Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 පාර්ලිමේන්තු මැතිවරණය සමස්තයක් ලෙස සාමකාමී – මැතිවරණ කොමිසම

    2024-11-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අද (14) දින කටයුතු සමස්තයක් ලෙස සාමකාමී ලෙස සිදු කර ඇති බව මැතිවරණ කොමිසම මෙන්ම දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද සඳහන් කරනවා. අද පෙරවරු 7.00ට රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණ

    2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අද (14) දින කටයුතු සමස්තයක් ලෙස සාමකාමී ලෙස සිදු කර ඇති බව මැතිවරණ කොමිසම මෙන්ම දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද සඳහන් කරනවා.

    අද පෙරවරු 7.00ට රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ  ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වුණා.

    2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව, පාර්ලිමේන්තු මැතිවරණයේදී 10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීම සඳහා මැතිවරණ කොට්ඨාස 22 යටතේ ඇති පරිපාලන දිස්ත්‍රික්ක 25 ක ඡන්ද දායකයින් 17,140,354 ක් සුදුසුකම් ලබා තිබුණා.

    ඡන්ද ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2034ක් ස්ථාපිත කර තිබූ අතර ඡන්ද ගණන් කිරීම සඳහා මැතිවරණ නිලධාරීන් 80,000ක් පමණ යොදවා තිබුණා.

    ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පස්වරු 5.00 සිට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු වූ අතර තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15ට පමණ ආරම්භ වූ බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් . රත්නායක මහතා සඳහන් කළේ මෙලෙසින්.

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60 %- 65% ත් අතර වූ බව මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

    2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත නිකුත් කර තිබුණා.

    ඒ අනුව,

    කොළඹ – 65%, ගම්පහ – 65%, වන්නි – 65%, නුවරඑළිය – 68%, කුරුණෑගල – 64%, මඩකලපුව – 61%, දිගාමඩුල්ල – 62%, මාතර – 64%, පුත්තලම – 56%, අනුරාධපුර – 65% , බදුල්ල – 67%, මන්නාරම – 70%, ත්‍රිකුණාමලය – 67%, මුලතිව් – 63%, පොළොන්නරුව – 65%, රත්නපුර – 65%, ගාල්ල – 64%, යාපනය – 69%, හම්බන්තොට – 60%, මාතලේ – 67%, කෑගල්ල – 65%, මොනරාගල – 63%, වවුනියාව – 65%, කිලිනොච්චිය – 62%, මහනුවර – 62%, කළුතර – 64%, අම්පාර – 62%

    මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සතියක කාලයක් පශ්චාත් මැතිවරණ පෙළපාලි තහනම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

    මැතිවරණයෙන් පසු මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ මැතිවරණ කාලසීමාව තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවන පරිදි දිවයින පුරා මැතිවරණය සාමකාමීව පවත්වා ඇති බවයි.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව තල්දූව මහතා පැවසීය.

    එමෙන් ම අල්ලස් ඉල්ලීම්, ඡායාරූප ගැනීම්, ඡන්ද පත්‍රිකා ඉරා දැමීම්, පහරදීම් වැනි සිද්ධීන් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.

    එමෙන් ම පාර්ලිමේන්තු මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අද(14) පස්වරු 8.57ට පමණ සිදු කළ අතර එය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ පළමු නිල ප්‍රතිඵලය විය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.