Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපයේ ඇත්ත කතාව!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-19
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පෙර පැවති රජයක් යටතේ පිරිනැමූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් පසු උන්වහන්සේව නැවත සිරගත කෙරුණු අතර, මේ සමග ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පෙර පැවති රජයක් යටතේ පිරිනැමූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් පසු උන්වහන්සේව නැවත සිරගත කෙරුණු අතර, මේ සමග ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි ආන්දෝලනාත්මක සහ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී ඇත. මෙවැනි පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයක් දක්වමින් ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ ඥානසාර හිමියන්ට බිරිඳක් සහ දියණියක් සිටින බවයි. ඥානසාර හිමියන් ඔවුන් සමග පෙනී සිටින ආකාරය ලෙස දක්වමින් අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඥානසාර හිමියන් බිරිඳ සහ දියණිය සමඟ පෙනී සිටින ඡායාරූපයක් ලෙස දක්වමින් පහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ..

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (1)

    Facebook | Archived Link

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (2)
    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (3)

    Facebook Facebook Facebook

    යූ ටියුබ් සාකච්ඡාමය වැඩසටහනකදී පුද්ගලයෙකු විසින් ඥානසාර හිමියන්ට බිරිඳක් සහ දියණියක් සිටින බවට සිදු කරන ලද ප්‍රකාශයක් සමගද ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ.

    Facebook

    ඉහත ඡායාරූපයට තවත් අර්ථකතනයක් ලබාදෙමින්ද සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. එහි දක්වන්නේ වෛරල් ඡායාරූපයේ දැක්වෙන්නේ ඥානසාර හිමිගේ බිරිඳ සහ දියණිය නොව, ඥානසාර හිමිගේ රුවට සමාන රුවක් ඇති සුනිල් ගොඩහේන නැමැති පුද්ගලයාගේ පවුල බවයි.

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (4)
    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (5)

    Facebook | Archived Link | Facebook

    විමර්ෂණයට ලක් කළ ප්‍රකාශය : ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. අදාළ ඡායාරූපයට නැවත අර්ථකථනයක් ලබා දෙමින් එය ඥානසාර හිමියන්ගේ නොව, සුනිල් ගොඩහේන නම් පුද්ගලයකුගේ පවුලේ ඡායාරූපයක් බවට නැවත හුවමාරු වී තිබේ. අප පරීක්ෂා කළේ, අදාළ ඡායාරූපය කුමක්ද, එය සැබෑ ලෙසම ඥානසාර හිමියන්ගේ බිරිඳ සහ දියණිය දැක්වෙන ඡායාරූපයක්ද ? නැත්නම් සුනිල් ගොඩහේන නම් පුද්ගලයකුගේ පවුලේ ඡායාරූපයක්ද ? යන්නයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ෂණය කිරීම) :

    යූ ටියුබ් සාකච්ඡාමය වැඩසටහනකට එක් වෙමින් අංජු පෙරේරා නැමති පුද්ගලයෙකු විසින් ඥානසාර හිමියන්ට බිරිඳක් සහ දියණියක් සිටින බවට ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද ඔහු විසින් සඳහන් කරයි. එම සාකච්ඡාමය වැඩසටහන මෙතනින්. ඉහත ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන්නේ මෙවැනි පසුබිමකදීය.

    ඥානසාර හිමියන් ගිහියකු ලෙස පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් 2016 වර්ෂයේ සිට වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. ඒ අනුව අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් 2021 වසරේදී අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කරන ලද අතර, එහිදී අප විසින් අනාවරණය කර ගත්තේ, අදාළ ඡායාරූපයේ පෙනී සිටින්නේ ඥානසාර හිමියන් නොව, උන්වහන්සේගේ බාහිර ස්වරූපයට බොහෝ සෙයින් සමාන වන ඥානසාර හිමියන් ජපානයේ සංචාරය කළ අවස්ථාවකදී හමුවී ඡායාරූපයක්ද ලබාගෙන තිබෙන එකල ජපානයේ විසූ සුනිල් ගොඩහේන නම් වෙනත් ශ්‍රී ලාංකික පුද්ගලයකු බවයි.

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (6)

    එම සම්පූර්ණ කරුණ පරීක්ෂාව මෙතනින්.

    ඒ අනුව ඥානසාර හිමියන්ගේ බිරිඳ සහ දියණිය දැක්වෙන ඡායාරූපයක් ලෙස හුවමාරු වී තිබූ ඉහත වෛරල් ඡායාරූපයට තවත් අර්ථකථනයක් ලබා දෙමින්, එය ඥානසාර හිමිගේ රුවට සමාන රුවක් සහිත සුනිල් ගොඩහේන මහතාගේ පවුලේ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් හුවමාරුවෙමින් පවතී.

    සුනිල් ගොඩහේන මහතාගේ බිරිඳ සහ දියණියගේ ඡායාරූප සහ වෛරල් ඡායාරූපය අතර සන්සන්දනයක් පහතින්.

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (7)

    සුනිල් ගොඩහේන මහතා සහ ඔහුගේ දියණිය විසින් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ සිය පවුලේ ඡායාරූප පළ කර ඇති බව දැක ගන්නට ලැබුණි. ඉන් උපුටා ගත් සුනිල් ගොඩහේන මහතාගේ බිරිඳ සහ දියණීය පෙනී සිටින ඡායාරූපයක් සහ වෛරල් ඡායාරූපය අතර සන්සන්දනයක් ඉහතින් දක්වා තිබේ. එම පවුලේ තවත් ඡායාරූප මෙතනින් සහ මෙතනින්.

    සුනිල් ගොඩහේන මහතා ඥාණසාර හිමිගේ රුවට සමාන බව සැබෑවක් වුවද ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ සුනිල් ගොඩහේන මහතාගේ පවුල නොවේ.

    සුනිල් ගොඩහේන මහතාගේ පවුලේ ඡායාරූප සහ ඉහත වෛරල් ඡායාරූප සන්සන්දනය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, සුනිල් ගොඩහේන මහතා ඥාණසාර හිමිගේ රුවට සමාන බව සැබෑවක් වුවද ඔහුගේ බිරිඳ හෝ දරුවන් ඉහත වෛරල් ඡායාරූපයට සමාන නොවන බවයි. එසේම ඉහත ආකාරයේ ඡායාරූපයක් ද සුනිල් ගොඩහේන මහතාගේ හෝ ඔහුගේ දියණියගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කර නොමැත. ඒ අනුව පැහැදිලි වන්නේ ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ සුනිල් ගොඩහේන මහතාගේ පවුලද නොවන බවයි.

    ඥාණසාර හිමිගේ රුව යොදාගනිමින් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයක්

    අප විසින් ඉහත වෛරල් ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කළ අතර, එහිදී තහවුරු වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. ඒ අනුව අදාළ ඡායාරූපය ඥානසාර හිමියන්ගේ බිරිඳ සහ දියණිය දැක්වෙන ඡායාරූපයක් නොවන බව තහවුරු වන අතර, එසේම අදාළ ඡායාරූපය ඥානසාර හිමිගේ රුවට බොහෝ සෙයින් සමාන කමක් දක්වන සුනිල් ගොඩහේන මහතාගේ පවුලේ ඡායාරූපයක් නොවන බවද තහවුරු වේ.

    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (8)
    ඥාණසාර හිමිගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වන ඡායාරූපය සහ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් (9)

    සැ.යු. අප විසින් මෙහි පරීක්ෂා කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ ඉහත ඡායාරූපය පමණි. එම ඡායාරූපය ඥානසාර හිමිගේ බිරිඳ සහ දියණිය දැක්වෙන ඡායාරූපයක් හෝ ඥානසාර හිමිට සමාන රුවක් සහිත සුනිල් ගොඩහේන මහතාගේ පවුල දැක්වෙන ඡායාරූපයක් නොවන බවත් එය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවත් අප විසින් මෙහි තහවුරු කර තිබේ. ඉන් ඔබ්බට ඥානසාර හිමියන්හට සැබෑ ලෙසම බිරිඳක් සහ දියණියක් සිටිනවාද නැතිද යන්න සම්බන්ධයෙන් තහවුරු කිරීමේ කාර්‍යය අපහට ස්වාධීනව කරුණු සත්‍යාපනය කළ හැකි සීමාවෙන් ඔබ්බේ පවතින්නක් වන හෙයින් අපහට ඒ සම්බන්ධයෙන් කරුණු සත්‍යාපනය කළ නොහැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගලගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේගේ බිරිඳ සහ දියණිය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. එසේම, එම ඡායාරූපය ඥානසාර හිමියන්ගේ සහ දියණිය දැක්වෙන ඡායාරූපයක් නොවන බවත්, ඥානසාර හිමියන්ගේ රුවට සමාන රුවක් සහිත සුනිල් ගොඩහේන මහතාගේ පවුල දැක්වෙන ඡායාරූපයක් බවටත් හුවමාරු වන සටහන්ද නොමඟ යවන සුළු වේ. 2021 වසරේදී අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවකින් අනාවරණය කරගත් පරිදි සුනිල් ගොඩහේන නැමති පුද්ගලයා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ රුවට බෙහෙවින් සමාන රුවක් සහිත බව සැබෑවකි. නමුත්, ඔහුගේ ඡායාරූප සහ වෛරල් ඡායාරූපය සංසන්දනයේදී පැහැදිලි වන්නේ එය සුනිල් ගොඩහෙන මහතාගේ පවුල දැක්වෙන ඡායාරූපයක්ද නොවන බවයි. ඒ අනුව අදාළ ඡායාරූපය සම්පූර්ණයෙන්ම කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බව තහවුරු කළ හැකිය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.