Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සියඹලාන්ගමුවේ ඇතා මෑතකදී මිය ගිය බවට පළ වන නොමග යන සුළු සටහනක්!

    2024-08-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සංවේදී කරන කාරණා ඔස්සේ ජනතාව නොමග යවමින් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් රීච් ලබා ගැනීම සඳහා අතීතයේ සිදුවී සත්‍ය තොරතුරු වුවද, වර්තමානයේ සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ කර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මිනිසුන් සංවේදී කරන කාරණා ඔස්සේ ජනතාව නොමග යවමින් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් රීච් ලබා ගැනීම සඳහා අතීතයේ සිදුවී සත්‍ය තොරතුරු වුවද, වර්තමානයේ සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ කරනු ලබනවා. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ සටහනක නිරවද්‍යතාව පැහැදිලි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ලංකාවේ සිටි විශාලතම ඇත්‍ රජු වන සියඹලාන්ගමුවේ ඇත් රජුට  නිවන් සුව ලැබේවා!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ මේ දිනවල සංසරණය වී තිබුණේ සියඹලාන්ගමුවේ ඇතා මෑතකදී මිය ගිය බවට දක්වමින්.

    මේ පිළිබඳව කරුණු පරික්ෂාවක් කිරීමට අප  පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සියඹලන්ගමුවේ ඇතා මෑතකදී මිය ගිය බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

    නමුත් මෑතකදී එවැනි පුවතක් වාර්තා නොවී ඇති අතර සියඹලන්ගමුවේ ඇතා මියගොස් තිබුණේ 2010 වසරේ නොවැම්බර් 23 බවට දක්වා තිබූ මාධ්‍ය වාර්තා අපට දැක ගන්නට ලැබුණා.

    Archived Link

    මෙම ඇතා 2010 වසරේ මිය ගිය බවට තහවුරු වන තවත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින් සහ මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු අනෙකුත් ඡායාරුප ද එම වකවානුවේ දී මෙම හස්තියාගේ අවාසන්ත මරණය හා සම්බන්ධ සේයාරු අබව ද අපට දැක ගන්නට ලබුනා.

    සියඹලන්ගමුව හස්තියාගේ මරණය පිළිබඳ පළවූ වාර්තා

    සියඹලන්ගමුව හස්තියා ගල්ගමුවේ සිට උඩවලව ඇත් අතුරු සෙවණ වෙත ප්‍රවාහනය කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස අනතුරට පත් ව මියගොස් තිබුණා.

    අඩි 8 1/2 ක් විතර උස දළ දෙක අඩි 5 ක් පමණ ඇති සියඹලන්ගමුවේ ඇතා මුලදී ගම් වැසියන් සමග කුළුපගව සිටියත් පසු ව වෙනත් ආක්‍රමණ අලින් දෙදෙනක් සමග ඇසුර ලැබීමත් සමග මෙම ඇතා ද, ආක්‍රමණ ශීලි වී තිබෙනවා. ඇතා පාරේ ගියපු වාහනවලට පහර දී ඇති අතර පසුව තමා ළඟට පැමිණි ඇතැම් මිනිසුන්ට ද, ඊටත් පසුව ධීවරයෙකුටත් පහරදීමක් සිදු කළ බව වාර්තා වෙනවා.

    ඔහු මිය ගොස් තිබුණා. එලෙසින් පහරදී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ පිරිස් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ගෙන තිබුණා.

    මෙලෙසින් සියඹලන්ගමුවේ ඇතා සමගින් “අලි- මිනිස්” අරගලයකට මුල පිරුණු බවයි ගම් වාසීන් සඳහන් කර තිබුණේ. තම ජීවිතය සම්බන්ධයෙන් ඇති බිය නිසා ම මෙම ඇතාව ගමෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙන් ගම්වාසීන් ඉල්ලා තිබෙනවා. 

    මේ හේතුවෙන් තම නිජබිමෙන් මෙම ඇතා ඉවත් කර ප්‍රවාහනය කිරීමට යාමේදී වුණ මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්. එස්. කේ. පතිරත්න මහතා පුවත් පතකට මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    “කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආසනේට තමයි සියඹලාන්ගමුව කියන ප්‍රදේශය අයිති වෙන්නේ. කවුරු කොහොම කිව්වත් මගේ අදහස නම් මේ ඇතාට වයස අවුරුදු 50 ක් 55 ක් වත් ඇති කියලයි. සියඹලන්ගමුවේ ඇතා” දන්න කාලේ ඉඳලම ඉඳලා තියෙන්නේ ඔය ගමේ. වල් අලියෙක් වුණාට මිනිස්සු ඒ ඇතා අහිංසක සතෙක් විදිහට දැකලා තියෙන්නේ. අතපත ගාලා හුරතල් කරළත් තියෙනවා.

    සිද්ධිය පිළිබඳව අපිට ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පවා කතා කළා. මේ ඇතා ජීවිතයක් බිලි අරගත්තා. තවත් මිනිස්සුන්ට කරදර කරනවා කියලා. ඒ හින්දා අපි තීරණය කළා ඒ ඇතාව අල්ලන්න. ඒක ලොකු මෙහෙයුමක්.

    අහිංසක ඇතා, ප්‍රචණ්ඩ වුණේ කොහොමද කියන එක අපිටත් ගැටලුවක්. කොහොම නමුත් ඇතාව නිර්වින්දනය කරලා අපි ඌව ඇල්ලුවා. ඇතාව ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්නයි අපි උත්සාහ කළේ.”

    තමන් ආදරය කළ සියඹලන්ගමුවෙන් යන්න ඇතා අකමැති වුණා. ඉස්සරහට එක කකුලක් තියද්දී එහෙම තිබ්බේ කීප වතාවක් කකුල මෙගොඩින් තියලයි.

    “මට දාලා යන්න බෑ. බෑ කියලා ඇතා රථය ඇතුළෙදි දඟ කළා.

    ලී කෑලි දාලා, ඊට යටින් යකඩ බාර් දලා තිබුණු වාහනෙන් මම පනින්නේ කොහොමද කියලා හිතපු ඇතාට උපක්‍රමයක් මතක් වුණා. ඒ දළ දෙක දාලා පුළුවන් වීරියෙන් ලෑලි ගලවන එක. ඒත්, “සියඹලන්ගමුවේ ඇතා” හීනෙකින්වත් හිතුවේ නෑ මං මේ යන්න හදන්නේ මගේ අවසන් ගමන කියලා. දළ දෙකෙන් පුළුවන් තරම් වීරිය දාලා ලී කෑල්ලක් ඇද්දා. එකපාරටම ඒකේ ඇතාගේ කකුල හිරවුණා. දාලා තිබුණු යකඩ බාර් පපුවට තද වෙද්දී තවත් සද්දන්තයා දැඟලුවේ එතනින් බේරෙන්න ලෑලි ටික ගලවගන්න.

    වනජීවී නිලධාරීන් හිරවෙල තිබුණු ඉස්සරහා කකුල් දෙක බේරගන්න ඇතාගේ බැමිත් ලිහලා දැම්මා. ඒ වගේම ආපහු කැළයට ගෙනිහින් දාන්නත් උත්සාහ කළා. ඒත් අන්තිමේදී හැමෝම අඬවලා සද්දන්තයා නොඑන ගමනක් ගියා.

    “ඇතාව අල්ලලා තියෙන්නේ අඟහරුවාදා හවස පහට විතර. එදා රෑ තමයි ඇතාව කොහෙහරි රක්ෂිතයකට ගෙනියන්න සූදානම් කරලා තියෙන්නේ. ඇතාගේ දළ ගොඩක් දිගයි. ඇතාව ගෙනියන්න යොදාගෙන තිබුණේ ලක්ෂ 70 ක් විතර වටිනා අලුත් ලොරියක්. 2006 ඉඳලා මේ වෙනකම් ඒ ලොරියෙන් අලි 75 ක් විතර ඇදලා තියෙනවා. ඒ ලොරියමයි මේකටත් අපි යොදා ගත්තේ.

    ලොරියේ අඩියට අඟල් හතරේ ලෑලි ගහලා යකඩ බාර් දාලා තිබුණා. ඇතා හැසිරිලා තිබුණේ හරිම දරුණු විදිහටයි. දළ දෙකෙන් ඇදලා ලෑලි කැඩුවා. එහෙම නැතුව මේක ප්‍රවාහනයේ දී සිදුවුණු වරදක් නෙවේ.”

    සද්දන්තයාගේ වෙන්වීම ගැන අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසා තිබුණේ එවන් අදහසක්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සියඹලාන්ගමුවේ ඇතා මෑතකදී මිය ගිය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය වන අතර එම ඇතා මිය ගොස් තිබුණේ 2010 වසරේදීය

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.