Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දෙසැම්බර් 15 වන දා වූ සිදුවීම් පෙළක ලබා ගත් වීඩියෝවක් නොවේ!

    2023-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පැරණි සිදුවීමකට අදාළ ඡායාරූප, වීඩියෝ යොදාගනිමින්, උපහාසාත්මක කෝණයෙන් පළවන නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කාරණයක්. එවැනි වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පැරණි සිදුවීමකට අදාළ ඡායාරූප, වීඩියෝ යොදාගනිමින්, උපහාසාත්මක කෝණයෙන් පළවන නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කාරණයක්. එවැනි වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අදත් වැවේ…හොද වැඩේ” යනුවෙන් සඳහන් කරමින් පසුගිය 15 වන දා ෆේස්බුක් වෙත වීඩියෝවක් එක් කර තිබුණේ, එදින පොදුජන පෙරමුණේ රැළියට සහභාගී වූ ජනතාව, බේරේ වැවට දමා ඇති බවට හඟවමින්.

    Facebook

    මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ,  මෙය පසුගිය 15වන දා වූ සිදු වීමක් බවට ඇතැමුන් උපකල්පනය කර තිබූ බවයි.

    මේ පිළිබඳව කරුණු පරික්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය පසුගිය 15 වන දා පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස ඉහත වීඩියෝවේ පෙන්වා දෙන පරිදි බේරේ වැවට ඇද දැමූ සිදුවීම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළා. නමුත් එලෙසින් කිසිදු සිදුවීමක් එදින වාර්තා වූ බවට අප ට දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, එවැනි සිදුවීමක් පසුගිය 15 වන දා සිදු වූ බවට වාර්තා නොවූ බවයි.

    ඉහත වීඩියෝ පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ, එම වීඩියෝවල දැක්වෙන්නේ 2022 වසරේ මැයි 09 වන දා ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව රට පුරා ඇති වූ ප්‍රතිප්‍රචණ්ඩත්වයේ බේරේ වැව ආසන්නයේ වූ සිදුවීම් මාලාවේ වීඩියෝ බවයි.

    ඉහත වීඩියෝ එම දිනවල ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය 15 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට සහභාගී වූ පිරිස බේරේ වැවට ඇද දමා ඇති අවස්ථාවක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ 2022 වසරේ මැයි 09 වන දා වූ සිදුවීම් පෙළක වීඩියෝ බවයි. එමෙන් ම පසුගිය 15 වන දා එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවූ බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.