Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දේශපාලනයේ යෙදීම නිසා මැල්කම් රංජිත් අගරදගුරුගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරි බව වතිකානුව නිවේදනය කළා ද?

    2025-04-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කරනු ලැබුවා. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳව ලොව පුරා බොහෝදෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා.

    මේ අතර නව පාප් වහන්සේ පත් කරගැනීමේ අවස්ථාව සඳහා තෝරාගන්නේ කාදිනල් හිමිපානන්ලා වන බැවින් ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් ද මේ දිනවල කතාබහක් ඇති වී තිබෙනවා. 

    ඒ අනුව කාදිනල් වරයකුට නොගැලපෙන ලෙස දේශපාලනයේ යෙදීම හේතුවෙන් කාදිනල් මැල්කම් රංජිත්ගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරීමට සිදුවන බව වතිකානුව නිවේදනය කළ බවට ද සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබූ බැවින් අප මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media):

    “කාදිනල් වරයකුට නොගැලපෙන ලෙස දේශපාලනයේ යෙදීම හේතුවෙන් කාදිනල් මැල්කම් රංජිත්ගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරීමට සිදුවන බව වතිකානුව නිවේදනය කරයි” යනුවෙන් සඳහන් ශීර්ෂ පාඨයක් සහිතව ‘හෙළකුරු’ වෙබ් අඩවියේ ‘එසැණ’ පුවත් මඟින් පළ කළ පුවතක් බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    එසැණ පුවත් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කරන ආකාරයෙන් ම එහි භාවිත Font භාවිතා කරමින් ම මෙම සටහන පළකර තිබුණා.

    Fb|Archive

    තවත් මෙවැනි සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Fb| Archive / Fb|Archive

    මෙම සමාජ මාධ්‍ය සටහන් සඳහා දක්වා තිබූ අදහස්වලින් පෙනී ගියේ මෙය සත්‍ය පුවතක් බවට බොහෝදෙනෙක් විශ්වාස කර ඇති ආකාරයයි.

    එබැවින් මේවැනි පුවතක් වතිකානය විසින් නිවේදනය කර තිබේද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ දැක්වෙන්නෙ, ‘එසැණ’ පුවත් මඟින් මෙම පුවත පළ කළ බවට වන බැවින් අප පළමුව ‘ ‘එසැණ’ පුවත් පරීක්ෂා කළේ මෙවැනි පුවතක් එහි පළ කර තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහායි.

    අප ‘එසැණ’ පුවත් ඔස්සේ, 2025 අප්‍රේල් 21 වන දින සිට එනම්, ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමේ පුවතේ සිට ඒ හා සමඟාමීව සිදුකළ සියලු මාධ්‍ය වාර්තා මෙන් ම ‘එසැණ’ නිල ෆේස්බුක් පිටුව ද පරීක්ෂා කරනු ලැබුවා.

    එනමුත් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් ආකාරයේ කිසිඳු පුවතක් ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ ෆේස්බුක් පිටුව ඔස්සේ වාර්තා කර තිබුණේ නෑ. එමෙන් ම අප කළ විමසීමේදී  ඔවුන්ද පවසා සිටියේ එවැනි පුවතක් පළ කර නොමැති බවයි. 

    එනමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ම අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඡායාරූපය සහිතව ‘එසැණ’ පුවත් මඟින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධ පුවත් පළ කර තිබූ නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ශීර්ෂ පාඨයක් එම පුවත්වල සඳහන් වන්නේ නෑ.

    එම ඡායාරූපය සහිතව ‘එසැණ පුවත්’ මඟින් පළ කළ පුවත් මෙසේ ය.

    (News Link | Fb)

    කාදිනල් වරයකුට නොගැලපෙන ලෙස දේශපාලනයේ යෙදීම හේතුවෙන් කාදිනල් මැල්කම් රංජිත්ගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරීමට සිදුවන බව වතිකානුව නිවේදනයක් සිදුකළේ නම් එය මෙරට ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වන නමුත් කිසිඳු මාධ්‍යයක් ඔස්සේ එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.

    අප වැඩිදුරටත් වතිකානුවේ පුවත් වෙබ් අඩවිය ද පරීක්ෂා කරනු ලැබුවා. එනමුත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කිසිඳු පුවතක්, නිවේදනයක් වාතිකානු පුවත් ඔස්සේ වාර්තා කිරීමක් සිදු වී නොමැත. 

    එමෙන් ම කිසිඳු විදෙස් මාධ්‍යයක් ඔස්සේ හෝ එවැන්නක් පළ කර නොමැත.

    කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව යාම

    කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (23) උදෑසන වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

    අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් ඇති අතර ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා එතුමන් පිටත් වී ඇත.

    අප්‍රේල් මස 26 වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා සිදුකිරීමට නියමිත වේ.

    ඒ අනුව කාදිනල් මැල්කම් රංජිත්ගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරීමට සිදුවන බව වතිකානුව නිවේදනය කළේ නම්, පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමේ සුදුසුකම ද අහිමි වනු ඇත. එනමුත් එසේ වී නොමැති අතර මෙම පුවත අසත්‍ය බව ඒ ඔස්සේ ද පෙනී යනවා.

    ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මැල්කම් රංජිත් කාදිනල් තුමන් අවසන් ගෞරව දක්වා තිබුණේ මේ අයුරින්.

    කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් ද අප විමසූ අතර පියතුමන් අප වෙත පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය බවත්, එවැනි ආකාරයේ කිසිඳු නිවේදනයක් වතිකානුවෙන් සිදුකර නොමැති බවත් ය.

    අප විසින් සිදුකළ අතිඋතුම් ෆ්‍රැන්සිසි පාප් වහන්සේගේ අනුප්‍රාත්තිකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පවතින මත පිළිබඳව සහ මෙරට ඒ සම්බන්ධව හුවමාරුවන නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් මෙන් ම අනුප්‍රාප්තිකයෙක් තෝරාපත් කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ඇතුළු වඩාත් සවිස්තරාත්මක ලිපිය ඔබට කියවිය හැකි ය.

    පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ‘කාදිනල් වරයකුට නොගැලපෙන ලෙස දේශපාලනයේ යෙදීම හේතුවෙන් කාදිනල් මැල්කම් රංජිත්ගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරීමට සිදුවන බව වතිකානුව නිවේදනයක්’ යනුවෙන් ශීර්ෂ පාඨයක් සහිත පුවතක් ‘එසැණ පුවත්’ ඔස්සේ වාර්තා කර නොමැති අතර එය සංස්කරණය කරන ලද එකක් බව තහවුරු වනවා. එමෙන් ම වතිකානුව විසින් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධව එවැනි නිවේදනයක් නිකුත් කර නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-04-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.