Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

    2022-01-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වරාය නගර ව්‍යාපෘතිය 2021 වසර අවසන් භාගයේදී නැවත කතා බහට ලක් වුණේ, චීන විදේශ අමාත්‍ය Wang Liගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. මෙරටට පැමිණි චීන අමාත්‍යවරයා විසින් නව රුපියල් 10,000 නෝට්ටුවක් නිල වශයෙන් හඳුන්වා දුන් බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ වි

    වරාය නගර ව්‍යාපෘතිය 2021 වසර අවසන් භාගයේදී නැවත කතා බහට ලක් වුණේ, චීන විදේශ අමාත්‍ය Wang Liගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. මෙරටට පැමිණි චීන අමාත්‍යවරයා විසින් නව රුපියල් 10,000 නෝට්ටුවක් නිල වශයෙන් හඳුන්වා දුන් බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් : 

    චීන විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවේ චීනයට අයත් භූමින් ලෙස කොළඹ වරාය නගරය සහ හම්බන්තොට සඳහන් කරමින් එහි මුදල් භාවිතය සඳහා චීන මහජන බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රු. 10,000 මුදල් නෝට්ටුවක් නව මුදල් ඒකකයක් ලෙසින් මෙරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාර දුන් බවට Twitter පණිවිඩයක් සංසරණය වී තිබුණේ මෙලෙසින්. මේ සඳහා එකතු කර තිබූ ඡායාරූපයේ රු.10000ක මුදල් නෝට්ටුවක් ලෙස දැක්වෙන ඡායාරූපයක් ද එකතු කර තිබුණේ මෙලෙසින්.

    Twitter | Archived

    එමෙන්ම මෙම පණිවිඩය ෆේස්බුක් ඔස්සේ ද සංසරණය කරගෙන තිබුණා. නමුත් එහි වැඩි දුරටත් සඳහන් කරමින් පවසා තිබුණේ, රු.10,000 නව මුදල් එ්කකයේ දමිළ බස වෙනුවට චීන භාෂාව යොදා ගෙන ඇති බවයි. එමෙන්ම එමගින් චීනයට ඩොලර් බිලියන 1 ක ණය ගෙවීම් කපා හරිනු ඇති අතර චීනයට පොහොර නැව්ගත කිරීමේදී සිදු වූ පාඩුවද පියවනු ඇති බවයි.

    Facebook | Archived Link

    “ අලුත්ම රු.10000/- නෝට්ටුව!!” ලෙසින් 2020 වසරේදී ද සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Also Read:

    FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

    FACT CHECK: Is Tamil language replaced by Chinese from public signboards in Sri Lanka? Here’s the truth…

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65වැනි සංවත්සරය සැමරීම අරමුණු කර ගනිමින් චීන විදේශ ඇමැති වැන්ග් යී ජනවාරි 8 සහ 9 යන දෙදින ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබීය. සිය දෙදින නිල සංචාරයේදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට ඉහළ පෙළේ පිරිසක් හමුවූ අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා, ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊයේ(09) පෙරවරුවේ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවට ද එක් වුණා. චීන අමාත්‍යවරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී වරාය නගර සැහැල්ලු යාත්‍රාංගන පදික මංතීරුව විවෘත කරුණු ලැබීය. නමුත් මෙම උත්සවය අතරතුරදී නව මුදල් ඒකකයක් භාරදීම සම්බන්ධ කිසිදු පුවතක් වාර්තා නොවුණි.

    1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහබැංකුව සතු වන අතර ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය / ටංකනය කිරීම හා බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇත. ඒ හේතුවෙන් විදෙස් රටකින් මෙරට මුදල් මුද්‍රණය කර භාවිතය සඳහා පිරිනැමීම අසත්‍ය කරුණක් නමුදු රු. 10,000ක නෝට්ටුවක් මෙරට භාවිතය සඳහා නිකුත් කරාද යන්න විමසීමට අප අප ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, රුපියල් 10,000 වටිනාකමින් යුත් නෝට්ටුවක් ශ්‍රී ලංකාව තුළ සංසරණයට නිකුත් කිරීමේ කඩිනම් සැලැස්මක් මේ මොහොතේ නොමැති බවත්ය. මේ මොහොතේ සංසරණයේ ඇති ඉහළම අගය ඇති නෝට්ටුව රු. 5000ක් වනු ලබනවා.

    කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට වරාය නගර ව්‍යාපෘතියේ  මහජන සම්බන්ධතා ප්‍රධානි සම්බන්ධ කර ගනු ලැබුවා, ඔහු සඳහන් කළේ, 2021 මැයි මාසයේදී සම්මත කරන ලද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අනුව ඉදිරියේදී වරාය නගරයේ දී ශ්‍රී ලංකා රුපියලට අමතරව නියමිත විදේශ මුදල්වලින් ව්‍යාපාරික ගනුදෙනු සිදු කිරීමට ප්‍රතිපාදන ඇති මුත් මෙරටට අදාළ වන සියලුම මුදල් නීති සහ පනත් පෝට් සිටි සඳහා ද අදාළ වන අතර USD, GBP, EUR, JPY, CNY වැනි නම් කරන ලද විදේශ මුදල් වර්ග හැර වෙනත් මුදල් භාවිතා කිරීමට ප්‍රතිපාදන ලබා දී නොමැති බවත් එම සියල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ සිදුවන බවයි.

    එමෙන්ම අප කළ විමසීමේදී කොළඹ චීන තානාපති කාර්යාලය ද මෙය අසත්‍ය බවට සඳහන් කරනු ලැබීය.

    රු. 10,000 නෝට්ටුව ලෙස නිර්මාණය කරන ලද්දේ  දැනට ව්‍යවහර වනු ලබන ශ්‍රී ලංකාවේ රුපියල් 5000 නෝට්ටුව ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් බව පැහැදිලිව දැක ගන්නට ලැබෙයි. එමෙන්ම ඉහත ව්‍යාජ ලෙස සකසා ඇති රු.10,000 මුදල් නෝට්ටුවේ අනුක්‍රමික අංක රු. 5000 නෝට්ටුවේ අනුක්‍රමික අංක සමග සැසඳෙනු ලබයි.

    චීනය මෙරට රුපියල් 10,000 නෝට්ටුවක් නිකුත් කළ බව හැඟවීමට ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයක් සංස්කරණය කරන ලද  පළමු අවස්ථාව මෙය නොවන අතර මෙවන් ව්‍යාජ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප දෙමළ භාෂා කණ්ඩායම විසින් පසුගිය වසරේ කළ කරුණු විමර්ශනයක් මෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ රුපියල් දහසේ නෝට්ටුව නිරීක්ෂණය කිරීමේදී එය දැනට භාවිත වන රුපියල් 20 නෝට්ටුවට සමාන ආකාරයක් අපට දැක ගන්නට ලැබුණා.  රු. 10,000 නෝට්ටුව සඳහා භාවිත කරන ලද වර්ණය රුපියල් 20 නෝට්ටුවේ වර්ණයට සමාන වේ.

    එමෙන්ම දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා භාවිත කරන කුඩා තිත් පේළිය දැනට භාවිත වන අතර රු. 5000 නෝට්ටුවේ ඇත්තේ කුඩා තිත් 6ක් පමණක් වන අතර මෙම 10000 නෝට්ටුව සඳහාද එම තිත් පේළිය 6ක් ලෙසින් දැක්වේ.

    තවද, ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉලක්කම් කේත භාවිතයේ පවතින එක් එක් මුදල් ඒකකයේ වටිනාකම අනුව වෙනස් වේ. එනම් සාමාන්‍යයෙන් මුදල් නෝට්ටු 20,50,100,500,1000 සහ 5000 මුද්‍රණය කරනු ලබන්නේ පිළිවෙලින් W, V, U, T, S, R යන අකුරු වලින්ය.

    එහි දී 5000 මුදල් නෝට්ටු සඳහා භාවිත කරන ඉංග්‍රීසි අකුර R අකුර අන්තර්ජාලයේ හුවමාරු වන රු. 10,000 නෝට්ටුවල ද දැක ගන්නට ලැබේ.

    2021 වසරේ මෙම මුදල් නෝට්ටුව මුද්‍රණය කරන ලද වර්ෂය ලෙස එහි සනිටුහන් වන නමුත් එහි මුදල් අමාත්‍ය ලෙස දැක්වෙන්නේ රවී කරුණානායක බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා වන හෙයින් ද මෙම රු. 10,000 නෝට්ටුව රු.20 නෝට්ටුව සහ රු.5000 නෝට්ටුව අනුසාරයෙන් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති බව පැවසිය හැක.

    Conclusion 

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව රු. 10,000 නෝට්ටුවක් මෙතෙක් හඳුන්වා දී නොමැති බව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රු. 10,000 නෝට්ටුවේ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා වන රු. 5000 නෝට්ටුව භාවිතයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද නිර්මාණයකි. එමෙන්ම වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානියා තහවුරු කරනු ලැබුවේ,  පෝට් සිටි පරිශ්‍රයේ ගනුදෙනු කිරීමට අවසර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලට අමතරව නම් කරන ලද විදේශ මුදල්වලට පමණක් බවයි.

    Also Read:

    Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

    FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.