Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආරුක්කු නවය පාලමේ මෑතකදී ඇති වූ පැල්මක් නිසා පාලම අනතුරේද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ ආරුක්කු නවය පාලමේ පැල්මක් ඇති බවත් කවර හෝ මොහොතක පාලම කඩා වැටීමේ අවදානමක් ඇති බවත් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රසිද්ධ ආරුක්කු නවය පාලමේ පැල්මක් ඇති බවත් කවර හෝ මොහොතක පාලම කඩා වැටීමේ අවදානමක් ඇති බවත් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ආරුක්කු 9 පාලම කඩාගෙන වැටෙන්න ද යන්නෙ? මෙන්න සැබෑ තත්ත්වය. ශ්‍රී ලංකාවේ සුන්දරම සහ ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වෙන ඇල්ල ආරුක්කු නවය පාලමේ පිපුරුමක්. පැයට දහස් ගණනක් ගමන් කරන  සහ සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන උනත් මේ වෙනකම් කිසි කතාබහක් තාමත් වෙලා නෑ.​මෙය සැබවින්ම පාලමේ පැවැත්මට තර්ජනයක්ද? නැත්නම් වසර ගණනාවක් පැරණි මේ විශ්මිත නිර්මාණය තවමත් සුරක්ෂිතද” යනුවෙන් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook 

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රසිද්ධ ආරුක්කු නවය පාලම ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති අතර, සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ස්ථානයකි. මෑතකදී මෙම පාලමෙහි යම්කිසි පැල්මක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ වෙනත් නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ ද වාර්තාකර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ මෑතකදී පාලමේ සිදුවූ එවැනි පැල්මක් සම්බන්ධයෙන් නිල  විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කරන ලද වාර්තාවක් නොමැති බවයි. 

    කෙසේ නමුත් ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක් සම්බන්ධයෙන් 2025 වසරේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති ආකාරය නිරීක්ෂණය විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    ආරුක්කු නවය පාලම සම්බන්ධයෙන් 2025 වසරේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවක් සිදුකර ඇත.

    අප විසින් සිදුකළ පරීක්‍ෂාවේදී පැහැදිලි වූයේ, 2025 වසරේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්  සහ පැල්මක් ඇති බවට පළවූ වාර්තා ඔස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුකර ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙහි නිල වෙබ් පිටුවෙහි ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    ආරුක්කු නවය පාලමේ යම් පැළීම් සහ ජලකාන්දු තත්ත්වයක් පිළිබඳව මහජනතාවගේ අවධානයට ලක්ව තිබූ බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන්, නිරීක්‍ෂණයක් 2025.10.25 දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ බවත් එහි සඳහන්. 

    එම පරීක්ෂණයේදී මූලික වශයෙන් පාලමේ ව්‍යුහාත්මකව කිසිදු පැලීම් තත්ත්වයක් හෝ විශාල දෝෂ තත්ත්වයක් නොමැති බවත්, අඩි 300 ක් දිග අඩි අසූවක් උස සහ අඩි 25ක් පළල මෙම පාලමේ කුළුණු අතරින් සුළු වශයෙන් ජල කාන්දුවක් සිදුවන බවත් නිරීක්ෂණය වී ඇත. 

    පාලම මතට වැටෙන ජලය පිටතට ගලා යෑමට තිබූ ජල පෙරෙන මාර්ග අවහිරවීම හෝ වැසී යාම ඊට ප්‍රධානම හේතුව විය හැකි බව විශේෂඥ මතය වී ඇත. අදාළ ජල කාන්දුව නතර කිරීමට අවශ්‍ය තාක්ෂණික නිර්දේශ ලබාදීමට පියවර ගනිමින් සිටින බවද එම වාර්තාවෙහි දක්වා ඇත. 

    මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා කර ඇත.

    එහිදී අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව මෙම ස්ථානීය පරීක්ෂණය සිදුකළේ පාලමේ යම් පැලීම් සහ ජල කාන්දුවීම්  සිදුවන බවට මහජනතාව පළ කළ අදහස් පිළිබඳව අධ්‍යයනය කර පාලමේ ස්ථාවරත්වය තහවුරු කිරීමට බවයි. මහජනතාව අවධානය යොමු කර තිබූ පරිදි පාලමේ කිසිදු ස්ථානයක කිසිදු පැලීම් තත්ත්වයක් නිරීක්ෂණය නොවන බව ඒ මහතා අවධාරණය කර ඇත. කෙසේ නමුත්, පාලමේ යම් යම් ස්ථානවලින් ජලය කාන්දු වීමක් පවතින බව ඔහු පවසා තිබේ.ඒ සම්බන්ධයෙන් තවත් මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී බදුල්ල දිස්ත්‍රික් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යාලය විසින් සඳහන් කළේ මෑතකදී පාලමෙහි සිදුවූ එවැනි පැල්මක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි.

    ඇල්ල දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම්

    අරුක්කු නවය පාලම ඔස්සේ දුම්රිය ධාවනය වන බැවින් මෙවැනි දෙයක් සිදුවී ඇත්නම් මෙය සම්බන්ධයෙන් ආසන්න දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් විය යුතුයි. ඒ අනුව අප විසින් ඇල්ල දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ මෑතකදී පාලමේ සිදුවූ එවැනි පැල්මක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වීම සිදුවන බවත්ය.

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    අප විසින් 2025 වසරේදී ආරුක්කු නවය පාලමේ ජල කාන්දුව සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වෙත වාර්තා කර ඇති බදුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කරන ලද අතර එහිදී එම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් සඳහන් කළේ, පාලමෙහි අලුතින් පැල්මක් ඇති වී නොමැති බවයි. ආරුක්කු නවය පාලමේ පැල්මක් ඇති බවට වන කතාබහ මෑතකාලීන එකක් නොවන බවත්,ගිය වසරේද මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති වූ බවත් ඔවුන් විසින් සඳහන් කළා. ගිය වසරේ මේ සම්බන්ධයෙන් ඇති වූ කතාබහත් සමග ආරුක්කු නවය පාලම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය විසින් සිදු කළ බවත්, පාලමෙහි ජල කාණ්දුවක් සහිත ස්ථානයක් හඳුනා ගත් බවත් ඔහු විසින් සඳහන් කලා. ගිය වසරේදී සිදු කළ එම පරීක්ෂණයෙන් පාලමට හානියක් නොමැති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තීරණය කළ බවද ඔහු විසින් සඳහන් කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ මෑතකදී ප්‍රසිද්ධ ආරුක්කු නවය පාලමේ පැල්මක් ඇතිවී ඇති බවටත් පාලම අනතුරේ යනුවෙනුත් දක්වමින් හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින්ද තහවුරු කළේ මෑතකදී පාලමේ සිදුවූ එවැනි පැල්මක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි. ආරුක්කු නවය පාලමේ පැල්මක් ඇතිවී ඇති බවට වන කතාබහ පසුගිය වසරේ සිට වාර්තා වී තිබෙන අතර ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 2025 වසරේදී ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කර ඇත. එහිදී දෙමෝදර ආරුක්කු නවය පාලම ආශ්‍රිතව මතු වූ ජල කාන්දුවක් සහ සුළු පැල්මක් පිළිබඳව වාර්තා වී ඇතත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සහ දුම්රිය දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ පාලම දැඩි අනතුරුදායක තත්ත්වයක නැති බවයි. වැසි ජලය බැසයාමේ පද්ධතියේ අවහිරතා නිසා මෙම කාන්දුව සිදු වී ඇති බවට නිරීක්ෂණය කර ඇත. මෑතකදී අලුතෙන් එවැනි පැල්මක් පාලමෙහි ඇතිවී නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වන කතාබහ පසුගිය වසරේ සිට පවතින බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින්ද තහවුරු කර ඇත.

    Result Stamp

    Title: ආරුක්කු නවය පාලමේ මෑතකදී ඇති වූ පැල්මක් නිසා පාලම අනතුරේද ?

    Written By: B.P Hansani

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.