Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අරගලයේ සහායට  Mia Khalifa ත් ගාලුමුවදොර පිටියට ?

    2022-04-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ග

    ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ ඡායාරූපයක්  සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඇය සැබැවින්ම ගාලු මුවදොර අරගලයට එකතු වූවාද ? මේ ඒ පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    Mia Khalifa ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ සමාජ ජාලා සටහන් පළවූයේ මෙලෙසින්.

    ”අරගලයට ජාත්‍යන්තර සහාය” ලෙස සටහනක්ද සමගින් පළවූ ෆේස්බුක් සටහනක් මේ .

    Facebook | Archived 

    පහත දැක්වෙන්නේ උපහාසාත්මක කෝණයෙන් පළවූ තවත් එවැනි සටහනක් .

    Facebook | Archived 

    මේ පිළිබදව යම්සොයා බැලීමක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    Mia Khalifa අරගලයට සහාය දැක්වීම සඳහා සැබැවින්ම ලංකාවට පැමිණ ඇද්ද යන කාරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල සඳහන්ව ඇද්දැයි අප විසින් සොයා බැලුවා. එවැනි වාර්තාවක් අපට දැකගන්නට නොලැබුණි.

    ඉන් අනතුරුව අප ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් ද පරීක්ෂා කළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ ඇය මෙරටට පැමිණි බවට කිසිදු සඳහනක් දක්වා නොමැති බවයි.

    අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට දක්නට ලැබුණේ සමාජ ජාලාවල ඇති ඡායාරූපය සංස්කරණය කර ඇති එකක් වන බවයි. 

    මෙම ඡායාරූපය 2017 වසරේදී ඇමෙරිකාවේ ටෙක්සාස් හි වාසය කරන Twitter පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.

    https://twitter.com/FourthTigerClaw/status/878462310939021315

    මෙම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, ටෙක්සාස් වීදියේ ගමන් කරමින් සිටි Mia Khalifaගේ ඡායාරූපයක් අනවසරයෙන් ලබා ගත් තරුණයෙකු සිය ට්විටර් ගිණුමේ දක්වා තිබූ ඡායාරූපයකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය ධාරාවල වාර්තා වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ඉහත ඡායාරූපය උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරමින් සමාජ ජාලා සටහන් නිර්මාණය කර ඇති බව පැහැදිලියි. 

    ඡායාරූප සංසන්දනයක් පහතින්. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ Mia Kalifa ගෝල්ෆේස් අරගලයට එකතුවූ බවට හැගවෙන සේ පළවන ඡායාරූප සකසා ඇත්තේ 2017 වසරේ සිට අන්තර්ජාලය තුළ සැරිසැරූ ඡායාරූපයක් උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරමින් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.