Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නේපාලයේ ගංවතුර තත්ත්වය හමුවේ පෙර සහ පසු දර්ශන ලෙස AI මගින් නිර්මාණය කළ ඡායාරූප පෙළක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 අගෝස්තු 26 වැනිදා නේපාලයේ ඇති වූ ව්‍යසනයෙන් පසු, ගංවතුර ඇතිවීමට  පෙර සහ පසු දර්ශන ලෙස සසඳමින් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.  මේ ඒ පිළිබඳ සත්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    2026 අගෝස්තු 26 වැනිදා නේපාලයේ ඇති වූ ව්‍යසනයෙන් පසු, ගංවතුර ඇතිවීමට  පෙර සහ පසු දර්ශන ලෙස සසඳමින් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.  මේ ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව සොයා අප සිදු කරන කරුණු පරීක්ෂාවයි.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    නේපාලයට බලපෑ ගංවතුර ආපදාවට පෙර සහ පසු ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Facebook | Archived Link Facebook Facebook Facebook Facebook

    සත්‍ය ලෙසම අදාළ ඡායාරූපය මේ බලයට බලපෑ ගංවතුර තත්ත්වයට පෙර සහ පසු සැබෑ තත්ත්වයන් දැක්වෙන ඡායාරූපයක්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

    Fact Check :

    නේපාලයේ ඇති වූ ගංවතුර විනාශයට පෙර සහ පසු ලෙස සංසන්දනය කරමින් පළ වූ අදාළ ඡායාරූපය සැබෑ ලෙසම නේපාලයේ ගංවතුරට පෙර සහ පසු ලබාගත් ඡායාරූපයක්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් අදාළ ඡායාරූපය Reverse Image යෙදුම් ඔස්සේ පරීක්‍ෂා කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් මෙම ඡායාරූපය නේපාලයේ  ගංවතුරින් පෙර සහ පසු තත්ත්වයන් දැක්වෙන සැබෑ ඡායාරූපයක් බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හමු නොවීය. ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පවා මෙම ඡායාරූපය භාවිත කර පුවත් පළ කර නොතිබුණි.

    එසේම අප විසින් නේපාලයේ ගංවතුරෙන් පසු එහි මෑතකාලීන තත්ත්වය දැක්වෙන සැබෑ ඡායාරූප ඇත්ද යන්න පරීක්ෂා කළා. එහිදී Online Khabar වෙබ් අඩවිය විසින් ඡායාරූප කිහිපයක් පළ කර තිබෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, එහි පළ කර ඇති ඡායාරූපවල පෙනෙන භූගෝලීය ස්වරූපය සහ වෛරල් වූ ඉහත ඡායාරූපයේ ඇති භූගෝලීය ස්වරූපය එකම එකක් ලෙස තහවුරු කළ නොහැකිය.

    වෛරල් වූ ඡායාරූපයේ හඳුනාගැනීමට ලැබෙන අස්වාභාවික බව සැලකිල්ලට ගනිමින් අප විසින් අදාළ ඡායාරූපය කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. 

    එහිදී ඡායාරූප දෙකම AI ආධාරයෙන් ජනනය කරන ලද ඒවා බව තහවුරු විය.

    Claim 2:

    එමෙන් ම මෙරට දෙමළ බසින් තව ත්, ඡායාරූප සටහනක් සංසරණය වූයේ නේපාල ගංවතුර තත්ත්වයෙන් පෙර සහ පසු ඡායාරූප ලෙසට සංසන්දනාත්මකව දක්වමින්.

    Facebook | Archived Link

    Fact-Check :

    දෙවැනි ඡායාරූපය පරීක්ෂා කිරීමේදී ද, මෙවැනි සත්‍ය ආකාරයේ ඡායාරූප හො වීඩියෝ ගංවතුරට පෙර සහ පසු තත්ත්වයන් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හෝ දැක ගන්නට නොලැබුණි. මෙම ඡායාරූපය ද, කෘතිම බුද්ධිය ඔස්සේ හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කිරීමේදී, 99%ක සහ 91.7%ක වැඩි ප්‍රතිශතයකින් AI නිර්මාණයක් බවට සම්භාවිතාවක් පෙන්නුම් කරනු ලැබුවා.

    තවද, මෙම ඡායාරූප OpenAI භාවිතයෙන් නිර්මාණය කර තිබේද යන්න පරීක්ෂා කිරීමේදී, ඒවා OpenAI නිෂ්පාදනයක් භාවිතයෙන් නිර්මාණය කර ඇති බවට ප්‍රතිඵල ලැබී තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    නේපාලයේ ගංවතුරට පෙර සහ ගංවතුරෙන් පසු දර්ශන ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන ඉහත ඡායාරූප සැබෑ සිදුවීමක් ඡායාරූපගත කළ ඒවා නොවේ. ඒවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ ඡායාරූප බව අපගේ විමර්ශනයෙන් තහවුරු වෙයි.

    Result Stamp

    Title: නේපාලයේ ගංවතුර තත්ත්වය හමුවේ පෙර සහ පසු දර්ශන ලෙස AI මගින් නිර්මාණය කළ ඡායාරූප පෙළක්!

    Written By: Fact Crescendo Team

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.