Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට හුවමාරුවන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

    කරුණු පැහැදිලි කිරීම
    2026-08-31
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සඳහන් කරමින් පුවත් සටහනක් ආකාරයට නිර්මාණය කරන ලද සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබිණි. සැබෑ ලෙසම මෙම භාණ්ඩවල මිල ග

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සඳහන් කරමින් පුවත් සටහනක් ආකාරයට නිර්මාණය කරන ලද සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබිණි. සැබෑ ලෙසම මෙම භාණ්ඩවල මිල ගණන් ඉහළ දමා ඇත්ද යන සොයා බලමින් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 260 කින්, කල්කිරි බෝතලයක් රුපියල් 40කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් සහ යෝගට් එකක් රුපියල් 20 කින් ඉහල දමා ඇති බව දක්වමින් අදාළ සටහන හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    Facebook | Archived Link Facebook Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Explainer

    ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ නිල විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සිදුවේ. ඒ අනුව අප විසින් ඉහත ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ දමා ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ තහවුරු කර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා.

    අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයට අගෝස්තු 29 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබෙන බවයි.ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 17කින් ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන ඇති බව වාර්තා වේ. එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ද තහවුරු කර ඇත. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    පාරිභෝගික කටයුතු අධිකාරිය 

    මේ පිළිබඳව අප පාරිභෝගික කටයුතු අධිකාරියෙන් (CAA) සිදුකළ විමසීමේ දී ද ඔවුන් සඳහන් කර සිටියේ ඊයේ දින මිල වැඩිවීමක් සිදුවූ ලෙස හුවමාරු වන සටහන් නොමඟ යවන සුළු බවයි. කෙසේවෙතත්, මේ ගැන වැඩිදුර විමසීමේ දී ඔවුන් පවසා සිටියේ, මීට සති කිහිපයකට පෙර ආනයනික කිරිපිටි මිල ඉහළ ගිය බවත්ය.

    එසේම, නිල නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පවසා තිබුණේ ද “BREAKING NEWS” ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පෝස්ටුව පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස කලබල කිරීමට සහ වෙළෙඳපොළ තුළ නොසන්සුන්තාවයක් ඇති කිරීමට නිර්මාණය කරන ලද්දක් බවයි. 

    Facebook

    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ 

    අප විසින් මේ සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු වෙසෙන ද සඳහන් කළේ සමාජ මාර්තු ඔස්සේ හුවමාරු වන ඉහත සටහනේ දැක්වෙන ආහාර ද්‍රව්‍යවලින් තිරිඟු පිටි වල මිල ඉහළ දැමීම සත්‍යයක් වුවද එහි දැක්වෙන අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල ඊයේ දිනයේ ඉහළ දැමීමක් සිදුව නොමැති බවයි.

    වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා විසින්ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ, බඩු මිල ඉහළ යාම පාලනය කිරීමට සහ පාරිභෝගිකයන්ට සහන සැලසීමට රජය සහ වෙළඳ අමාත්‍යාංශය විවිධ පියවර ගනිමින් සිටින බවයි. වෙළඳ අමාත්‍යවරයා පසුගිය සතියේ භාණ්ඩ ආනයන සමාගම් සමඟ සාකච්ඡා කර ඇති අතර, මිල ගණන් උපරිමයෙන් වැඩි නොකර හැකිතාක් කළමනාකරණය කර ගැනීමට පියවර ගෙන තිබෙන බවත් ඔහු විසින් පවසා තිබේ.එම සම්පූර්ණ ප්‍රකාශය මෙතනින්.

    මිල සංශෝධනයන් සිදුවූ කාල වකවානු මොනවා ද ?

    කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින්, අවසන් වරට දැනුම් දී තිබුනේ, 2026 මැයි 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කරන ලද බවත්, එම මිල වැඩිවීමේදී ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 50කින් ඉහළ දැමු බවයි. වැඩිදුර තොරතුරු මෙතනින්. එම මිල සංශෝධනයෙන් පසුව ආනයනික කිරි පිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල වුයේ රු.1200 කි.

    ඉන්පසු කිරිපිටි මිලෙහි වෙනසක් සිදුවුණි ද යන්න අප කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයෙන් විමසීමක් සිදුකළ ද එසේ සිදුකළ මිලෙහි වෙන්ස්කම්හි ප්‍රමාණයන් හෝ දින වකවානු කිසිවක් ලබාදුන්නේ නැති අතර සුළු වැඩි වීමක් වූ බවත්, ඒ සියල්ල පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරමින් සිදුකළ බවත් සඳහන් කර සිටියා.

    මේ ගැන සමාජ මාධ්‍ය තුළ සිදුව ඇති කතිකාවත පරික්ෂා කිරීමේ දී ආනයනික කිරිපිටි සන්නාමවල (ග්‍රෑම් 400) පැකට්ටුවේ මිල රු.100 කින් වැඩිවීම ගැන සටහන් පෙළක් විශේෂයෙන්ම දමිළ පාඨකයින් අතර මීට සති දෙකකට පමණ පෙර (අගෝස්තු 12) ඇතිවී තිබු අයුරු මෙසේ දැක ගන්නට ලැබුණා. මිල වෙනස්වීමක් සිදුවන්නේ නම් පාරිභෝගික අධිකාරිය මහජනතාව දැනුවන් කලයුතු නොවන්නේ ද යන්න ද එවැනි සටහන් මඟින් විමසා තිබුනේ මෙලෙසින්.

    එසේනම් එවැනි මිල වැඩිවීමක් සිදුවුණි ද යන්න පරික්ෂා කිරීම සඳහා අප කිරිපිටි සමාගම් කිහිපයක් සම්බන්ධ කර ගත්තා. එහිදී Anchor කිරිපිටි සන්නාමය නිකුත් කරන Fontera සමාගම, එම කරුණු තහවුරු කරමින් පවසා සිටියේ මීට සති කිහිපයකට පෙර කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවේ මිල රු.100 කින් ඉහළ දැමු බවත් ඒ අනුව දැන් මිල රු. 1300ක් වන බවත් 1 kg පැකට්ටුවක මිල රු.3250ක් වන බවත්ය.

    Keells, Spar ඇතුළු සුපිරි වෙළඳසැල්හි Online මිල ගණන් ද එසේ නව මිල සඳහන් කර ඇති අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණි.

    දේශිය කිරිපිටි මිල වල වෙනසක් නොමැතිව පෙර පැවති මිල ඇති බව අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූ අතර පැලවත්ත වැනි ආයතන වලින් ද, ඒ බව අප කළ විමසීමේදී තහවුරු කළා.

    එමෙන් ම සාමාන්‍ය යෝගට් එකක මිල රු. 80 දක්වා වැඩි වී තිබුණේ, මැයි මාසයේ වන අතර මේ මස දී යෝගට් වල වැඩිවීමක් නොවී ඇති බව අප වෙළඳපල මිල හා සැසඳීමේදී දැක ගන්නට ලැබුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.