Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පෙබරවාරි 7 දින ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමුවාද ??

    2022-02-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අපොස උසස් පෙළ විභාගය ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන පෙළේ කඩයිම් විභාගයක්. 2021 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2021 අගෝස්තු මාසයේදීයි. නමුත් එයමාස කිහිපයකින් කල් දමා 2022 පෙබරවාරි මස 7 වැනිදාට පැවැත්වීමට නියමිතවයි තිබුණේ. කෙසේ වෙතත් එම දි

    අපොස උසස් පෙළ විභාගය ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන පෙළේ කඩයිම් විභාගයක්. 2021 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2021 අගෝස්තු මාසයේදීයි. නමුත් එයමාස කිහිපයකින් කල් දමා 2022 පෙබරවාරි මස 7 වැනිදාට පැවැත්වීමට නියමිතවයි තිබුණේ. කෙසේ වෙතත් එම දිනය තවත් කල් දමන බවට නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවැනි සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් :

    ෆෙස්ස්බුක් පිටුවක් මගින් පෙබරවාරි 7 පැවැත්වීමට නියමිතව තිබුණු විභාගය කල් දමා ඇති සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්. 

    “පෙබරවාරි 7 දින පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය ලබන අප්‍රේල් මස 9 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට හදිසි රිට් පෙත්සමකට අනුකූලව තාවකාලිකව කල් දමා ඇත.ඒ අනුව 2022 අප්‍රේල් මස 9 වැනිදා උසස් පෙළ විභාගය ආරම්භවේ. “

    Facebook | Archived

     Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ මේ ආකාරයට උසස් පෙළ විභාගය පෙබරවාරි 7 වැනිදායින් වෙනත් දිනයකට කල් දමා ඇතිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මගින් එවැනි කල් දැමීමක් පිළිබදව පළකර ඇති වාර්තා දක්නට නොමැති බවයි.

    කෙසේ වෙතත් උසස් පෙළ විභාගය කල් දමන ලෙස සහ විභාග කාල සටහන අවලංගු කර රිට් ආඥාවක් නිකුත් කරන  ලෙස නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොණු කර තිබුණා. කෙසේ වෙතත් දින කිහිපයකට පෙර එම පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. පෙත්සම ඉදිරිපත් කරමින් නාගානන්ද කොඩිතුවක්කු පවසා තිබුණේ, කොවිඩ් 19 තත්ත්වය,ගුරු වර්ජනය ආදිය නිසා සිසුන්ට සිය අධ්‍යයන කටයුතු සඳහා පෙබරවාරි 7 වන විටත් ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැති නිසා විභාග කාල සටහන අත්හිටුවා විභාගය කල් දමන ලෙසයි. කෙසේ වෙතත් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.Archived.

    මේපිළිබදව තහවුරු කරගැනීම සඳහා අප විභාග දෙපාර්තුමේන්තුවෙන් කරුණු විමසූ අතර එහි ප්‍රකාශකයෙක් තහවුරුකලේ පෙබරවාරි 7 වැනිදා නියමිත පරිදි මේ වන විට නිකුත් කර ඇති කාල සටහන අනුව විභාගය පැවැත්වෙන බව සහ විභාගය කල් දැමීමක් සිදු නොවන බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ විභාග දෙපාර්තුමේන්තුව විසින් අපොස උසස් පෙළ විභාගය කල් දමා නොමැති බවයි. ඒ අනුව ඔවුන් නිකුත් කර ඇති කාල සටහන අනුව උසස් පෙළ විභාගය පෙබරවාරි 7 වන දින ඇරඹෙනු ඇත. එය කල් දමන ලෙස අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක්  අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.