Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

    2022-05-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නීතිඥයෙකු සහ පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීමක් සිදුකරන පුද්ගලයෙකු අතර සිදුවන දුරකථන සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම සංවාදයේ ඡායාරූපය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

    නීතිඥයෙකු සහ පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීමක් සිදුකරන පුද්ගලයෙකු අතර සිදුවන දුරකථන සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම සංවාදයේ ඡායාරූපය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් යොදා ගැනීම තුළින්, මෙය ඔහු හා සේවදායකයෙකු අතර සිදු වූ සංවාදයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගෙවල් ගිනිතැබීම් වලට අනුබල දුන් සාලිය පිරිස් ඇතුළු නීති නාදය සල්ලි ගරන හැටි” යනුවෙන් සඳහන් කරමින් පටිගත කළ දුරකතන ඇමතුමක් ඇතුළත් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

    Facebook | Archived Link

    එම හඬ පටය නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර සිදු වන දුරකථන සංවාදයක් ලෙස දක්වා තිබූ අතර මේ දිනවල පවතින උද්ඝෝෂණයකට සහභාගී වී අත්අඩංගුවට පත් පුද්ගලයෙකුගේ යහළුවෙක් විසින් එම අත්අඩංගුවට ගැනීමට විරුද්ධව නොමිලයේ පෙනී සිටින ලෙස නීතිඥවරයෙකුගෙන් මෙහි දී ඉල්ලා සිටිනවා. නීතිඥවරයා විසින් එම නඩුව කතා කිරීම සඳහා තමා හමුවීමට සිය කාර්යාලයට පැමිණෙන ලෙසත් ඉන්පසුව ඒ සඳහා සාධාරණ මුදලක් කතා කර ගැනීමක් ගැන ද එම සංවාදයේ දැක්වේ. කෙසේනමුත් දුරකථන ඇමතුම ලබාදෙන පුද්ගලයා පසුව පවසන්නේ නිවෙස්වලට සිදුකළ පහරදීම්වලට සම්බන්ධව සිය මිතුරා අත්අඩංගුවට ගත් බවක්. මෙහිදී නීතිඥවරයා පවසන්නේ අපරාධවලට කිසිම විටෙක නොමිලයේ සේවා සැපයිමක් පිළිබඳව  නීතිඥවරු පවසා සිටියේ නොමැති බවයි. එම දුරකතන ඇමතුම සහිත සම්පුර්ණ සංවාදය පහතින්.

    Facebook 

    කෙසේ වෙතත් ඉහත සංවාදය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපය යොදා තිබීම හා නම සඳහන් කර තිබීම හේතුවෙන් ඒ මහතා එම දුරකතන ඇමතුම ලබා ගත් බවට ෆේස්බුක් සටහන් වලින් හඟවා තිබුණා.

    එසේම ඇතැම් නීතිඥයින්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. 

    සාලිය පීරිස් මහතා:

    නීතිඥ සාලිය පිරීස් මහතා සඳහන් කළේ, එය තමන්ට ලැබුණු දුරකථන ඇමතුමක් නොවන බවයි. එමෙන්ම ඉහත හඬ පටයේ සඳහන් වන ලෙස තමන් හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට නොයන බවත්, එම පොලිස් ස්ථානයට හෝ තමන් නොගිය බවත්, පුරුද්දක් වශයෙන් තමා මෙවැනි කටයුතු සඳහා පොලිසියට යන්නේ නොමැති බවත් ඒ මහතා පවසා සිටියා. 

    එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටීම හෝ නොසිටීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, නීතිඥවරයෙකුට ඕනෑම සේවදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට අයිතිය ඇති අතර, නීතිඥ සංගමය විසින් සේවදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ ගාස්තු අය කිරීම / නොකිරීම සම්බන්ධයෙන් ද, කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය එක් එක් නීතිඥවරුන්ගේ තීරණය මත සිදුවන්නක් බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළා.

    ඇතැම් නීතිඥයින් සාමකාමීව විරෝධතාවයේ නියැලුණු පුද්ගලයන් සඳහා නොමිලේ පෙනී සිටි අතර සාමකාමී අරගලයේ යෙදුණු පුද්ගලයන් සඳහා හෝ නොමිලේ නීතිඥවරුන් පෙනී සිටිය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බවත්, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

    එමෙන්ම ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එහි සාමකාමී අරගලයේ යෙදුණු අත්අඩංගුවට පත් නොවුණු පුද්ගලයෙකු වෙනුවෙන් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම විරෝධතාවයන්හිදී පෙනී සිටි බවත් නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළා. එසේම තමා මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෙනත් නීතිඥයන් ද මේ ආකරයෙන් විවිධ අවස්ථාවල දී මෙවැනි කටයුතු සම්බන්ධයෙන් පෙනී සිටි බවත් එතුමා පවසා සිටියා.

    එසේම ඉහත හඬ පටයේ පසුබිමට යොදා ඇති ඡායාරූපයේ දැක්වෙන පරිදි විරෝධතාවයන්හිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දිරිමත් කිරීම කිසිදු අවස්ථාවක තමන් ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දිරිමත් හෝ අනුමත නොකළ බවද, ඒ මහතා තව දුරටත් සඳහන් කරනු ලැබුවා.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග ඇති වූ දුරකතන සංවාදයේ කොටසක් පහතින්.

    අප විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂාවේ දී ද මෙම හඬ පටයේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන හඬ පටයේ, කථන සංඥා ආකෘතියන්හි වෙනස්කම් තිබෙන බව දැක ගන්නට ලැබුණා.

    ඒ අනුව සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන හඬ පටයේ දැක්වෙන්නේ නීතිඥ සාලිය පීරිස් මහතාගේ හඬට වෙනස් හඬක් බව ගම්‍ය වේ.

    එමෙන්ම නීතිඥ සාලිය පීරිස් මහතා පසුගියදා සහභාගී වූ ‘අද දෙරණ’ වැඩ සටහනක ඔහුගේ අදහස් දැක්වීමට අදාළ පහත පරිදි හඬ පට වලට සවන් දීමෙන් ද ඒ බව පෙනී යනවා.

    Archived Link

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය

    අප මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ සාමාජිකාවක් වන සහ මාතර නීතිඥ සංගමයේ සභාපතිනි නීතිඥ ප්‍රියානි රත්නායක මහත්මියගෙන් ද විමසීමක් කළ අතර, ඇය සඳහන් කළේ, නීතිඥ සංගමය පිළිබඳ අසත්‍ය පැතිර වීමට මෙමගින් උත්සහ කර ඇති අතර මෙහි දැන්වෙන්නේ, නීතිඥ සාලිය පීරිස් මහතාගේ හඬ නොවන බවයි. එමෙන්ම නීතිඥ සංගමයේ නීතිඥයින් නොමිලයේ සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ, කිසිදු අයුරකින් ප්‍රචණ්ඩාකාරීව හැසුරුණු පුද්ගලයන් වෙනුවෙන් නොවන බවත් සාමකාමී පුද්ගලයන් වෙනුවෙන් පමණක් බවත් සඳහන් කළා.

    එම දුරකතන සංවාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, එම හඬ නීතිඥ සාලිය පීරිස් මහතාගේ නොවන බවයි. 

    එමෙන්ම අප මේ සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානයෙන්ද විමසා සිටි අතර ඔවුන් සඳහන් කළේ, විරෝධතාවල නියැලුන පුද්ගලයන් 30 කට පමණ පිරිස වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි නීතිඥවරුන් කවුරුන්ද යන්න විශේෂ සැලකිල්ලට භාජනය නොවූ බවත්, ඒ හේතුවෙන් පැමිණි සිටි නීතිඥවරුන් කවුරුන්ද යන්න පිළිබඳ අවධානය යොමු නොවුණු බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.