Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බලංගොඩ කස්සප හිමි සම්බන්ධව පැතිරෙන අසත්‍ය සහ නොමගයවනසුලු සමාජ ජාලා සටහන් !!

    2023-05-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update 9/6/2023 මේ අතර බලංගොඩ කස්සප හිමියන්ගේ නම යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසා තිබුණු අතර ඒවායේ සදහන් අදහස් පළකිරීම් තමන් වහන්සේ විසින් සිදු නොකළ ඒවා බව උන්වහන්සේ අප සමග පැවසුවා. එවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පලකරන ලද ෆේස්බුක් සටහන් ,ෆේස්බුක්

    Update 9/6/2023

    මේ අතර බලංගොඩ කස්සප හිමියන්ගේ නම යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසා තිබුණු අතර ඒවායේ සදහන් අදහස් පළකිරීම් තමන් වහන්සේ විසින් සිදු නොකළ ඒවා බව උන්වහන්සේ අප සමග පැවසුවා.

    එවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පලකරන ලද ෆේස්බුක් සටහන් ,ෆේස්බුක් පරිශීලකයන් විසින් ශෙයා කරගෙන තිබුණු අයුරු අපට දක්නට ලැබුණා.එම ව්‍යාජ ගිණුමක් මගින් පළකර තිබුණු සදහනක් පහතින්.

    Facebook | Archived

    එම ව්‍යාජ සටහන් වෙනත් පුද්ගලයන් විසින් හුවමාරු කරගෙන තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මීට වසර කිහිපයකට පෙර දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති  දිලිත් ජයවීර විසින් සිදුකළ කතාවක් ඇතුළත සිදුහත් කුමාර චරිතය පිළිබඳව සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වන විට සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙනවා. ඒ මෑතකදී බුදුන් වහන්සේට අපහාසවන ප්‍රකාශයක් සිදු කරන ලද බවට වන චෝදනාවක් හේතුවෙන් නටාෂා එදිරිසූරිය නම් කාන්තාව අත්අඩංගුවට ගැනීම හා සමගයි.

    දිලිත් ජයවීර සම්බන්ධ සටහනට ඈඳා හුවමාරු වන තවත් සටහන් පෙළක් මගින් කියවෙන්නේ, පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ අරගලයේදී යම් කාර්යභාරයක් ඉටු කරන ලද ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක් වන බලංගොඩ කස්සප හිමියන් සහ තවත් ස්වාමින් වහන්සේ නමක් වන මිගෙට්ටුවත්තේ සුමිත්ත නායක හිමියන් සමඟින් ඩෑන් ප්‍රියසාද් ද එක්ව, දිලිත්ව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් උපවාසයක්  ආරම්භ කරන බවයි .ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම පහතින්.

    සමාජ ජාලා සටහන් 

    මැයි මස 29 දා සවස 3ට, බලංගොඩ කස්සප හිමි , මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි සහ ඩෑන් ප්‍රියසාද් එක්ව , දිලිත් ජයවිරව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් උපවාසයක්  ආරම්භ කරන බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උපහාසාත්මක ව ප්‍රතිචාර දක්වා තිබු අතර මෙම සටහන් සඳහා පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    2019 වසරේදී ‘දඩබ්බරයා’ නම් කෘතියක් ජනගත කල දිනයෙහි, දිලිත් ජයවීර විසින් සිදු කරන ලද දේශනයක් මෙතනින්. එම කතාව අතරතුර දී සිද්ධාර්ථ චරිතය පිලිබඳ කරන ප්‍රකාශයක කොටසකුයි මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ හුවමාරු වෙන්නේ.

    මේ හේතුවෙන්, දිලිත්ට විරුද්ධව උපවාසයක් ඇත්ත වශයෙන්ම පැවැත්වීමක් පිලිබඳ පුවතක් කිසියම් හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින්, වාර්තා කර ඇතිද යන්න පිලිබඳ අප මුලින්ම පරික්ෂා කළද එවැනි වාර්තා අපට දක්නට ලැබුණේ නැහැ.

    ඉන් අනතුරුව අප මිගෙට්ටුවත්තේ සුමිත්ත නායක හිමියන්ගෙන් මේ පිළිබඳව විමසා බැලු අතර උන්වහන්සේ පැවසුවේ මෙවැනි උපවාසයක් පැවැත්වීමේ කිසිදු සුදානමක් නොමැති අතර මෙය සම්පුර්ණ අසත්‍යයක් බවයි.

    බලංගොඩ කස්සප හිමියන්ගෙන්ද අප මේ පිලිබදව විමසූ අතර උන්වහන්සේද තහවුරුකර සිටියේ සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයේ උපවාසයක්  පැවැත්වෙන්නේ නැති බවත් එය ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහන් පෙළක් බවත්ය.

    උන්වහන්සේ සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් පවසා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ අසත්‍ය සටහන් බවයි. උන්වහන්සේ විසින් තබන ලද ෆේස්බුක් සටහනට පිවිසිය හැකියි මෙතනින්. Archived

    බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් අප සමග පැවසුවේ, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොනු කලේ, නටාෂා එදිරිසුරිය සිදුකල ප්‍රකාශය පමණක් ඉලක්ක කර ගනිමින් ඇයට විරුද්ධ පැමිණිල්ලකටත් වඩා, සංවිධානාත්මකව ලංකාවේ බුද්ධ ශාසනයට විරුද්ධව කුමන්ත්‍රණයක් පවතිනවාද සහ ඒ පිලිබදව යම් රහසිගත වැඩපිළිවෙලක් දියත් වෙනවාද යන්න සොයා බලන ලෙස වන පැමිණිල්ලක් බවයි.

    දිලිත් ජයවීර විසින් වසර කිහිපයකට පෙර සිදු කරන ලද ප්‍රකාශයක් නැවත මතුවී තිබුණත් , මූලිකව අවධානය යොමුකළ යුත්තේ මේ දිනවල දක්නට ලැබෙන බුදුන් වහන්සේට සහ බුද්ධ ශාසනයට සංවිධානාත්මකව අපහාස , උපහාස කිරීමේ රැල්ල පිලිබදව බවත් උන්වහන්සේ පැවසුවා.

    පුජ්‍ය බලංගොඩ හිමියන් පොලිස් පැමිණිල්ල භාරදුන් අවස්ථාවේ දී අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

    එසේම අද (මැයි 29) සවස කොටුව දුම්රිය ස්ථානයේ දී මේ ආකාරයේ කිසිදු උපවාසයක් පවත්වා තිබුනේ ද නැහැ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ වන බලංගොඩ කස්සප හිමියන්, මිගෙට්ටුවත්තේ සුමිත්ත නායක හිමියන් සහ ඩෑන් ප්‍රියසාද් සමග එක්ව, දිලිත් ජයවීරව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් උපවාසයක්  ආරම්භ කරන බවට සමාජ ජාලා හරහා පළවන සටහන් අසත්‍ය බවත් එවැනි උපවාසයක් සංවිධානය කර නොමැති බවත් එම හිමිවරු තහවුරු කර සිටින බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-05-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.