Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අරගලකරුවන් ජනාධිපති මැදුරේ DJ සංගීත සංදර්ශනයක් පැවැත්වූ අයුරු ? (VIDEO)

    2022-07-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ද මෙම ගොඩනැගිලි තුළට පැමිණි සාමාන්‍ය ජනතාව හැසිරුණු අයුරු දර්ශන රැසක් සංසරණය වුණා. ඒ අතර අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ සංගීත සංදර්ශනයක් (DJ) ලෙසින් උපහාසාත්මක කෝණයෙන් වීඩියෝවක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අප කරුණු සොයා බැලුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කට්ටියක් අරලියගහ මන්දිරේ ඩීජේ එකක්, කට්ටියක් නානවා, කට්ටියක් උයනවා, කට්ටියක් නිව්ස් බලනවා, එකෙක් අතුගානවා, කට්ටියක් මැච් බලනවා, කට්ටියක් ජිම් එකේ, ලංකාවේ මිනිස්සු තමා ආතල්ම මිනිස්සු” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් Instagram ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

    Instagram | Archived Link

    මෙම දර්ශන ෆේස්බුක් ඔස්සේ ද “මේ වන විට අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය” යානා දී තේමාවලින් ද උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වී තිබුණේ මෙලෙසින් Archived .

    ජුලි 09 දිනයේ අරලියගහ මන්දිරයේ පැවැත් වූ ඩීජේ එකක් ලෙස හුවමාරු වූ මෙම වීඩියෝවේ මුල් දර්ශන සොයා බැලීමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජුලි 09 වැනිදා අරගලකරුවන් විසින් අත්පත් කරගත් ස්ථාන පිලිබඳ දර්ශන රැසක් පළව තිබු අතර ඉහත සටහනේ සඳහන් පරිදි, පිරිසක් ජල තටාකයේ ස්නානය කරන අයුරුත්, ඇතැම් පිරිස් ආහාර පිසින අයුරුත්, තවත් පිරිසක් ප්‍රවෘත්ති නරඹන අයුරුත්, ක්‍රිකට් තරඟ නරඹන අයුරුත්, අතුපතු ගාන අයුරුත්, ජනාධිපති මන්දිරයේ ඇති කායවර්ධන මධ්‍යස්ථානයේ උපකරණ භාවිත කරන අයුරුත්, ගීත වාදනය කරමින්, සාද පවත්වන අයුරුත්,  දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. එම අවස්ථා රැසක් එකතුකර නිර්මාණය කර තිබු වීඩියෝවක් මෙතනින්.

    කෙසේනමුත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් ලබා ගත් දර්ශන වල හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ හෝ ඉහත දක්වා තිබු ආකාරයට DJ ඩිස්කෝ ලයිට් සමඟ දර්ශන ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිර පරිශ්‍රයෙන් වාර්තා වූ ආකාරයේ දර්ශන අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

    ඒ හේතුවෙන් අප මෙම වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ,  fayidfj නමැති ටික්ටොක් ගිණුමේ, 2022 ජනවාරි මස මුල පළකර තිබු වීඩියෝවක් බවයි. මේ වන විට මිලියන 15 කට වඩා වැඩි පිරිසක් නරඹා තිබු එම වීඩියෝව පහතින්

    @fayidfj

    dj house #dj #housewarming

    ♬ original sound – fayid

    සංගීතයේ රිද්මයට අනුව ආලෝකයන් වර්ණ වෙනස් කරමින් දිස්වන එම දෙමහල් නිවසේම තවත් ඒ ආකාරයේම වීඩියෝවක් ඔහු පළකර තිබුනේ මෙලෙසින් බොහෝ දෙනා අතර හුවමාරු වෙමින් පවතින මෙම වීඩියෝව පිළිබඳව තායිලන්ත ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවක පළ කර තිබුණේ මේ අයුරින්.  ඉන්දුනීසියානු පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

    2022 ජනවාරි මස DJ සංගීතය සමඟ සැනකෙළි ස්වරුපයක් ගන්නා නිවසක වීඩියෝව බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්. මෙම වීඩියෝව යූටියුබ් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ජුලි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය / ජනපති මන්දිරය මේ වීඩියෝවේ ආකාරයෙන් දිස්විය වනු ඇතැයි පළවූ උපහාසාත්මක සටහන් පළවී තිබුනේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, කොළඹට එක් වූ අරගලකරුවන් කොළඹ, ජනපති මන්දිරය හා අරලියගහ මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේදී ඩීජේ වාදනයක් සමගින් සංගීතයේ රිද්මයට අනුව වර්ණ වෙනස් වන විදුලි එළි සමඟින් සාදයක් පැවැත්වූ අවස්ථාවක් ලෙස පෙන්වා දුන් ඉහත වීඩියෝව මෙරට වීඩියෝවක් හෝ මෑතක දී ලබාගත් දර්ශන පෙළක් නොව, 2022 ජනවාරි මස සිට හුවමාරු වන වීඩියෝවක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.