Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මාතලේ පාසලක විදුහල්පතිනියක් පියෙකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍යයි!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් තම දියණිය පාසලට ඇතුළත් කිරීම සඳහා පැමිණි පියකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අප වෙත ලැබුණු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් තම දියණිය පාසලට ඇතුළත් කිරීම සඳහා පැමිණි පියකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook | Archived Link

    අදාළ පියා පොලිසියේ සහය පතා ඇති බවත් දක්වමින් තවත් සටහන් හුවමාරු වී තිබුණි.

    Facebook Facebook Facebook Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මාතලේ දිස්ත්‍රික්කය තුළ බාලිකා පාසලකට දියණියක් ඇතුළත් කිරීමට පැමිණි පියකුගෙන් එම අදාල පාසලේ විදුහල්පතිනිය ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට සහ ඒ සම්බන්ධයෙන් අදාළ පියා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට තහවුරු කරන ලද තොරතුරක් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් වාර්තාකර නොමැත.

    ඒ හේතුවෙන් අප විසින් අදාල අදාළ පාර්ශ්වයන්ගෙන් මේ සම්බන්ධයෙන් සෘජුවම විමසා කරුණු තහවුරු කර ගැනීමට කටයුතු කළා.

    මාතලේ පොලිස් ස්ථානාධිපති 

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී මාතලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් සඳහන් කළේ, මෙවැනි ආකාරයේ සිදුවීමක් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවයි. එවැනි ආකාරයේ පැමිණිල්ලක් හෝ අදාල සිදුවීම සත්‍යයක් බවට තහවුරු කළ හැකි කිසිදු තොරතුරක් නොමැති බවයි ස්ථානාධිපතිවරයා විසින් සඳහන් කළේ.

    මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව

    මේ සම්බන්ධයෙන් අප විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදී එහි විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන්ද මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, එවැනි කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් ඔස්සේ මේ සම්බන්ධයෙන් මාතලේ කලාප අධ්‍යාපන කාර්‍යාලයෙන්, විදුහල්පතිවරුන්ගෙන් සහ පොලිස් ස්ථාන වලින් මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබේද යන්න හෝ එවැනි පැමිණිල්ලක් ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කළ බවත් එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළා.

    මීට මාස කිහිපයකට පෙර විදුහල්පතිවරයෙක් විසින් සිසුවෙක් අපයෝජනයට ලක් කල සිදුවීමක් මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේ ජාතික පාසලකින් වාර්තා වී ඇත.

    මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේ ජාතික පාසලක 9 වන ශ්‍රේණියේ (14 හැවිරිදි)  සිසුවකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා 2026 මාර්තු 31 වන දින මහවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    මහවෙල පොලිස් ස්ථානය

    අප විසින් මේ සම්බන්ධයෙන් මහවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු විසින් සඳහන් කළේ මාස කිහිපයකට පෙර විදුහල්පතිවරයකු විසින් විසින් අවුරුදු 14ක සිසුවකු අපයෝජනයට ලක් කළ සිදුවීමකට අදාලව එම විදුහල්පතිවරයා මහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    කෙසේ නමුත්,විදුහල්පතිනියක විසින් පියකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වල දක්වා ඇති ආකාරයේ සිදුවීමක් වාර්තා වී නොමැති බව ඔහු විසින්ද සඳහන් කළා.

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද විමසීමක් සිදු කළ අතර, මාතලේ ප්‍රදේශයේ බාලිකා පාසලක සිදු වූ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි, අදාළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින්ද තහවුරු කළේ. මීට මාස කිහිපයකට පෙර විදුහල්පතිවරයකු වයස අවුරුදු 14ක සිසුවකු අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් සහ ඒ අනුව එම විදුහල්පතිවරයා මහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී ඇති බවයි. 

    ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කැළුම් තාරක වානගුරු මහතා සදහන් කරන්නේ,මාතලේ අධ්‍යාපන කලාපයේ බාලිකා පාසල් 5 (බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් පාසල්) අතුරින් විදුහල්පතිනියන් සේවය කරන්නේ විදුහල් හතරක පමණක් බවත් එම පාසල් සම්බන්ධව කල සොයා බැලීම් වලදී පවා අනාවරණය වූයේ මෙවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් ය. එබැවින් මෙය යම් පෞද්ගලික හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් විදුහල්පති සේවය සහ සමස්ත පාසල් පද්ධතිය අපකීර්තියට පත් කිරීම සඳහා පතුරුවන ලද අසත්‍ය ප්‍රචාරයක් බවට විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

    මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ වානගුරු මහතා, ඇත්ත වශයෙන්ම සිදුවූ සිදුවීමක් තිබේනම් සංගමයක් ලෙස ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සම්පූර්ණ සහය දෙන නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් කාන්තා විදුහල්පතිවරියන්ගේ සහ විදුහල්පති සේවයේ ගෞරවයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවත් අවධාරණය කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් තම දියණිය පාසලට ඇතුළත් කිරීම සඳහා පැමිණි පියකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට සහ අදාළ පියා විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. එවැනි සිදුවීමක් මාතලේ දිස්ත්‍රික්කයේ පාසලකින් වාර්තා වී නොමැති බවට අදාල පාසල් වලින් සහ සියලුම පොලිස් ස්ථානවලින් තහවුරු කරගෙන ඇති බවට මධ්‍යම පළාත් අධ්‍යාපනය කාර්යාලය විසින් සඳහන් කර ඇත. 

    මීට මාස කිහිපයකට පෙර මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේ ජාතික පාසලක 14 හැවිරිදි සිසුවකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා 2026 මාර්තු 31 වන දින මහවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් හි දැක්වෙන සිදුවීම මෙම සිදුවීමට සමාන නොවේ.

    Result Stamp

    Title: මාතලේ පාසලක විදුහල්පතිනියක් පියෙකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍යයි!

    Written By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.