Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා.
ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින්
සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි.
ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත් වී තිබුණා.
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයත වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් නොයෙකුත් කතා පැතිරෙද්දී වැඩි වශයෙන් අවධානය හිමි ව ඇති කොළඹ මහ නගර සභාවට වන අතර ඒ අතරින් කොළඹ මහ නගර සභාවේ පුරපති පදවියට කවුරුන් කුමන පක්ෂයකින් තේරේවිද, යන්න තවමත් නිශ්චිත තාවයක් නොමැත. මේ අතර මෙම පදවිය සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාව තෝරා ගත් බවට පළ වන ලිපියක සත්යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක මහතා පත්කිරිම එකඟතාවය පළ කරන ලද බවට දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් ලිපියක් යොමු
කර ඇති බවට දක්වමින්, සමාජ මාධ්ය ඔස්සේ ලිපියක ඡායාරූපයක් සංසරණය වුණා.
එම ලිපිය මෙසේය.
“කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්දව
සාකච්ඡා වට කීපයකින් පසුව සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවේදී ආණ්ඩුව බහුතර බලය දිනා නොගත් ප්රාදේශීය සභාවල සෙසු සියවූ පක්ෂ හා එක්ව එක්සත් ජාතික පක්ෂය හා සමග සමගි ජන බලවේගය මුලිකත්වයෙන් බලය පිහිටුවීමට තීරණය කරන ලදී.
එහිදී මූලික වශයෙන් කොළඹ නගරාධිපති වශයෙන් සාගළ රත්නායක මහතා පත්කිරිම සජිත් ප්රේමදාස මහතා එකඟ විය. පසුව සෙසු අයගේ ද දැඩි පෙළඹවීම නිසා සාගල රත්නායක මහතා කොළඹ පුරපති වශයෙන් පත්වීමට එකඟතාවය පළ කරන ලදී.”

මෙම සටහන බහුලව ෆේස්බුක් පරිශීලකයින් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්රධාන මාධ්ය ධාරා වාර්තා
කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය එකඟතාවයකට පැමිණ ඇති බවට ප්රධාන මාධ්ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්රථමයෙන් පරීක්ෂා කරනු ලැබුවා.
නමුත් එම පක්ෂ වලින් කොළඹ පුරපති ලෙස යෝජනා කර ඇත්තේ කවුරුන්ද යන්න කිසිදු ප්රධාන මාධ්ය ධාරාවක වාර්තා කර නොතිබුණු අතර මෙවැනි ලිපයක් පිළිබඳ හෝ කිසිදු පුවත් ලිපියක් දැක ගන්නට නොලැබුණි.
ලිපිය ව්යාජයි – එපාජ සජබ මාධ්ය අංශ
මෙම ලිපියේ සත්යතාව පිළිබඳ විමසා බැලීම සඳහා අප වජිර අබේවර්ධන මහතාගේ මාධ්ය ලේකම්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙම ලිපිය ව්යාජ ලෙස සකසා ඇති ලිපියක් බව ත්, එක්සත් ජාතික පක්ෂය විසින් හෝ වජිර අබේවර්ධන මහතා විසින් හෝ මෙවැනි ලිපිය නිකුත් කර නොමැති බව ත් ය.
සමගි ජන බලවේගයේ මාධ්ය අංශය ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, මෙම ලිපිය අසත්ය බව ත්, මෙහි දැක්වෙන ලෙස කොළඹ පුරපති වශයෙන් සාගල රත්නායක මහතා පත් කිරීමේ එකඟතාවයකට එළැඹුන බව ට පළවන තොරතුරු ද, අසත්ය යන්නයි.
මේ සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද, සටහනක් පළ කරමින් සඳහන් කර තිබුණේ, මෙම ලිපිය ව්යාජ බවයි.
පාලන ආයතනවල බලය පිහිටුවීමට එජප සහ සජබ නායකයින් අතර විශේෂ සාකච්ඡා
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබූ අතර මෙහිදී 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අවධානය යොමු කර තිබේ.
එමෙන් ම මේ සම්බන්ධයෙන් වන ප්රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහි දී විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමඟ එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවකට සාර්ථකව එළැඹුණ බව ද, සමගි ජන බලවේගය පවසනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඡායාරූප ද, එක් කරමින් එම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.


