Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විදේශ කටයුතු ඇමති විජිත සහ ට්‍රම්ප් හමුවුනාද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-02
    4 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවී ඇති බව හඟවමින් ඡායාරූපයක් සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවී ඇති බව හඟවමින් ඡායාරූපයක් සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. මෙවැනි සටහනක් හුවමාරු වන්නේ පසුගියදා ඇමරිකාවේ නිව්යෝක්හි පැවැත්වුනු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වූ පසුබිකදීය. සැබෑ ලෙසම විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර මෙවන් හමුවක් සිදුවී ඇත්ද යන්න සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    විදේශ කටයුතු ඇමති සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී ඇතැයි දැක්වෙන ඡායාරූපය සහිත ෆේස්බුක් සටහනක තිර රූපය
    ජානාධිපති කාර්යාලයේ හමුවීමක් වෙන්වූ යැයි පැතිරෙන ඡායාරූපය සහිත තවත් ෆේස්බුක් සටහනක තිර රූපය

    Facebook| Archived Link | Facebook

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගිය අතර, සැප්තැම්බර් 28 වනදා අමාත්‍යවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහිදී විශේෂ දේශනයක් පැවැත්වීය. අදාළ සංචාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර එවැනි රාජ්‍යතාන්ත්‍රික හමුවක් සිදු වී ඇත්නම්, එය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා කර තිබිය යුතුය. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයන් හෝ රජයේ නිල වාර්තාවන් වැනි කිසිවකින් මෙවැනි හමුවීමක් සම්බන්ධයෙන් වාර්තා කර නොමැති බවයි.

    එසේම, මෙම අවස්ථාවට අමතරව වෙනත් හෝ මීට පෙර අවස්ථාවක හෝ ඇමරිකානු ජනාධිපතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමු වීමක් සිදුවී නොමැත.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය අතරතුර විජිත හේරත් මහතා සාකච්ඡා පවත්වා ඇති රාජ්‍ය තාන්ත්‍රිකයන්

    පසුගිය ඇමරිකානු සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්, සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් සහ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් අතුල් කාරේ යන මහත්වරුන් හමුවී ජාත්‍යන්තර සාම සාධක කටයුතු සඳහා ලංකාවේ දායකත්වය සහ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

    එසේම, ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය සෙයිද් අබ්බාස් අරග්චි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් සහ නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳාම, සංචාරක සහ ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව අමාත්‍යවරයා විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. එය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    මෙම සැසිවාරය අතරතුර විජිත හේරත් මහතා සාකච්ඡා පවත්වා ඇත්තේ ඉහත සඳහන් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ පමණි.

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මෙම සැසියට සහභාගී විය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසියේ සමාරම්භක දිනය වූ සැප්තැම්බර් 22 වනදා ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක් පවත්වමින් ලෝක නායකයන් අමතා තිබේ. කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා සහභාගී වුවද, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර කිසිදු නිල හෝ පෞද්ගලික ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදු වී නැත.

    විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ලේකම්

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ද සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර කිසිදු ආකාරයක හමුවීමක් සිදුවී නොමැති බවත්ය.

    කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයක්

    එසේම ඉහත සටහන තුළ අන්තර්ගත ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී එහි කෘතිම සහ අස්වාභාවික බවක් ස්වභාවයෙන්ම නිරීක්ෂණය වේ. එය සැලකිල්ලට ගනිමින් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.

    ඡායාරූපය 75% ක් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වූ බව පෙන්වන AI හදුනාගැනීමේ මෙවලමේ ස්ක්‍රීන්ශාට්
    ඡායාරූපය AI මඟින් නිර්මාණය වී ඇති බව පෙන්වන තවත් AI හදුනාගැනීමේ මෙවලමක්ස ස්ක්‍රීන්ශාට්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ විදේශ කටයුතු ඇමති විජිත හේරත් සහ ඇමරිකානු ජනපති ට්‍රම්ප් අතර හමුවක් සිදුවී ඇති බව දක්වමින් හුවමාරුවන සටහන අසත්‍ය බවයි. අමාත්‍යවරයා සහ ඇමරිකානු ජනපති අතර හමුවක් සිදුවී නොමැත. අදාළ ඡායාරූපය කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද්දකි.

    Result Stamp

    Title: විදේශ කටයුතු ඇමති විජිත සහ ට්‍රම්ප් හමුවුනාද ?

    Fact Check By: B.P Hansani

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.