Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අයිෆෝන් දුරකථනයක් ඉල්ලා එය නොලැබුණු නිසා ඉන්දියාවේ තරුණයෙක් සියදිවි නසා ගත් බව කියන සිදුවීමේ ඇත්ත කතාව!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-25
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවෙසින් අයිෆෝන් ජංගම දුරකථනයක් ඉල්ලා එය මිලදී ගෙන නොදුන් බව පවසමින් ඉන්දියාවේ තරුණයෙකු කඳු බෑවුමකින් පහළට පැන දිවි නසා ගත් බව සහ ඔහුව බේරා ගැනීමට යාමේදී ඔහුගේ මව්පියන්ද කඳු මුදුනින් පහළට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    නිවෙසින් අයිෆෝන් ජංගම දුරකථනයක් ඉල්ලා එය මිලදී ගෙන නොදුන් බව පවසමින් ඉන්දියාවේ තරුණයෙකු කඳු බෑවුමකින් පහළට පැන දිවි නසා ගත් බව සහ ඔහුව බේරා ගැනීමට යාමේදී ඔහුගේ මව්පියන්ද කඳු මුදුනින් පහළට වැටී ජීවිතක්ෂයට පත් වූ බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙම සිදුවීමේ සත්‍ය සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook 

    අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් නිසා මුළු පවුලක්ම මෙසේ මියගොස් ඇති බව දක්වමින් අදාළ වීඩියෝව තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    Facebook Facebook Facebook Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත හුවමාරු වන වීඩියෝවේ තරුණයකු ප්‍රපාතයක් මුදුනේ රැඳී සිටින ආකාරයත්, ඊට ආසන්නයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු රැඳී සිටින ආකාරයත්, අනතුරුව  දෙදෙනෙකු ප්‍රපාතයෙන් පහළට වැටෙන ආකාරයත්ත ත්පර දෙකකින් තව ත් පුද්ගලයෙකු පහළට වැටෙන ආකාරයත් හඳුනාගත හැකිය අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුවූවක් ලෙස දක්වා ඇති බැවින් අප විසින් මෙවැනි සිදුවීමක් ඉන්දියාවේ සිදුවී ඇත්ද යන්න සහ එසේ සිදු වී ඇත්නම් ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ අනෙකුත් නිල විශ්වාසනීය මූලාශ්‍ර විසින් එය වාර්තාකර ඇත්තේ කෙසේද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා.

    සිදුවීමේ පසුබිම සහ හේතුව සම්බන්ධ මූලික මාධ්‍ය වාර්තා

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ඡත්‍රපති සම්භාජිනගර් දිස්ත්‍රික්කයට අයත් තිස්ගාඕන් ප්‍රදේශයේ පිහිටි ඛව්ද්‍යා දොන්ගාර්  ප්‍රපාතයෙන් ඇද වැටී 2026 අගෝස්තු 21 වන සිකුරාදා දින 18 හැවිරිදි කුනල් චන්ද්ගුඩේ, ඔහුගේ පියා වන මුර්ලිධර් සහ මව වන සංගීතා යන තිදෙනාම මියගොස් ඇත. 

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ආරම්භයේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මඟින් වාර්තා කර ඇත්තේ 18 හැවිරිදි කුනල් චන්ද්ගුඩේ විසින් මිලදී ගත් අයිෆෝන් ජංගම දුරකථනයක වාරික මුදල් ගෙවීම සම්බන්ධයෙන් පියා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මොහු මෙම තීරණය ගෙන ඇති බවයි. එම මාධ්‍ය වාර්තා මෙතනින්.

    පොලිස් පරීක්ෂණ වලින් පසු නවතම මාධ්‍ය වාර්තා

    කෙසේ වෙතත්, පසුව Times of India සහ අනෙකුත් ප්‍රධාන මාධ්‍ය මඟින් පොලිස් ප්‍රකාශ උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, මෙහි සැබෑ හේතුව අයිෆෝන් දුරකථන‍යක් සම්බන්ධ ආරවුලක් නොව, එම පවුල තුළ කලෙක සිට පැවති පවුල් ආරවුල් සහ මව සහ පියා අතර තිබූ අමනාපකම් බවයි. 

    අගෝස්තු 21 වන සිකුරාදා උදෑසන 10 ට පමණ කුනල් මෙම ප්‍රපාතයට ගොස් තමා සියදිවි නසාගන්නා බව දෙමාපියන්ට දුරකථනයෙන් දන්වා ඇත. ඔහුගේ දෙමාපියන්, පවුලේ හිතවතෙකු, පොලිසිය  වහාම එම ස්ථානයට පැමිණ පැය දෙකක් පමණ ඔහුව බේරා ගැනීමට උත්සාහ කර ඇත. කුනල් නැවත පැමිණීමට එකඟ වන බවක් පෙනෙන්නට තිබූ මොහොතේ, පියා වන මුර්ලිධර් පිටුපසින් පැමිණ ඔහුව ඇද ගැනීමට උත්සාහ කර ඇත. එහිදී කුනල්ගේ සමබරතාවය ගිලිහී ඔහු ප්‍රපාතයෙන් පහළට වැටී ඇති අතර, ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ පියාද ඔහු සමඟම පහළට වැටී ඇත. ඉන් මොහොතකට පසු මවද ප්‍රපාතයෙන් පහළට පැන ඇති අතර, තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත. 

    මාධ්‍ය වාර්තා වලට අනුව මෙම තරුණයාගේ මව වන සංගීතා මුර්ලිධර් චන්ද්ගුඩේ යන කාන්තාව ඇගේ කිසිදු ඉල්ලීමකට පුතා අවනත නොවන බව දැකීමෙන් දැඩි සේ කම්පනයට පත් ව, ඉන්දීය සංස්කෘතියේ විවාහක කාන්තාවකගේ වැදගත්ම ආභරණය ලෙස සැලකෙන ඇගේ මංගල සූත්‍ර මාලය ගෙලෙන් ගලවා තම සැමියා හැර දමා ඔහු සමඟ සිටින බව පුතුට පවසා ඇත.  

    කුනල් නැමති මෙම තරුණයා මෙන්ම ඔහුගේ මවද ඒ වන විටත් අයිෆෝන් දුරකථන භාවිතා කරමින් සිට ඇති බවද මාධ්‍ය වාර්තාවන්හි අන්තර්ගත වේ. එම දුරකථන මාසික වාරික ක්‍රමයට මිලදී ගත් ඒවාද සහ ඒවායේ වාරික ගෙවීමේ ගැටලු පැවතියේද යන්න තහවුරු කරගැනීමට පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි.  

    කෙසේ වුවත් මෙම් තරුණයා මීට පෙර වසරේ (2025) දුරකථනයක් ඉල්ලා මෙම කන්දටම පැමිණ සියදිවි නසාගන්නා බවට තර්ජනය කර ඇති අතර, එවර පොලිසිය මැදිහත් වී ඔහුව බේරාගෙන තිබෙන බවද එම මාධ්‍ය වාර්තා මගින් දක්වා තිබේ. මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    මව විසින් මීට පෙර සමාජ මාධ්‍යට මුදා හැර ඇති ඇතැම් වීඩියෝ ඔස්සේ පවුල් ආරවුල් සහ සබඳතා වල වටිනාකම් වැනි දේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

    මෙම මව විසින් මීට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ වීඩියෝ පිළිබඳවද මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී ඇය පවුල් ආරවුල්, ඥාතීන්ගෙන් එල්ල වූ බලපෑම් සහ සබඳතාවල වටිනාකම් ගැන අදහස් දක්වා ඇති අතර, එම වීඩියෝද පොලිස් විමර්ශනයට ලක්ව ඇත.

    ඡත්‍රපති සම්භාජිනගර් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා

    මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් සඳහන් කර ඇත්තේ,  මෙම තරුණයා දැඩි මානසික ආතතියකින් පසුවී ඇති අතර, ඔහුගේ දෙමාපියන්, ප්‍රදේශවාසීන් මෙන්ම පොලීසිය ද ඔහුව ඒත්තු ගන්වමින් බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇතත්, අවාසනාවන්ත ලෙස එය ව්‍යර්ථ වී ඇති බවත්, මෙම පවුලේ කිසිදු සාමාජිකයෙකු මේ වන විට ජීවතුන් අතර නොමැති බැවින්, සිදුවීමට සැබෑ හේතුව පැහැදිලි කිරීමට සෘජු සාක්ෂිකරුවෙකු නොමැති බවත්, පොලිසිය විසින් ප්‍රකාශ කර ඇත. මූලික පරීක්ෂණ අනුව අයිෆෝන් ජංගම දුරකථනයක් නිසා මෙම සියදිවි නසාගැනීම සිදු වූ බවට පැවසෙන කතාව සත්‍ය නොවන බැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ප්‍රකාශයන්

    මියගිය මවගේ (සංගීතාගේ) සහෝදරිය වන පල්ලවී පටිල් විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර ඇති අතර, ඇය පවසන්නේ සමාජ මාධ්‍ය හරහා පැතිර යන අයිෆෝන් සම්බන්ධ කතාව අසත්‍ය බවත්, පවුලේ සැබෑ තත්ත්වය නොදැන මෙවැනි නොවුණ කතා ප්‍රචාරය කිරීම නවත්වන ලෙසත්ය. එම සම්පූර්ණ ප්‍රකාශය මෙතනින්.

    මියගිය තරුණයාගේ සීයා වන බබාන්රාඕ පටිල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මෙය සැලසුම් සහගතව සියදිවි නසාගැනීමට කළ උත්සාහයක් නොවන බවයි. පවුල තුළ පැවති දැඩි මානසික පීඩනය නිසා ඇති වූ බහින්බස් වීමක් මධ්‍යයේ, කන්ද උඩදී ඔහු සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීමේදී සිදු වූ අනපේක්ෂිත අනතුරක් ලෙස ඔවුන් මෙය දකින බවයි. එම මාධ්‍ය වාර්තාව මෙතනින්.

    අප විසින් මේ සම්බන්ධයෙන් අපගේ Factcrescendo ඉන්දීය කණ්ඩායමෙන්ද විමසීමක් සිදු කළ අතර, එහිදී ඔවුන් විසින් සඳහන් කළේ  ඔහු සියදිවි නසාගන්න බවට  මූලික වූ  හේතුව තවමත් නිශ්චිතව පැහැදිලි නැති බවයි. කෙසේ වෙතත්, පොලිසිය මෙන්ම ඥාතීන් සහ මිතුරන් කිහිප දෙනෙකු ද මෙය අයිෆෝන් දුරකථනයක් හේතුවෙන් සිදුවූවක් බවට පළ වන අදහස් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වන විටත් ඔහු සතුව අයිෆෝන් දුරකතනයක් තිබූ බැවිනි.  මෙම සිදුවීමට වඩාත් ඉඩ ඇති හේතුව පවුල් ආරවුලක් බව පෙනී යන බවද ඔවුන් විසින් සඳහන් කළා. කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළ සියලු දෙනා මියගොස් ඇති බැවින්, නිශ්චිත හේතුව සොයා ගැනීම අපහසු වී ඇති බවද ඔවුන් සඳහන් කළා.

    ඔබ හෝ ඔබ දන්නා හඳුනන අයෙකු මෙවැනි මානසික තත්ත්වයකින් පසුවේ නම්, පහත සඳහන් නොමිලේ ක්‍රියාත්මක වන රහස්‍ය උපකාරක සේවාවන් වෙත වහාම සම්බන්ධ වන්න:

    ශ්‍රී ලංකා සුමිත්‍රයෝ (Sri Lanka Sumithrayo):

    දුරකථන අංක: 011-2692909 / 011-2696666

    වෙබ් අඩවිය: www.sumithrayo.org

    ජාතික මානසික සෞඛ්‍ය උපකාරක දුරකථන සේවාව (National Mental Health Helpline):

    කෙටි අංකය: 1926

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අයිෆෝන් ජංගම දුරකථනයක් ඉල්ලා එය මිලදීගෙන නොදුන් බව පවසමින් ඉන්දියාවේ තරුණයකු කඳු බැව්මකින් පහළට පැන දිවි නසා ගත් බවට හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. ප්‍රධාන මාධ්‍ය මඟින් පොලිස් ප්‍රකාශ උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, මෙහි සැබෑ හේතුව අයිෆෝන් දුරකථන‍යක් සම්බන්ධ ආරවුලක් නොව, එම පවුල තුළ කලෙක සිට පැවති පවුල් ආරවුල් සහ මව සහ පියා අතර තිබූ අමනාපකම් බවයි. 

    පොලීසිය ප්‍රකාශ කර ඇති පරිදි, මියගිය මව සහ පුතා යන දෙදෙනාම අයිෆෝන් දුරකථන භාවිතා කර ඇති බව සොයාගෙන ඇත. එම දුරකථන මාසික වාරික ක්‍රමයට මිලදී ගත් ඒවාද සහ ඒවායේ වාරික ගෙවීමේ ගැටලු පැවතියේද යන්න තහවුරු කරගැනීමට පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි.  මියගිය සංගීතාගේ සහෝදරිය ඇතුළු සමීපතම ඥාතීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙය අයිෆෝන් වාරික නිසා සිදු වූවක් බවට පැතිර යන කථා පදනම් විරහිත කටකතා බවයි. පවුල තුළ පැවති වෙනත් මානසික සහ අභ්‍යන්තර ගැටලු වසා දමමින් සමාජ මාධ්‍ය මෙම දුරකථන කතාව අනිසි ලෙස ප්‍රචාරය කරන බවට ඔවුහු චෝදනා කරති. කෙසේ වුවත් මෙම් තරුණයා මීට පෙර වසරේ (2025) දුරකථනයක් ඉල්ලා මෙම කන්දටම පැමිණ සියදිවි නසාගන්නා බවට තර්ජනය කර ඇති අතර, එවර පොලිසිය මැදිහත් වී ඔහුව බේරාගෙන ඇත. 

    Result Stamp

    Title: අයිෆෝන් දුරකථනයක් ඉල්ලා එය නොලැබුණු නිසා ඉන්දියාවේ තරුණයෙක් සියදිවි නසා ගත් බව කියන සිදුවීමේ ඇත්ත කතාව!

    Fact Check By: B.P Hansani

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.