Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පෙම්වතිය ඝාතනය කර ශරීර කොටස් ක්‍රිස්පි චිකන් ලෙස හැඟවෙන අයුරින් සෑදූ ඉන්දීය තරුණයෙක් පිළිබඳ හුවමාරු වන සටහන් වල ඇත්ත කතාව!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-26
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තම පෙම්වතිය ඝාතනය කර ඇගේ ශරීර කොටස් වලින් ක්‍රිස්පිචිකන් සෑදූ තරුණයෙක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයාාබලමින්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    තම පෙම්වතිය ඝාතනය කර ඇගේ ශරීර කොටස් වලින් ක්‍රිස්පිචිකන් සෑදූ තරුණයෙක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයාාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “කුරිරු බව උපරිමේටම ගැබ් වෙලා තියෙන මිනීමැරුමක් ගැන ඉන්දියාවේන් වාර්තා වෙනවා.බෑග් එකක තිබිලා පොලීසියට හම්බෙනවා බැදපු මස් වගේ දෙයක්. ඒත් මේ සාමාන්‍යයෙන් කන මස් ජාතියක් නොවන බව සහ ඒ සම්බන්දව වුණු සැකය නිසා පොලිස් පරීක්ශන කරගෙන යද්දි තමා පොලීසිය ඇත්ත තත්වය තේරුන් ගන්නේ.මේ තියෙන්නෙ ගැහැණියකගේ ශරීර කොටස්. එක්තරා ප්‍රේමවන්තයෙක් ඔහුට වංචා කලා කියලා තමන්ගෙ පෙම්වන්තියව මරලා. මේක මරණෙන් කෙලවර උනානම් සාමාන්‍ය සිදුවීමක් වෙන්න තිබුණා. ඒත් මේක එතනෙන් නැවතිලා නම් නෑ. ඔහු තමන්ගේ ප්‍රේමවන්තියව කුඩා කුඩා කොටස් වලට කපලා, ඒ කෑලි වල හොදට පිටි තවරලා, උණු උනු තෙලේ වඩේ බදිනවා වගේ බැදලා.රස කෑමක් කන්න හිතාගෙන එහෙම හොදින් බැදගත්තත් ඔහුට එය කන්න නොහිතෙන්න ඇති සමහර විට. ඒනිසා ඔහු ඒක බෑගයක අසුරලා දාල ගිහින්. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.අසීමාන්තික ආදරය මරණය වුවත් කැන්දයි කියලා කිව්වට, දැන්නම් කියන්න වෙන්නෙ අසීමාන්තික ආදරය ක්‍රිස්පි චිකන්ද සාදයි කියලා තමා.” යනුවෙන් එම සටහනෙහි දක්වා ඇත.


    Facebook | Archived Link

    Facebook Facebook Facebook Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉන්දියාවේ මෙවැනි සිදුවීමක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ සහ නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ තහවුරු කර තිබිය යුතුයි. ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි සිදුවීමට අදාලව ඡායාරූපයක්ද දක්වා තිබුණි. ඒ අනුව අප විසින් එම ඡායාරූපය ඔස්සේ සහ Key words ඔස්සේ එවැනි සිදුවීමක්  සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තාකර තිබේද යන්න සොයා බැලීමට කටයුතු කළා.

    එහිදී හඳුනා ගැනීමට ලැබුණේ මෙම සිදුවීම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගර සීමාවෙන් පිටත පිහිටි ගුඩුවංචේරි  ප්‍රදේශයේ මස්ජිඩ් නම් වීදියේ සිදුවී ඇති සිදුවීමක් බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය හරහා වාර්තාකර ඇති බවත්ය. 

    පෙම්වතෙකු විසින් මෙම ඝාතනය සිදුකළ බවට සටහන්වල හුවමාරු වුවද ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් වන්නේ අඹුසැමි යුවළකි. ඝාතනයට හේතුව අනාවරණය වී නැත.

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කරන පරිදි  මියගොස් ඇත්තේ 38 හැවිරිදි හයතුන් නිෂා නැමැති කාන්තාවකි. ඇය ඔඩිෂා ප්‍රාන්තයේ ජගන්සිංපූර් හි උපන් තැනැත්තියක් වන අතර, සැමියාගෙන් වෙන්ව චෙන්නායි හි පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇත. ඇයට 19 හැවිරිදි පුතෙකු සිටී. ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් වන්නේ ඇය සමඟ එකම කුලී නිවසක ජීවත් වූ අඹුසැමි යුවළකි. ඔවුන් ඇසෑම් ප්‍රාන්තයේ මනික් උද්දීන් ලස්කාර් සහ ඔඩිෂා ප්‍රාන්තයේ භගවතී මාජි ලෙස හඳුනාගෙන ඇත. ඝාතනයට නිශ්චිත හේතුව තවමත් නිල වශයෙන් අනාවරණය වී නැත. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    පොලීසියට බෑගයක තිබී බැදපු මස් හමුවූ බව දක්වා ඇතත් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තාකර ඇති සැබෑ සිදුවීමට අනුව දුම්රියේ තිබී පොලීසියට හමු වී ඇත්තේ කැබලි කරන ලද, නරක් වෙමින් තිබූ මිනිස් සිරුරු කොටස් 18කි

    2026 අගෝස්තු 03 රාත්‍රී 10:00 ට පමණ චෙන්නායි සෙන්ට්‍රල් දුම්රිය ස්ථානයේ අංක 4 වේදිකාවෙන් නව දිල්ලි බලා යාමට නියමිතව තිබූ තමිල්නාඩු එක්ස්ප්‍රස් (Train No. 12621) දුම්රියට පිරිමියෙකු සහ කාන්තාවක විසින් රතු පැහැති ට්‍රොලි බෑගයක් රැගෙන විත් එහි පසුපස සාමාන්‍ය මැදිරියක තබා ඇත. ඉන්පසු එම යුවළ දුම්රියෙන් බැස පළා ගොස් ඇත. 2026 අගෝස්තු 05 පාන්දර 5:00 ට පමණ දුම්රිය උත්තර ප්‍රදේශ්හි අග්‍රා කැන්ටොන්මන්ට් දුම්රිය ස්ථානයට ළඟා වූ විට, අදාළ ට්‍රොලි බෑගයෙන් දුර්ගන්ධයක් සහ ලේ වහනය වන බව දුටු මගීන් දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබේ. රේල්වේ ආරක්ෂක බලකාය (RPF) සහ දුම්රිය පොලීසිය (GRP) බෑගය විවෘත කළ විට, හිස නොමැතිව කැබලි කරන ලද, නරක් වූ මිනිස් සිරුරු කොටස් 18ක් එහි තිබී හමු වී ඇති බවට මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

    ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන්නේ බෑගයේ තිබී පොලිසියට බදින ලද මස් වැනි යමක් හමුවී ඇති බවයි. කෙසේ නමුත් ඉන්දීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නිල වශයෙන් තහවුරු කරන ලද තොරතුරු වලට අනුව අදාල බෑගයේ තිබී ශරීර කොටස් 18 ක් හමුවී ඇති බව සත්‍යයක් වුවද එම ශරීර කොටස් බදින ලද මස් ලෙස හමුවී නැත. 

    නිවස පරීක්ෂා කිරීමේදී බුරියානි පිසීමට ගන්නා විශාල භාජනයක් තුළ තිබී මියගිය කාන්තාවගේ ඉතිරි සිරුරු කොටස් සහ ඇගේ හිස සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

    අග්‍රා පොලීසිය සහ තමිල්නාඩු පොලීසිය එක්ව දුම්රිය ස්ථානවල CCTV කැමරා 350කට වඩා පරීක්ෂා කරමින් බෑගය රැගෙන ආ පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කර තිබේ. එමඟින් සැකකරුවන් චෙන්නායි නුවරින් තදාසන්න දුම්රියක සහ ඔටෝ රික්ෂෝ රථයක නැගී චෙන්නායි නගර සීමාවෙන් පිටත පිහිටි ගුඩුවංචේර ප්‍රදේශයට ගිය බව සොයා ගෙන තිබේ. 2026 අගෝස්තු 21 සිකුරාදාපොලිස් කණ්ඩායම් විසින් ගුඩුවංචේරි හි මස්ජිඩ් වීදියේ  සැකකරුවන් කුලියට රැඳී සිටි නිවස වටලා ඇත. එහිදී නිවස වසා දමා සැකකරුවන් පළා ගොස් ඇති අතර, නිවස පරීක්ෂා කිරීමේදී බුරියානි පිසීමට ගන්නා විශාල භාජනයක් තුළ තිබී මියගිය කාන්තාවගේ ඉතිරි සිරුරු කොටස් සහ ඇගේ හිස සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    සැකකරුවන් විසින් සිරුර කැබලි කර, කොටසක් දුම්රියේ දමා, ඉතිරි කොටස් නිවසේ තිබූ විශාල භාජනයක බහා දුර්ගන්ධය වැළැක්වීමට සහ සාක්ෂි විනාශ කිරීමට පිටි සහ එළවළු වර්ග තවරා තිබූ බව පොලීසිය තහවුරු කර තිබේ.සමාජ මාධ්‍ය තුළ “ක්‍රිස්පි චිකන්” ලෙස ප්‍රචාරය වූයේ මෙම පිටි තැවරීමේ සිදුවීමයි.

    ඔවුන් සිදු කර ඇත්තේ සාක්ෂි සැඟවීමට සහ මස් කුණුවීමේදී එන දුර්ගන්ධය පාලනය කිරීමට සිරුරු කොටස් මත පිටි  සහ එළවළු වර්ග තවරා විශාල බුරියානි භාජනයක දමා තිබීමයි. එසේම ඝාතකයන් මෙය ආහාරයට ගැනීමට සූදානම් වූ බව සහ පසුව අදහස වෙනස් වී බෑගයක දැමූ බව සමාජ මාධ්‍ය තුළ පවසා ඇතත් මෙය මිනීමැරුමෙන් පසු සාක්ෂි සහ සිරුර විනාශ කර දැමීමට  සැකකරුවන් දැරූ උත්සාහයකි. ආහාරයට ගැනීමේ කිසිදු අරමුණක් හෝ උත්සාහයක් තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී නැත.

    සැකකරුවන් ශරීර කොටස් පිසින ලද බවට වන වාර්තා පොලීසිය ප්‍රතික්ෂේප කර ඇත

    සැකකරුවන් ශරීර කොටස් පිසින ලද බවට, පිසීමට හෝ බිරියානි පිළියෙළ කිරීමට භාවිතා කිරීමට උත්සාහ කළ බවට වන වාර්තා පොලීසිය ප්‍රතික්ෂේප කර ඇත.වැඩිදුර තොරතුරු මෙතනින්.

    සැකකරුවන් දෙදෙනාගේ ජංගම දුරකථන සංඥා ඔස්සේ ඔවුන් ඔඩිෂා ප්‍රාන්තයට පළා ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තමිල්නාඩු පොලිස් විශේෂ කණ්ඩායම් 3ක් මේ වන විට ඔඩිෂා සහ ඇසෑම් ප්‍රාන්ත වෙත පිටත්ව ගොස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ තම පෙම්වතිය ඝාතනය කර ශරීර කොටස් වලින් ක්‍රිස්පි චිකන් සෑදූ ඉන්දීය තරුණයෙක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන නොමග යවන සුළු බවයි. මෙය පෙම්වතෙකු විසින් සිදුකළ ඝාතනයක් ලෙස හුවා දක්වා ඇතත් ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා පාදක වී ඇති සැබෑ සිදුවීමට අනුව පොලීසිය විසින් ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ අඹුසැමි යුවළකි. මියගිය කාන්තාව ඔවුන් සමඟ එකම නිවසේ ජීවත් වී ඇත. තවමත් ඝාතනයට නිශ්චිත හේතුව පොලීසිය නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

    ඉහත සමාජ මාධ්‍ය සටහන ඔස්සේ පොලීසියට බෑගයක තිබී බැදපු මස් වැනි දෙයක් හමුවූ බව දක්වා ඇතත් දුම්රියේ තිබී පොලීසියට හමු වී ඇත්තේ කැබලි කරන ලද, නරක් වෙමින් තිබූ මිනිස් සිරුරු කොටස් 18කි.ඝාතකයන් සිරුරු කොටස් පිටි තවරා තෙලේ බැද ඇති බව සමාජ මාධ්‍ය සටහන ඔස්සේ ප්‍රකාශ කර ඇතත් සැකකරුවන් සිරුරු කොටස් තෙලේ බැද නැත. ඔවුන් සිදු කර ඇත්තේ සාක්ෂි සැඟවීමට සහ මස් කුණුවීමේදී එන දුර්ගන්ධය පාලනය කිරීමට සිරුරු කොටස් මත පිටි  සහ එළවළු වර්ග තවරා විශාල බුරියානි භාජනයක දමා තිබීම පමණි. එසේම ඝාතකයන් මෙය ආහාරයට ගැනීමට සූදානම් වූ බව සහ පසුව අදහස වෙනස් වී බෑගයක දැමූ බව පවසා ඇති අතර මෙය මිනීමැරුමෙන් පසු සාක්ෂි සහ සිරුර විනාශ කර දැමීමට  සැකකරුවන් දැරූ උත්සාහයකි. ආහාරයට ගැනීමේ කිසිදු අරමුණක් හෝ උත්සාහයක් තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී නැත.

    Result Stamp

    Title: පෙම්වතිය ඝාතනය කර ශරීර කොටස් ක්‍රිස්පි චිකන් ලෙස හැඟවෙන අයුරින් සෑදූ ඉන්දීය තරුණයෙක් පිළිබඳ හුවමාරු වන සටහන් වල ඇත්ත කතාව!

    Fact Check By: B.P Hansani

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.