Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාස්කු මහ නඩුවෙන් මොහොමඩ් ඊබ්‍රාහීම් (හාජ්ජියාර්) නිදොස් කොට නිදහස් ද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-23
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන HC 2972/21 නඩුවේ තීන්දුව  2026 සැප්තැම්බර් 22 එනම් ඊයේ දින ප්‍රකාශයට පත් කරන ලදී. එවැනි පසුබිමකදී “ඊබ්‍රාහීම් හාජ්ජියාර්” නිද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන HC 2972/21 නඩුවේ තීන්දුව  2026 සැප්තැම්බර් 22 එනම් ඊයේ දින ප්‍රකාශයට පත් කරන ලදී. එවැනි පසුබිමකදී “ඊබ්‍රාහීම් හාජ්ජියාර්” නිදොස් කොට නිදහස් යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook | Archived Link

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ (HC 2972/21 යන නඩුව) තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් 15 දෙනෙකු වැරදිකරුවන් කර 2026 සැප්තැම්බර් 22 එනම් ඊයේ දින සිරදඬුවම් නියම කරන ලද අතර සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා 23,270ක් යටතේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නිල වශයෙන් නඩු පවරා තිබුණේ විත්තිකරුවන් 24 දෙනෙකුට ය. (මුලින් 25 දෙනෙකු නම් කර සිටියද 17 වන විත්තිකරු වූ යාසීම් බාවා අබ්දුල් රවුෆ් නමැත්තා මේ වන විට මියගොස් ඇත). 

    කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ විත්තිකරුවන් 24 දෙනාගේ ලැයිස්තුව සහ අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරන ලද 9 දෙනාගේ නාමලේඛනය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර ඉහත සටහනෙහි දැක්වෙන ඉබ්‍රාහිම් හාජ්ජියාර් එයට ඇතුළත් නොවේ. 

    “Headline News” ”ආයතනය පල කරන ලද්දක් නොවේ

    එසේම ඔහුව නිදහස් කළ බවට “Headline News” පුවත් ආයතනය හෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් විසින් නිල පුවතක් පළ කර නැත. Headlines News ආයතනය විසින් තහවුරු කළේද මෙම සටහන එම පුවත් ආයතනය විසින් පල කරන ලද්දක් නොවන බවයි.

    නිල මාධ්‍ය වාර්තා අනුව, නඩු පවරා තිබූ විත්තිකරුවන් 24 දෙනාගේ ලැයිස්තුව සහ අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරන ලද 9 දෙනාගේ නාමලේඛනය පහත පරිදි වේ.

    වරදකරුවන් වී සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා:

       1. මොහොමඩ් නවුෆර් මවුලවී (නවුෆර් මවුලවී)

       2. මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ (ගෆූර් මාමා)

       3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්

       4. මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා

       5. මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්

       6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්

       7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්ඩීන්

       8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

       9. මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත්

       10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් ෂාෆි (16 වැනි චෝදනාව හැර)

       11. හුසේයිනුල් රිස්වි කාලිද් සමීර්

       12. මොහොමඩ් හනිෆා සෙයිනුල් ආබ්දීන්

       13. මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්

       14. රසික් රාසා හුසේන්

       15. කච්චි මොහොමඩ් මොහොමදු ජෙම්සිත් 

    නිදොස් කොට නිදහස් කරන ලද විත්තිකරුවන් 09 දෙනා:

       1. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්

       2. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් 

       3. රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් 

       4. සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම් 

       5. මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් 

       6. මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි 

       7. මොහොමඩ් අමීර් මොහොමඩ් ආයතුල්ලා 

       8. මොහොමඩ් අන්සාර්ඩීන් මොහොමඩ් ඉල්මි 

       9. මොහොමඩ් අක්‍රම් අහක්කම් 

    මෙම නිල නාමලේඛනය පරිීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි සඳහන් වන ඉබ්‍රාහිම් හාජියාර් නමැති අය මෙම නඩුවේ විත්තිකරුවෙකු නොවන බවයි. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මොහොමඩ් ඊබ්‍රාහීම් (හාජ්ජියාර්) 

    ඊබ්‍රාහිම් හාජියාර් (මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්) යනු 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉල්හාම් අහමඩ් සහ ඉන්ෂාෆ් අහමඩ් යන බෝම්බකරුවන්ගේ පියා වන අතර, 2019 අප්‍රේල් ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ ඊබ්‍රාහිම් හාජියාර්, කොළඹ මහාධිකරණය මගින් 2022 මැයි 25 වන දින දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබීය. මේ වන විට ද ඔහු පසුවන්නේ ඇප මතය. වැඩිදුර තොරතුරු මෙතනින්.

    මේ වන විට මොහොමඩ් ඊබ්‍රාහීම් ඇප මත සිටී. මාස තුනකට වරක් CID වෙත වාර්තා කළ යුතුය

    2022 මැයි 25 දින ඊබ්‍රාහීම් වෙත ඇප නියෝගය ලබා දෙන අවස්ථාවේදී අධිකරණය නියම කළේ මොහොමඩ් ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයා සෑම මාසයකම පළමු සහ අවසන් ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වාර්තා කළ යුතු බවයි.  කෙසේ වෙතත්, පසුව 2023 ඔක්තෝබර් මාසයේදී ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය, ඔවුන්ට පනවා තිබූ මෙම ඇප කොන්දේසි ලිහිල් කිරීමට තීරණය කළේය.  2023 ඔක්තෝබර් 18 වන දින කොළඹ මහාධිකරණය මඟින් මොහොමඩ් ඊබ්‍රාහිම් රෝගාතුරව රෝද පුටුවක පසුවීම සැලකිල්ලට ගෙන ඔහුගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලදී. මුලින් පනවා තිබූ සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා (මසකට දෙවතාවක්) CID එකට වාර්තා කිරීමේ කොන්දේසිය වෙනුවට, මාස තුනකට වරක් CID වෙත වාර්තා කළ යුතු බවට අධිකරණය නියම කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඉබ්‍රාහිම් හාජියාර් (යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්) 2026 සැප්තැම්බර් 22 වනදා තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රධාන පාස්කු නඩුවේ විත්තිකරුවෙකු නොවේ.

    2026 සැප්තැම්බර් 22 දින පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200–260 දක්වා සිරදඬුවම් නියම වුවද, ඊබ්‍රාහිම් හාජියාර් එම නඩුවේ විත්තිකරුවකු නොවන බැවින් එම තීන්දුව ඔහුට අදාළ නොවේ. 

    ඔහුට එරෙහිව පවතින නඩුව 

    නීතිපතිවරයා විසින් ඊබ්‍රාහිම් හාජියාර් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ HC 3072/21 යටතේ නඩු පවරා ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටියදීත් එය පොලිසියට වසන් කිරීම සහ තොරතුරු ලබා නොදීම මොවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. 

    මෙම HC 3072/21 නඩුව කොළඹ මහාධිකරණයේදී තවදුරටත් විභාග වෙමින් පවතී.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කලේ යැයි යන චෝදනාව මත මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පවරා ඇති මේ වන විට විභාග වෙමින් පවතින HC 3072/21 නඩුවේ නඩු අධීක්ෂණ වාර්තා මෙතනින් සහ මෙතනින්. 

    අධිකරණ වාර්තාකරුවන්

    අප විසින් මේ සම්බන්ධයෙන් 2026.09.22 ඊයේ දින පාස්කු මහ නඩුව සම්බන්ධයෙන් වාර්තාකරණයෙහි නිරත වුනු අධිකරණ මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් විමසීමක් සිදුකළ අතර එහිදී ඔවුන් විසින්ද තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ නොමග යවන සුළු බවයි. මොහොමඩ් ඉබ්‍රාහීම් නැතහොත් ඊබ්‍රාහීම් හාජ්ජියාර් නැමැති පුද්ගලයා ඊයේ දින තීන්දුව ප්‍රකාශයට පත් කළ පාස්කු නඩුවේ විත්තිකරුවකු නොවන බවත්, ඒ අනුව ඔහු වරදකරුවීමක් හෝ නිදොස් කොට නිදහස් වීමක් සිදුවී නොමැති බවත් ඔවුන් සඳහන් කළා. අදාල පුද්ගලයාට එරෙහිව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන්නේ වෙනත් නඩුවක් බවත් එම නඩුව විභාග වෙමින් පවතින බවත් ඔවුන් විසින් තහවුරු කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඊබ්‍රාහීම් හාජ්ජියාර් නැතහොත් මොහොමඩ් ඊබ්‍රාහීම් යන පුද්ගලයා නිදොස් කොට නිදහස් යනුවෙන් හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මෙම පුද්ගලයා 2026.09.22 දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ පාස්කු මහ නඩුවෙහි (HC 2972/21) විත්තිකරුවෙකු නොවේ. එනම් ඔහු මෙම නඩුවට සම්බන්ධ නැත. ඒ අනුව මෙම නඩුවෙන් ඔහු වරදකරුවීමක් හෝ නිදහස් වීමක් සිදුවී නැත. 

    2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එය වසන් කළේ යයි චෝදනාව මත ඔහුට විරුද්ධව වෙනම නඩුවක් පවරා ඇති අතර, එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති HC 3072/21 අංකය දරණ නඩුව තවමත් විභාග වෙමින් පවතී.

    Result Stamp

    Title: පාස්කු මහ නඩුවෙන් මොහොමඩ් ඊබ්‍රාහීම් (හාජ්ජියාර්) නිදොස් කොට නිදහස් ද ?

    Fact Check By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.