Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මේ දිනවල දුම්රිය මගීන් අපහසුවෙන් ගමන් ගන්නා ආකාරය පෙන්වන දසුනක්ද? (PHOTO)

    2022-06-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල පවතින ඉන්ධන හිගය , ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බොහෝ අංශවල දරුණු කඩාවැටීමක් දක්නට හැකියි. ඒ අතර ගමනාගමන අංශයද ප්‍රධානයි . නිසිලෙස ගමන්වාර සිදු නොවීම නිසා බස් මෙන්ම දුම්රිය මගීන්ද පත්ව සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.මේ සම්බන්දයෙන් සමාජ ජාලා වල සංවාද ද

    මේ දිනවල පවතින ඉන්ධන හිගය , ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බොහෝ අංශවල දරුණු කඩාවැටීමක් දක්නට හැකියි. ඒ අතර ගමනාගමන අංශයද ප්‍රධානයි . නිසිලෙස ගමන්වාර සිදු නොවීම නිසා බස් මෙන්ම දුම්රිය මගීන්ද පත්ව සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.මේ සම්බන්දයෙන් සමාජ ජාලා වල සංවාද ද නිතර ඇති වෙනවා.

    පැරණි ඡායාරුපයක් ලංකාවේ මේ දිනවල දක්නට ලැබුණු දර්ශනයක් ලෙස දක්වමින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමසුම මෙලෙසින්.

    සමාජ ජාලා සටහන් 

    2022 ජුනි මස 15 දින උදේ වරුවේ ලංකාවේ දුම්රියක පැවති තත්ත්වය ලෙස සමාජ ජාලා සටහන් හුවමාරුව තිබුණේ මෙලෙසයි .ඒ ඡයාරුපයක් මත පදනම්වයි .

    “ඉන්දියාවෙ නෙමේ. අද උදේ ලංකාවෙ!” යන තේමාවෙන් ෆේස්බුක් සටහන් හුවමාරුව තිබුණ ආකාරය පහතින්.

    Facebook | Archived

    එම සටහන් බොහෝ ෆේස්බුක් පරිශීලකයින් අතර ව්‍යාප්තව තිබුණේ මේ අයුරින් .

    Twitter සමාජ ජාලයේද මේ ආකාරයේ සටහන් හුවමාරු වී තිබුණා.

    Twitter |Archived

    WhatsApp ඔස්සේ ද එම සටහන් ව්‍යාප්ත වුනේ මෙලෙසින් .

    මේ ඇත්ත වශෙයන්ම 2022 ජුනි 15 වනදා උදේ ලංකාවේ දුම්රිය ස්ථානයක පැවති තත්ත්වයක් ද ?? මේ ගැන සොයා බලන්න අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම Google Reverse Image Search කිරීමක් සිදු කර මෙම ඡයාරුපය ගැන සොයා බැලුවා . එහිදී අපට දක්නට හැකි වුණේ ,මෙය මිට වසර 3 කට පෙර, එනම්  2019 වසරේ ජුනි මාසයේ දුමිරිය වැඩ වර්ජනයක් පැවති අවස්ථාවක දී විජය පුවත්පත් ආයතනයේ ඡයාරූප මාධ්‍යවේදී ලහිරු හර්ෂණ විසින්  කැලණිය  දුම්රිය ස්ථානය ආසන්නයේදී  ලබාගත්  ඡයාරුපයක් බවයි.

    මේ එම සේයාරුව ඩේලි මිරර් පුවත්පතේ වෙබ් පිටුවේ මීට වසර 3 කට පෙර  පළව තිබුණු ආකාරයයි .

    Daily Mirror | Archived

    මේ පිලිබදව තහවුරු කර ගැනීම සදහා අප මාධ්‍යවේදී ලහිරු හර්ෂණ ගෙන් ද මේ පිලිබදව විමසීමක් කල අතර ඔහු තහවුරු කර සිටියේ ද 2019 වසරේ කැලණිය දුම්රිය ස්ථානය අසලදී මෙම සේයාරූ ලබාගත් බව තමන්ට ඉතා හොදින් මතක බවයි.

    එසේම 2019 ජුනි මස 28 වැනිදා ඩේලි මිරර් වෙබ් අඩවියේ ඉහත අවස්ථාවේ ම පිරිස සිටින තවත් ඡායාරුපයක් ද ඇතුළුව වෙනත් ඡායාරුප ද සමඟින් පළකර තිබු ඡායාරුප පෙළක් මෙතනින්.

    කෙසේ වෙතත් මේ දිනවල  පවතින ඉන්ධන අර්බුදය නිසා දුම්රිය සහ බස් රථ අඩු වීම නිසාද  මගින් බොහෝ අපහසුතාවන්ට ලක්වනවා.

    වර්තමාන දුම්රිය තදබදය සහ ප්‍රවාහන ක්ෂේත්‍රය මුහුණපාන ගැටළු:

    2022 ජුනි 15 දින මාධ්‍ය හමුවක් පවත්වන දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ද පවසන්නේ මේ දිනවල දුම්රිය වල මගී තදබදයක් පවතින අතර එය අවම කිරීම සදහා කාර්යාල දුම්රිය ගමන් වාර  ගණන වැඩි කිරි කිරීමට කටයුතු කරන අතර අනාගතයේදී අලුතින් දුම්රිය එක් කිරීමටද පියවර ගන්නා බවයි. ඒ සම්බන්ධ ඩේලි මිරර් වාර්තාවක් කියවිය හැකියි මෙතනින් | Archived 

    2022 ජුනි 15 දින පැවති බස් සහ දුම්රිය සීමාවීම් නිසා මගින් අපහසුතාවට පත්වූ අයුරු  දක්වන වීඩියෝ පට සහිත ස්වර්ණවාහිනී News at Night පුවත් විකාශය නරඹන්න හැකියි පහතින්. (කෙසේනමුත් මෙම පුවත ඇතුළත ද ජුනි 15 වන දින ඡායාරුප ද සමඟ 2019 පළවී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත ඡයරුපයත් දක්වා තිබුණි)

    සමාජ මාධ්‍ය ඔස්සේ ද දුම්රිය අතුරු සිදුරු නැතිව මඟීන්ගෙන් පිරි ගිය අවස්ථා දැක්වෙන ඡායාරුප සහ වීඩියෝ දර්ශන අපට ජුනි 15 වනදා පළකර තිබෙනු දැක ගන්නට ලැබුණා. එවැනි අවස්ථාව මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූ කාරණය වන්නේ 2019 වසරේ ජුනි මාසයේ පැවති දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නිසා මගීන්  පිඩාවට පත්ව සිටි අයුරු විදහා පාන, කැලණිය දුම්රිය ස්ථානයේ දී ගන්නා ලද  වසර 3 ක් පරණ සේයාරුවක්, මේ දිනවල ලබාගත් ඡයාරූපයක් ලෙස සමාජ ජාල වල සංසරණය වන බවයි.

    කෙසේ වෙතත් මේ දිනවලද ඉන්ධන හිගය නිසා දුම්රිය සහ බස් ගමන් වාර සීමාකාරී වීම නිසා මගී ජනතාව ඉමහත් පිඩාවට පත්ව සිටින අතර ජනතාවගෙන් පිරී ඉතිරි ගොස් තිබෙන ආකාරය වාර්තා වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-06-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.