයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මහල් නිවසක සොරකමක CCTV දර්ශන පෙළින් දැක්වෙන්නේ , මෙරට වූ සිදුවීමක් නොව, 2021 වසරේ ඉන්දියාවේ බටහිර දිල්ලියේ සිදුවූ මංකොල්ලකෑමක්, එම නිවෙසේ CCTV කැමරාවේ පටිගත වී තිබූ ආකාරයක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.