Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?

    2022-04-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන ස

    මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ  පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ .

    සමාජ ජාලා සටහන් 

    පුවත්පත් වාර්තාවක දක්නට ලැබෙන ශිර්ෂ පාඨයක් ලෙස හැගවෙනසේ ෆේස්බුක් පිටුවක් විසින් පළ කර පහත සටහනේ පුවත් සිරස්තලය දැක්වුණේ “උද්ඝෝෂණයට කියා ගෙදරින් ආ 22 හැවිරිදි තරුණිය තරුණයෙක් සමග ලැගුම් හලක” යනුවෙන්.

    Facebook | Archived 

    මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙවැනි පුවත්පත් වාර්තාවක් සැබැවින්ම පළවී ඇද්ද ? ඒ පිළිබදව විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප විසින් මුලින්ම සොයා බැලුවේ මෙවැනි දැනට පවතින උද්ඝෝෂණ හා සම්බන්ධ සිදුවීමක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ පුවත්පත් මගින් වාර්තා කර ඇතිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි වාර්තාකරණයක් සිදුවී නොමැති බවයි.

    ඉන්පසුව අප තවදුරටත් මේ පිළිබදව ගවේෂණයක නිරත වුණා. මෙහි මූලාරම්භය කෙබදුදැයි කියා. එහිදී අපට දැකගන්නට ලැබුණේ පසුගිය ගුරු උද්ඝෝෂණය පැවති සමයේ සමාජ ජාලා හරහා පැතිරුණු සංස්කරණය කරන ලද පුවත්පත් සටහනක් භාවිතයෙන් මෙය නිර්මාණය කර ඇති බවයි.

    එම ෆේස්බුක් සටහනේ දක්නට ලැබුණේ “ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය , ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවෙයි“ ලෙස පුවත්පත් වාර්තාවක් ආකාරයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ෆේස්බුක් සටහනක් භාවිතයෙන් මෙය සකසා ඇති බවයි.

    මෙම සැකසීමේදී , අදාළ ව්‍යාජ පුවත්පත් සටහනේ ශිර්ෂ පාඨය වෙනස් කර අන්තර්ගතය බොද කරමින් මෙම ව්‍යාජ ෆේස්බුක් පෝස්ටුව සකසා ඇති බව අපට පෙනී ගියා. මීට මාස කීපයකට පෙර අප විසින් සිදු කරන ලද එම පැරණි ව්‍යාජ පුවත්පත් වාර්තාව පිළිබද ගවේෂණය සම්බන්ධ වාර්තාව කියවිය හැකියි මෙතනින් .

    අදාළ ව්‍යාජ ෆේස්බුක් සටහන සහ දැන් සකසා ඇති ව්‍යාජ ෆේස්බුක් සටහන අතර සංසන්දනයක් පහතින් .

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වන බවට කියා ගෙදරින් පිටවූ තරුණියක් , තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පළවන සමාජ ජාලා සටහන සැබැවින්ම පුවත්පතක පළවූ වාර්තාවක ඡායාරූපයක් නොව වෙනත් ව්‍යාජ සමාජ ජාලා සටහනක් සංස්කරණය කොට සාදන ලද එකක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.