Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනපති අනුර කුමාර ගමන් කළ ප්‍රභූ ආරක්ෂක රථ පෙළක වීඩියෝවක් ද?

    2025-04-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රභූ රථපෙළක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ පවතින රජය විසින් ප්‍රභූ වාහන ප්‍රතික්ෂේප කළ ත්, මේ වනවිට ඔවුන් ප්‍රභූ ආරක්ෂාව ලබා ගන්නා බවට දක්වමින් මෙහි නිරවද්‍යතාව සොයා අප ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රභූ රථපෙළක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ පවතින රජය විසින් ප්‍රභූ වාහන ප්‍රතික්ෂේප කළ ත්, මේ වනවිට ඔවුන් ප්‍රභූ ආරක්ෂාව ලබා ගන්නා බවට දක්වමින් මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රභූ වාහන රථ වාහන පෙළක් සමගින් ගමන් කරන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook 

    ඒ තේමාවෙන් පළ වූ තවත් වීඩියෝවක් පහතින්.

    මෙහි සත්‍ය වශයෙන් දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක මහතා ද, යන්න පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පසුගිය අප්‍රේල් 2වන දා සිට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී මෙම වීඩියෝව ගෙන තිබූ බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීරණය අසල තිබෙන මාර්ගයේ බවට දැක ගන්නට ලැබුණා. 

    වීඩියෝවේ දැක්වෙන ස්ථානය සහ Google Maps ඔස්සේ අදාළ ස්ථානයේ දර්ශන පරික්ෂා කිරීමේ දී ඒ එකම ස්ථානයක් බව තහවුරු වෙනවා.

    Frame From Viral VideoGoogle Maps (near Parliament)

    කෙසේ වෙතත් ප්‍රධාන මාධ්‍ය තුළ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අද(04) දින මෙරටට දෙදින නිල සංචාරය සඳහා පැමිණීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ආරක්ෂක පෙරහුරුවක් සිදු කරන අවස්ථාවක දී ලබාගත් වීඩියෝවක් මෙලෙසින් හුවමාරු වන බව දක්වා තිබුනේ මෙලෙසින්.

    ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ

    අප මේ ගැන කරුණු තහවුරු කර ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් මේ පිළිබඳව විමසීමට උත්සහ කළත්, ඒ මහතා ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්විය.

    එසේම පාර්ලිමේන්තු පොලිස් ස්ථානය හරහා මේ ගැන සිදුකළ විමසීමේ දී අප්‍රේල් 02 වනදා රථවාහන පෙරහුරුවට අධීක්ෂණ කටයුතු සිදුවුයේ නුගේගොඩ පොලිස් කොට්ඨාශ හරහා තහවුරු කරගත් අතර මේ ආකාරයේ රථවාහන පෙරහුරුවක් සිදුවූ බව නුගේගොඩ පොලිස් ස්ථානය ද පවසා සිටියා.

    අප ආරක්ෂක අමාත්‍යාංශයට ද, මෙම වීඩියෝව යොමු කරමින් මේ පිළිබඳව විමසු අතර ඔවුන් තහවුරු කරේ, මෙහි දැක්වෙන්නේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම හේතුවෙන් සිදු කරන ලද ආරක්ෂක පෙරහුරුවක් බවයි.

    එසේම ඊයේ (3) සවස පොලිස් මාධ්‍ය කොට්ඨාශය මේ පිළිබඳව නිවේදනයක් යොමු කරමින් සඳහන් කළේ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් සිදු කළ ආරක්ෂක වැඩපිළිවෙළක් බවයි.

    අප මේ පිළිබඳව මෙරට ඉන්දීම මහ කොමසාරිස් කාර්යාලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ආරක්ෂක හේතුන් මත මේ සඳහා ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි.

    නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කළේ මෙලෙසින්.

    එම නිවේදනයේ දැක්වෙන්නේ ද ඉන්දීය අගමැති මොදිගේ සංචාරය හේතුවෙන් අප්‍රේල් 04 සහ 05 වැනි දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි. 

    Daily Mirror

    එම සැලැස්මේ කොටසක් ලෙස අප්‍රේල් 5 වනදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ ද මාර්ගය වරින්වර වසා දැමීමට සිදුවෙනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා එහිදී පවසනවා. ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ වීඩියෝවේ දැක්වෙන්නේ ද එම බත්තරමුල්ල , පාර්ලිමේන්තු සංකීරණය ඉදිරිපිට අපේගම ආශ්‍රිත පරිශ්‍රයයි.

    ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය

    මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඇරයුම පරිදි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (4) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 05 වන දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

    මෙම සංචාරයට ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු නියෝජිත පිරිසක් ද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමග එක්වන අතර එදිනම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා, දෙරටේ නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවකට ද සහභාගී වීමට නියමිත බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

    මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂාව සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් මෙන්ම ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට සැලසුම් කර ඇති බවයි වැඩි දුරටත් ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පළ කළ සටහනක් මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රභූ ආරක්ෂක රථ පෙළක් සමගින් ගමන් කරන අවස්ථාවක් ලෙස දක්වා තිබූ වීඩියෝවේ දැක්වෙන්නේ, මෙරටට දෙදින සංචාරයකට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ පෙරහුරුවක් ලෙස අදාළ ආරක්ෂක අමාත්‍යාංශ තහවුරු කරයි.

    Also Read: ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

    මාලිමාවේ රථ පෙළපාලියක් ලෙස හුවමාරුවන නොමගයවන සුළු වීඩියෝව

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-04-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.