Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (අප්‍රේල් 27 / මැයි මස 03) දින මැදියම් ‍රැයේ නිකුත් වන බවට ව්‍යාජ සටහන් පෙළක්!

    2021-04-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අ.පො.ස සාමන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි විභාගයන්හි ප්‍රතිඵල නිකුත්වන දින පිළිබඳව සටහන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ අතර තහවුරු නොකරන ලද උපකල්පන රැසක් ද පළවන අතර ඒ සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි සිසුන්, දෙමව්පියන් මෙන්ම විවිධ පාර්ශ

    අ.පො.ස සාමන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි විභාගයන්හි ප්‍රතිඵල නිකුත්වන දින පිළිබඳව සටහන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ අතර තහවුරු නොකරන ලද උපකල්පන රැසක් ද පළවන අතර ඒ සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි සිසුන්, දෙමව්පියන් මෙන්ම විවිධ පාර්ශව රැසක් විමසීම් සිදුකරනු දැකගන්නට ලැබෙනවා.

    Update : මැයි මස 03 වැනිදා මැදියම් රැයේ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන බවට ද සටහන් පෙළක් නැවත වරක් හුවමාරු වූ අතර විභාග කොමසාරිස් තුමා අප සමඟ තහවුරු කර සිටියේ මැයි මස 03 මැදියම් රැයේ දී ප්‍රතිඵල නිකුත් වීමක් සිදුවන්නේ නැති බවත් නුදුරැ දිනයක දී ම එය සිදුවන බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    පසුගිය වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අද (අප්‍රේල් මස 27 දින) මැදියම් ‍රැයේ නිකුත් කරන බවට අප්‍රේල් මස 27 පෙරවරුවේ අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කල බවට පුවතක් Mr.අවී-Mr.avi නම් ෆේස්බුක් පි‍ටුව විසින් සටහනක් පල කර තිබුනා.

    Facebook | Archived

    2020 වසරේ අපොස උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටි සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියනුත් විභාග ප්‍රතිපල නිකුත් වන දිනය පිලිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති පසුබිමක මේ ආකාරයේ පුවතක් කෙරේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුනා.

    අප මෙම කරුනේ සත්‍යතාවය පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    උසස් පෙළ ප්‍රතිපල අප්‍රේල් මස අවසාන සතියේ පිටවන බවට අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කල බවට පුවත් ප්‍රධාන මාධ්‍ය හරහා වාර්තා කර තිබුනා. එම පුවත් කිහිපයක් පහතින්

    DailynewsArchived
    NewsFirstArchived

    කෙසේ වෙතත් අද (අප්‍රේල් 27)  දිනයේ මාධ්‍ය සාකච්චාවක් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ද තිබුණා. 2020 උසස් පෙළ ප්‍රතිපල පිලිබඳව ප්‍රකාශයක් අමාත්‍ය ජී එල් පීර්ස් මහතා එහිදී සිදුකර ඇති දැයි අප වැඩි දුරටත් සොයා බැලුවා.

    අද දිනයේ ජී එල් පීරිස් මහතා උසස් පෙළ ප්‍රතිපල ප්‍රකාශයට පත්ව දිනයක් පිලිබඳ කිසියම් හෝ ප්‍රකාශයක් සිදු කර තිබෙනු අපට දැක ගැනීමට ලැබුනේ නැහැ. දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල් හා පිරිවෙන්වල පන්ති අප්‍රේල් 30 වැනිදා දක්වා නොපැවැත්විමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා එහිදී පවසා සිටිනවා.

    https://www.facebook.com/glpeiris.lk/posts/135563915250982?__cft__[0]=AZVcc6aLDJXAQl_7ZP2f0oiQPeJOVjGL95eiALzfvbvbTjQ6fvWRYRUXQsNgXq91qPAGOyvg8DZXQu0lb0bEWN3dFnG93JW3YdSMaK8-A5ZmsDG1xht7paiFUzQDX4f7BSfP8u4nrrMjwhMcCc_1dP0MX_M4lhcy3Rw8p9QwISiciw&__tn__=%2CO%2CP-R
    NewsFirstArchived

    සැබැවින්ම අද දින රාත්‍රියේ 2020 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වනවාදැයි යන පුවතේ සත්‍යතාවය තහවුරු කර ගැනීමට අප විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතාගෙන් විමසීමක් සිදුකළා. එතුමා තහවුරු කලේ අප්‍රේල් මස 27 දින හෝ මැයි මස 03 දින මධ්‍යම රාත්‍රියේදී උසස් පෙළ ප්‍රතිපල නිකුත් කිරීමේ සූදානමක් නැති බවත් එය ඉදිරි දිනකදී දැනුම් දෙනු ඇති බවත්ය.

    Update : අප්‍රේල් 28 වැනිදා මාධ්‍ය වෙත කරුණු දක්වමින් ජී.එල්.පීරිස් අමාත්‍යවරයා පවසා සිටියේ සතියක කාලයක් ඇතුළත උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි. එම ප්‍රකාශය පහතින්

    https://www.facebook.com/glpeiris.lk/posts/136189855188388?cft[0]=AZXRuYuIQqEaqpy7kCiEkblLzRvHTuZi2qD2hOL_L4DzLR3pqEaONHoBJie1K9DeYrT49Op9v_e4ixOrbo0ptV0if4glmOA0RtRJVkQg-PGJBQBp4ylyZUHqOHl-_AxqERNZv9afiHTLrPwLYU3kk6_dFBqdoBWq_hJiGYNkaXIyXw&tn=%2CO%2CP-R

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වනුයේ 2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද දින (අප්‍රේල් 27 / මැයි 03) මැදියම් රාත්‍රියේ නිකුත් වන බවට පැවසෙන පුවතේ සත්‍යතාවයක් නොමැති බව අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.