Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පොහොට්ටුවේ මීළඟ නායකත්වයට හිටපු ඇමති කංචන ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයේ සිටින පසුබිමක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ නායකත්වයට හිටපු ඇමති කංජන විජේසේකර පත්වීමට නියමිත බව දක්වමි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයේ සිටින පසුබිමක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ නායකත්වයට හිටපු ඇමති කංජන විජේසේකර පත්වීමට නියමිත බව දක්වමින් සහ මේ සම්බන්ධ යෝජනාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වන බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. මෙම සටහන්වල සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ‘පොහොට්ටුවේ ඊළඟ නායකත්වයට කංචන විජේසේකරට ආරාධනා’ යනුවෙන් Sri Lankan Tv පළ කළ ෆේස්බුක් සටහනේ තිර රූපය

    Facebook | Archived Link

    මේ සම්බන්ධයෙන් තවත් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    පොහොට්ටුවේ ඊළඟ නායකත්වයට කංචන විජේසේකරට ආරාධනා කළ බව දක්වමින් ෆේස්බුක් හි පැතිරුණු සටහනක තිර රූපය
    රාජපක්ෂලාගේ අර්බුදය නිසා පොහොට්ටුවේ නායකත්වය කංචනට යැයි දක්වමින් පැතිරුණු ෆේස්බුක් සටහනේ තිර රූපය
    පොහොට්ටුවේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වීම ගැන විමසමින් පළ කළ ෆේස්බුක් සටහනේ තිර රූපය

    Facebook| Facebook | Facebook | Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    කංජන විජේසේකර මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ අතර, පසුව ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ දේශපාලන කටයුතු සිදු කරන ලදී. මේ නිසා ඔහු දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවේ.

    නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටියද, ඔහු තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස නිල වශයෙන් කටයුතු කරයි. පොදුජන පෙරමුණේ ප්‍රකාශකයින් සඳහන් කරන්නේ පක්ෂයේ ඉදිරි දේශපාලන මෙහෙයුම් සහ නායකත්වය තවදුරටත් නාමල් රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගනිමින්ම සිදුවන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පසුගිය ඔක්තෝම්බර් 05 වන දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරගලයේ කිසිදු ‘ප්ලෑන් බී‘ එකක් නැහැ. නාමල් රාජපක්ෂ මහතා පක්ෂය තුළ ශාරීරිකව නොසිටියත්, ඔහුගේ නායකත්වය සහ වැඩපිළිවෙළ ඉතාම සක්‍රීයයි. අපේ ප්‍රධානතම උත්සාහය 2029 හෝ ඊට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයකින් නාමල් රාජපක්ෂ මහතා රටේ නායකයා කිරීමයි” යනුවෙනි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    කංජන විජේසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකත්වයට හෝ නියෝජ්‍ය නායකත්වයට පත්වන බවට කිසිඳු නිල විශ්වසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර නොමැත. ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් විමසීමට අප විසින් කටයුතු කළා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    අප විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර, එහිදී ඔහු විසින් සඳහන් කළේ, කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකත්වයට පත්වන බවට හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එවැනි කිසිදු සූදානමක් නොමැති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් තහවුරු කළා.

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය

    ඉහත සටහන් වල කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකත්වයට පත් කරන ලෙස වන යෝජනාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද බවට දක්වා ඇති බැවින් අප විසින් මේ සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන්ද විමසීමක් සිදුකළා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය විසින් තහවුරු කළේ එම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය

    එසේම කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කිරීම සඳහා වන යෝජනාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති බවට වන ඉහත සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, වෙනක් පක්ෂයක් ගැන තීන්දු තීරණ ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුට නොහැකි බව ත් එම මාධ්‍ය අංශය විසින්ද තහවුරු කළා.

    අප හිටපු අමාත්‍ය කන්චන විජේසේකර මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරගෙන් ද, විමසීමක් කිරීමට උත්සහ කර නමුත්, එම අවස්ථා ව්‍යර්ථක විය. කෙසේ වෙතත් එම පාර්ශවයෙන් ද, මේ සඳහා පිළිතුරක් ලැබුණහොත්, අප එම තහවුරු කිරීම සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, පොහොට්ටුවේ මීළඟ නායකත්වත්වයට හිටපු අමාත්‍ය අමාත්‍ය කංජන විජේසේකර මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනා කර ඇති බවට සහ ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ නායකත්වයට පත්වීමට නියමිත බව දක්වමින් හුවමාරුවන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍යංශය විසින්ද තහවුරු කර ඇත.

    Result Stamp

    Title: පොහොට්ටුවේ මීළඟ නායකත්වයට හිටපු ඇමති කංචන ?

    Fact Check By: B.P Hansani

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.