Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහින්ද හිතවාදීයෙක්ගේ මෑතක සේයාරුවක් ලෙස හුවමාරුවන්නෙ 2022 වසරේ එකකි 

    2024-11-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට වසර කිහිපයකට පෙර ඉමහත් ජනප්‍රිය දේශපාලන සන්නාමයන්.නමුත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහී ගොසින්.කෙසේ වෙතත් වර්තමානය වන විට පවා ඔවුන් ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට වසර කිහිපයකට පෙර ඉමහත් ජනප්‍රිය දේශපාලන සන්නාමයන්.නමුත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහී ගොසින්.කෙසේ වෙතත් වර්තමානය වන විට පවා ඔවුන් පිලිබදව විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ “මට ඕනි මහින්ද” ලෙස පුවරුවක් අල්ලාගෙන සිටින පුද්ගලයෙක්.

    FB | Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    සත්‍ය කරුණු විමසා බැලීම   

    සමාජ ජාලා සටහන්වල ඇති සේයාරුව අප රිවර්ස් ඉමේජ් සෙවුමකට ලක්කලා.එහිදී අපට දක්නට ලැබුණේ මෙම සේයාරුව 2022 වසරේ මැයි මාසය දක්වා ඇදී යන බවයි …2022 මැයි 9 දින සමාජ ජාලාවල එම සේයාරුව පළව තිබුනේ පහත අයුරින් .

    Archived

    මේ 2022 මැයි 9 දින පළව තිබුණු එම සේයාරුවම ඇතුලත් තවත් සමාජ ජාලා සටහනක් .

    https://www.facebook.com/Allpoopoverthesrilanka/posts/pfbid023e9BpdpbtYYye42jaE9Yt9pzoTHcoVdti5tVeHo2iBkN2zFSaQEmPgGiTvpR2xfjl

    Archived 

    ඒ අනුව මෙය මෑතක සේයාරුවක් නොවන බව පැහැදිලියි.

    2022 අප්‍රේල් සිට ජුලි දක්වා කාලය අරගලයක් තිබුණු සහ රටේ නොසන්සුන් වාතාවරණයක් තිබුණු කාලයක්.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සහ ක්‍රම වෙනසක් ( System Change ) ඉලක්ක කරගෙන ඇතිවුණු එම අරගලයට බහුජන සහභාගිත්වයක් දක්නට ලැබුණා.සාමුහික උද්ඝෝෂණ ,විරෝධතා මෙන්ම තනි තනිව පුද්ගලන් විරෝධතා පුවරු සහිතව මාර්ගවල සිටින ආකාරයක් දක්නට ලැබුණා.

    මේ ආකාරයට බොහෝ විරෝධතා රාජපක්ෂ පාලනයට විරුද්ධව දක්නට ලැබුණු අතර එහි අගමැති ධූරය හොබවන ලෙද මහින්ද රාජපක්ෂට එරෙහිවද පුළුල් ජන මතයක් දක්නට ලැබුණා.මාර්ගවල පුද්ගලයන් Go Home Gota විරෝධතා පුවරු ඔසවාගෙන සිටින අයුරු දක්නට ලැබුණා.

    කෙසේ වෙතත් එම පසුබිම යටතේද රජයට හිතවාදී පිරිසක් සිටියා.ඔවුන් රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිය.මෙම සේයාරුවේ දක්නට ලැබෙන පුද්ගලයාද එවැන්නෙක්. 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion 

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවෙක් “මට ඕනි මහින්ද” ලෙස පුවරුවක් අල්ලා ගෙන සිටින ආකාරය දැක්වෙන සේයාරුව මෑතකදී ලබාගත් එකක් නොවේ.එය 2022 වසරේ අරගලය පැවති සමයේ ලබාගත් එකකි.

    Avatar

    Title:මහින්ද හිතවාදීයෙක්ගේ මෑතක සේයාරුවක් ලෙස හුවමාරුවන්නෙ 2022 වසරේ එකකි

    Written By: Fact Crescendo Team  

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.