Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආර්ජන්ටිනාවේ මුහුද වියලී හිඳී ගියාද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-12
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආජන්ටිනාවේ මුහුද හිඳී ගොස් ඇති බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. අදාළ වීඩියෝවේ මුහුදු ජලය පසුපසට ගලා ගොස් ඒ හේතුවෙන් සාමාන්‍යයෙන් මුහුදු ජලයෙන් යටවී පවතින වැලි සහිත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ආජන්ටිනාවේ මුහුද හිඳී ගොස් ඇති බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. අදාළ වීඩියෝවේ මුහුදු ජලය පසුපසට ගලා ගොස් ඒ හේතුවෙන් සාමාන්‍යයෙන් මුහුදු ජලයෙන් යටවී පවතින වැලි සහිත වෙරළ තීරයක් නිරාවරණය වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකි අතර, බෝට්ටු කිහිපයක් ද වැලි මත නැවතී තිබෙනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් ජලයෙන් යටවී පවතින පාෂාණ තට්ටු මතුපිටට පෙනෙන්නට තිබූ බැවින් එය අලුතින් මතු වූ දූපතක් ලෙස දිස් වේ. මෙය සැබෑ ලෙසම ආජන්ටිනාවේ මුහුද වියළී යාමක් හෝ හිඳී යාමක්ද ? මෙහි සැබෑ පසුබිම කුමක්ද යන්න සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබූ වීඩියෝවේ දක්වා ඇති ආකාරයට ආජන්ටිනාවේ සාගරය ආශ්‍රිතව මෙවැනි තත්ත්වයක් වාර්තා වී ඇත්ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ ආර්ජන්ටිනාවේ සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින් මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවත්, එය කාලගුණික බලපෑම් නිසා ඇති වූ තාවකාලික ස්වභාවික සිදුවීමක් ලෙස දක්වා ඇති බවත් ය.

    මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ 2026 අගෝස්තු මස අගභාගයේදී ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් ප්‍රාන්තයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක වෙරළක් වන මර් ඩෙල් ප්ලාටා හිය (Mar del Plata)  හිය. වෙරළේ සිට මුහුදු ජලය විශාල ප්‍රමාණයක් තාවකාලිකව පසුපසට ඇදී යාම නිසා මුහුදු පතුල නිරාවරණය වී ඇත. සාමාන්‍යයෙන් මුහුද යට සැඟවී පවතින “Restinga del Faro” නම් ස්වභාවික පාෂාණ පද්ධතිය මෙහිදී ගොඩබිමක් ලෙස මතුපිටට දර්ශනය වී තිබේ.

    කෙසේ වෙතත් ඉහත වීඩියෝවේ ආර්ජන්ටිනාවේ පෙර වීඩියෝවක් ලෙස පෙන්වා තිබුණේ, ආර්ජන්ටිනාවේ මුහුද පසු පසට ගොස් ඇති අවස්ථාවක් නොව, මෙම වීඩියෝව ඉන්දියාවේ ගුජරාට් හි පිහිටි අලන්ග් නැව් ප්‍රතික්‍රීකරණ අංගනය (Alang Ship Breaking Yard)ය වේ.

    අලන්ග් යනු ලොව විශාලතම නැව් ප්‍රතික්‍රීකරණය කරන මධ්‍යස්ථානයයි. මෙහිදී විශාල භාණ්ඩ ප්‍රවාහන නැව් සහ තෙල් කැණීම් නැව් වාර ප්‍රවේගය (High tide පවතින අවස්ථාවලදී වෙරළේ මඩ සහිත බිමට ස්වභාවිකව තල්ලු කරනු ලබයි. සාමාන්‍ය වාර විපර්යාසය හේතුවෙන් මුහුදු මට්ටම පහත බසින විට (Low tide), මෙම නැව් මඩ මත සිරවී ඉතිරි වේ. ඉන්පසු සේවකයන් විසින් මෙම නැව් කොටස් වලට කඩා ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු කරයි.

    ලංකාවේදී ද, මීට පෙර සුනාමි තත්ත්යක් ලෙසට දක්වමින් මෙම වීඩයෝව හුවමාරු වී තිබූ අතර අප මේ පිළිබඳව සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

    සැබෑ ලෙසම ආර්ජන්ටිනාවේ සාගරයට සිදු වූයේ කුමක්ද?

    The Guardian Chronicle ජාත්‍යන්තර පුවත් සේවය මගින් පලකරන ලද මේ සම්බන්ධ වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ ආර්ජන්ටිනාවේ මුහුද වියලී හෝ හිඳී ගොස් ඇති බවට පළවන වීඩියෝ සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු ඒවා බවයි. ඔවුන්ගේ විද්‍යාත්මක විශ්ලේෂණයට අනුව, බුවනොස් අයර්ස් වෙරළ තීරයේ ප්‍රබල බාදිය තත්ත්වයක්  සහ ගොඩබිම දෙසින් හමා ආ ප්‍රබල සුළං හේතුවෙන් මුහුදු ජලය තාවකාලිකව පසුපසට තල්ලු වී ඇත. 

    මෙම සිදුවීම සම්බන්ධයෙන් විද්‍යාත්මක විශ්ලේෂණ ඉදිරිපත් කර ඇති තවත් වාර්තාවලට අනුව, ආර්ජන්ටිනාවේ මර් ඩෙල් ප්ලාටා වෙරළ තීරයේ සිදුවී ඇත්තේ මුහුද හිඳීයාමක්, වියළී යාමක් හෝ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමක් නොවේ. එය ස්වාභාවික සංසිද්ධි තුනක එකතුවකින් සිදුවූ තත්වයකි. 

    ප්‍රබල බාදිය තත්ත්වයක් 

    මුහුදු මට්ටම ඉහළ යාම (වඩදිය) සහ පහළ යාම (බාදිය) සිදුවන්නේ පෘථිවිය, චන්ද්‍රයා සහ සූර්යයා අතර පවතින ගුරුත්වාකර්ෂණ බලපෑම නිසාය. මෙහිදී චන්ද්‍රයාගේ සහ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයන් එකිනෙක එකතු වී පෘථිවියේ සාගර ජලය තදින් ඇද තබා ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දිනවලට වඩා ඉතා ඉහළ වඩදිය තත්ත්වයන් මෙන්ම ඉතා ගැඹුරු, උපරිම මට්ටමේ බාදිය  තත්ත්වයන් ඇති වේ.මෙම බලපෑම නිසා වෙරළ ආසන්නයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

    වඩදිය සහ බාදිය යනු පෘථිවියේ ස්වාභාවික චක්‍රයකි. සුළඟේ වේගය අඩු වී, පෘථිවියේ භ්‍රමණයත් සමඟ චන්ද්‍රයාගේ පිහිටීම වෙනස් වන විට (එනම් බාදිය කාලය අවසන් වී වඩදිය කාලය පැමිණි විට), ගැඹුරු මුහුදට තල්ලු වී ගිය ජලය නැවත වෙරළ දෙසට ගලා ඒම ආරම්භ වේ ඒ අනුව, මෙම තත්ත්වය ඇති වී පැය කිහිපයක් ඇතුළත මුහුදු ජලය සුපුරුදු පරිදි වෙරළ තීරය වෙත පැමිණ ඇත. 

    භූගත සුළං සහ Wind Setdown සංසිද්ධිය

    බාදිය තත්ත්වය පවතින අතරතුර, එම කලාපයේ කාලගුණික පද්ධතියේ තවත් වෙනසක්ද සිදුවී තිබේ.ගොඩබිම දෙසින් පැමිණි ප්‍රබල සුළං ධාරාවක් අත්ලාන්තික් සාගරය දෙසට අඛණ්ඩව සහ වේගයෙන් හමා ගොස් ඇත. මෙහිදී විද්‍යාත්මකව Wind Setdown ලෙස හැඳින්වෙන ක්‍රියාවලිය සිදු වේ. එනම්, ප්‍රබල සුළඟ මඟින් වෙරළ ආසන්නයේ මතුපිට ඇති මුහුදු ජල ස්තරය තල්ලු කරගෙන ගැඹුරු මුහුද දෙසට රැගෙන යාමයි. සරලව පැවසුවහොත්, එක් පසෙකින් බාදිය  බලපෑමෙන් ජලය බැස යද්දී, අනෙක් පසින් ප්‍රබල සුළඟ මඟින් වෙරළේ තිබූ ජලය සාගරය දෙසට තල්ලු කරනු ලැබේ. 

    ආර්ජන්ටිනාවේ ජාතික කාලගුණ විද්‍යා සේවය (SMN) විසින් මෙම සිදුවීම සිදුවූ කාල පරාසය නිකුත් කර තිබෙන කාලගුණ වාර්තාවලට අනුව මර් ඩෙල් ප්ලාටා සහ බුවනොස් අයර්ස් ප්‍රාන්තයේ වෙරළාශ්‍රිත කලාපයට  සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම දිනවල ගොඩබිම දෙසින් මුහුද දෙසට පැයට කිලෝමීටර 35 ත් 45 ත් අතර වේගයකින් අඛණ්ඩව සුළං හමා ගොස් ඇති අතර, එහි උපරිමය පැයට කිලෝමීටර 70 ඉක්මවා ගිය බවද වාර්තා වී තිබේ.වැඩිදුර තොරතුරු මෙතනින්. 

    වායුගෝලීය පීඩනය පහත වැටීම 

    ලෝක කාලගුණ විද්‍යා දත්තවලට අනුව එදින මර් ඩෙල් ප්ලාටා කලාපයට ඉහළින් වූ වායුගෝලීය පීඩනයේ  කැපී පෙනෙන වෙනසක් සිදු වී තිබේ.සාගරය මතුපිට ඇති වායු පීඩනය සහ සුළඟේ දිශාව එකිනෙකට එක් වන විට, එය මුහුදු ජල චලිතයට සෘජුවම බලපායි. මෙම පීඩන‍ය සාගර ජලය වෙරළෙන් ඉවතට ගලා යාමේ වේගය තවත් තීව්‍ර කර ඇත.

    මර් ඩෙල් ප්ලාටා මුහුදු පතුලේ භූගෝලීය පිහිටීම 

    ජලය විශාල වශයෙන් පසුපසට යාමට මෙම වෙරළ තීරයේ ඇති භූගෝලීය ස්වභාවයද හේතු වී ඇත. මෙහි මුහුදු පතුල ඉතා නොගැඹුරු මට්ටමක  පවතී. මුහුදු පතුල මද බෑවුමක් සහිත නොගැඹුරු එකක් වන විට, මුහුදු ජල මට්ටම සිරස්ව  මීටර් කිහිපයක් පහත වැටුණද, තිරස්ව වෙරළ දෙසින් බලන විට කිලෝමීටර ගණනාවක විශාල මුහුදු පතුලක් නිරාවරණය වී පෙනේ. සමාජ මාධ්‍ය වීඩියෝවල මුහුද හිඳී ඇති බවට වීඩියෝ වේගයෙන් වෛරල් වීමට මෙය හේතුවක් වී ඇත.

    “Restinga del Faro” පාෂාණ පද්ධතිය මතු වීම

    ජලය බැස ගිය අවස්ථාවේදී, වෙරළේ සිට මීටර් සිය ගණනක් දුරින් මුහුද යට පිහිටා ඇති “Restinga del Faro” නම් ස්වභාවික සාගර පාෂාණ පද්ධතිය  සම්පූර්ණයෙන්ම ගොඩබිමක් ලෙස මතුපිටට දර්ශනය වී තිබේ. මෙම පාෂාණය සාමාන්‍යයෙන් මුහුදු රළ නිසා මිනිස් ඇසට නොපෙනී පවතින අතර, ජලය සිඳී යාම නිසා පාෂාණ වැටියක් ලෙස මතුවීම හේතුවෙන් මිනිසුන් මෙය අලුතින් මතු වූ දූපතක් ලෙස වටහා ගෙන තිබේ.

    වැඩිදුර තොරතුරුමෙතනින්, මෙතනින් 

    මෙය සුනාමියක ලකුණක්ද?

    මුහුදු ජලය හදිසියේ  පසුබැස යන විට, බොහෝ දෙනෙක් එය සුනාමියක් පිළිබඳ අනතුරු ඇඟවීමේ ලකුණක් යැයි සිතති. කෙසේ වෙතත්, සුනාමි සාමාන්‍යයෙන් ඇති වන්නේ මුහුද යට සිදුවන භූමිකම්පා වැනි හදිසි තත්වයන් හේතුවෙනි. එවැනි අවස්ථාවකදී, දැවැන්ත රළ පහරක් පැමිණීමට පෙර මිනිත්තු කිහිපයක් ඇතුළත මුහුදු ජලය වේගයෙන් පසුබැස යාම සිදු වේ.

    මාර් ඩෙල් ප්ලාටා හි දක්නට ලැබුණු මෙම සංසිද්ධියට හේතු වූයේ පැය කිහිපයක් තිස්සේ පැවතුණු සුළං සහ කාලගුණික තත්වයන්ය. එය කිසිසේත්ම සුනාමි අවදානමක ලකුණක් ලෙස වාර්තා වී නොමැත. වැඩිදුර තොරතුරු මෙතනින්.

    මීට පෙර ලෝකයේ වෙනත් ප්‍රදේශවලද මෙවැනිම කාලගුණික සංසිද්ධි නිරීක්ෂණය කර ඇත. උදාහරණයක් ලෙස, ප්‍රබල කුණාටු මඟින් වෙරළබඩ ප්‍රදේශවල මුහුදු ජලය තාවකාලිකව මුහුද දෙසට තල්ලු කර දැමිය හැකිය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ ආර්ජන්ටිනා මුහුදේ ඇති වූ මෙම සිදුවීම කාලගුණික තත්වයන් නිසා ඇති වූ තාවකාලික සංසිද්ධියක් වන බවයි. කෙටි කාලයක් තුළ එය අවසන් වී මුහුද සාමාන්‍ය මට්ටමට පැමිණ තිබේ. ආර්ජන්ටිනාවේ මුහුද ස්ථිර වශයෙන්ම සිඳී යාමක් හෝ අතුරුදහන් වීමක් සිදු වී නොමැත. මෙම සිදුවීම සුනාමියක හෝ ගෝලීය ව්‍යසනයක ලකුණක්ද නොවේ.

    මේ සම්බන්ධ තවත් ජාත්‍යන්තර කරුණු පරීක්ෂණ වාර්තා මෙතනින්. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය අගෝස්තු මස ආගභාගයේදී ආජන්ටිනාවේ මුහුද හිඳී යාමක් සහ වියළී යාමක් ලෙස දක්වමින් හුවමාරු වන වීඩියෝ නොමග යවන සුළු බවයි. සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන වීඩියෝවලින් පෙනෙන්නේ 2026 අගෝස්තු මස අගභාගයේදී ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් ප්‍රාන්තයේ (මර් ඩෙල් ප්ලාටා වෙරළ තීරයේ) සිදුවූ මුහුදු ජලය පසුපසට ගමන් කිරීමේ ( වඩදිය/බාදිය තත්ත්වයක්) තාවකාලික ස්වාභාවික සංසිද්ධියකි. වෙරළේ සිට මුහුදු ජලය විශාල ප්‍රමාණයක් තාවකාලිකව පසුපසට ඇදී යාම නිසා මුහුදු පතුල නිරාවරණය වී ඇත. මෙය කිසිදු ආකාරයක ස්වභාවික ව්‍යසනයක් හෝ සුනාමි තත්ත්වයක් නොවේ. මෙයට හේතු වී ඇත්තේ ස්වාභාවික සාධක කිහිපයක එකතුවකි. එහිදී ප්‍රබල බාදිය තත්ත්වයක්, භූගත සුළං සහ මර් ඩෙල් ප්ලාටා වෙරළට ඔබ්බෙන් ඉතා නොගැඹුරු මුහුදු පතුලක් තිබීම හේතු වී ඇත. ජලය මීටර් කිහිපයක් පහත වැටීමේදී පවා විශාල වෙරළ තීරයක් නිරාවරණය වීමට මෙය හේතු විය.

    Result Stamp

    Title: ආර්ජන්ටිනාවේ මුහුද වියලී හිඳී ගියාද ?

    Fact Check By: B.P Hansani

    Result: Missing context

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.