Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වත්මන් ජනාධිපතිට, රොඩ්නිගෙන් අපහාස කවියක්?

    2025-10-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ද ඈඳා ගනිමින් කලකට ඉහත සිදුවීම්, දර්ශන ප්‍රකාශන ඒවායේ අන්තර්ගතයන් විකෘති කරමින් අලුත් සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍යයේ පළ කිරීම සුලබව දැකගත හැකි තත්ත්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ද ඈඳා ගනිමින් කලකට ඉහත සිදුවීම්, දර්ශන ප්‍රකාශන ඒවායේ අන්තර්ගතයන් විකෘති කරමින් අලුත් සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍යයේ පළ කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස රංගන ශිල්පියෙකු සම්බධ කරගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසා පළ කරන ලද සටහනක් පිළිබඳව කළ විමසා බැලීමක්. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මට දැනෙනා ලෙසට මහරජ ගෙම්බාය. ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියේ නැත” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා වේදිකාවක අදහස් පළ කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද සහිතව “අවුරුද්දයි ගියේ ආණ්ඩුව ගේන්න කඩේ ගිය එවුන්ම මෙහෙම නම් ජනමතය කොහොම වෙයිද බලන්න තිබුණ ඡන්දෙ තිබ්බ නම්” යන හැඳින්වීම ද සහිතව පහත සටහන සමාජ මාධ්‍යයේ පළ කර ඇත.  

    ‘කවි කිය කිය රොඩ්නි පාලකයින්ගේ රෙදි ගලවයි’ යනුවෙන්  ඔහු සිදුකළ බව කියන ප්‍රකාශයක් ද උපුටා දක්වමින් පළ කර ඇති මෙම ෆේස්බුක් සටහන මගින් ප්‍රශ්න කර සිටින්නේ, ‘මාලිමාවට හොඳටම කඩේ ගිය මනුස්සයෙක් නේ මේ ඇයි දැන් මෙහෙම’ යනුවෙනි. 

    ඒ අනුව අදාළ ෆේස්බුක් ගිණුම් හිමියා උත්සාහ කර ඇත්තේ, මෙම ප්‍රකාශය රොඩ්නි වර්ණකුල මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශයක් බව ඒත්තු ගැන්වීමටයි. 

    Facebook | Archived Link

    සැලකිය යුතු අදහස් දැක්වීම් සංඛ්‍යාවක් මෙන්ම මෙය සත්‍යයක් බවට ද සිතා බොහෝ පිරිසක් සිය ගිණුම් වෙත ද ඉහත සටහන හුවමාරු කරගෙන ඇති ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා සැබෑ ලෙසම මෑතකාලීනව උපහාසාය දනවන ආකාරයේ මෙවැනි ප්‍රකාශයක් සිදු කරමින්  වත්මන් පාලනය හෙළා දැක තිබේ ද යන්න පිළිබඳව අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තේ ය. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන රොඩ්නි මෑතකාලීනව වත්මන් රජය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ දැයි අප රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්ම ජාතික පුවත්පත් ඔස්සේ පරීක්ෂා කළ ද එකී කිසිදු මාධ්‍යක මෑතකාලීනව ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට වන පුවතක් හමු නොවීය.  

    කෙසේ වෙතත් අප තවදුරටත් මේ පිළිබඳ සිදු කළ සොයා බැලීමේදී රංගන ශිල්පී රොඩ්නි මහතා මීට වසර 2කට ඉහතදී කඹුරුපිටියේ පැවති ජාතිත ජන බලවේග දේශපාලන රැළියකදී සිදු කළ කතාවක් වෙත අපගේ අවධානය යොමු විය.  

    රංගන ශිල්පි රොඩ්නි මහතා දේශපාලන වේදිකාවකදී සිදු කළ කතාවක් “මට දැනෙනා ලෙසට මහරජ ගෙම්බාය | ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියේ නැත, කවි කිය කිය රොඩ්නි පාලකයින්ගේ රෙදි ගලවයි” යන මාතෘකාව යටතේ News Center නාලිකාව ඔස්සේ 2023 වසරේ ජනවාරි 15 වැනිදා යූටියුබ් වෙත මුදා හැර තිබෙනු දැකගත හැකි විය. කඹුරුපිටියේ පැවති රැළියකදී රොඩ්නි මහතා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා වේදිකා නාට්‍යයේ කවි කිහිපයක් ගෙන හැර දක්වමින් සිය කතාව සිදු කරන අතර මෙහිදී ඔහු නාමිකව  කිසිදු දේශපාලන චරිතයක් ඉලක්ක කරන ආකාරයක් දැකගත නොහැක. 

    Kamburupitiya NPP  යූටියුබ් නාලිකාව ද රොඩ්නි වර්ණකුල මහතා දේශපාලන රැළියේදී සිදුකළ එම කතාව 2023 ජනවාරි 17 වැනිදා මෙලෙස පළ කර තිබිණ. 

    රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල 

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන පිළිබඳව තවදුරටත් කරණු පැහැදිලි කර ගැනීම සඳහා අප රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර එහිදී ඔහු පැවසුවේ, තමන් 2023  වසරේ තමන් ජාතික ජන බලවේග දේශපාලන වේදිකාවක සිදු කළ  කතාවක අන්තර්ගතයෙන් කොටසක් ගෙන සංස්කරණය කර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් බව හඟවමින් සමාජ මාධ්‍යයේ පළ කර ඇති බවයි. 

    මේ අතර රොඩ්නි වරණකුල මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද  තමා සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ, මෙය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ කඹුරුපිටියේ NPP ජනහමුවකදී තමන් සිදු කළ කථාවක කොටසක් බවයි.  ජාතික ජනබලවේගයට විරුද්ධ පිරිසක් මෙය අවශ්‍ය පරිදි සංස්කරණය කර පළ කර ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබුණා.  Facebook | Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වූයේ, “මට දැනෙනා ලෙසට රජ ගෙම්බාය. ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියේ නැත” යනුවෙන් රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානාය මහතා උපහාසයට ලක් කරමින් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන 2023 වසරේදී රොඩ්නි මහතා කඹුරුපිටියේ පැවති ජාතික ජන බලවේග දේශපාලන රැළිකදී සිදු කළ කතාවක කොටසක් ගෙන සකසා එය වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් බව හැඟී යන ආකාරයෙන් ෆේස්බුක් වෙත මුදා හැර ඇති බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-10-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.