Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්!

    2025-01-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ රැකියා මෙන් ම, නමගිය ඉහළ රැකියා ස්ථානවල නිරත වීමට බොහෝ දෙනා දැඩි කැමැත්තක් දක්වනු ලබයි. එමෙන් ම මෙම රැකියා සඳහා තිබෙන තරඟය නිසාම බොහෝ දෙනෙකු මෙම ආයතන වල ව්‍යාජ රැකියා අවස්ථාවන් වලට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රජයේ රැකියා මෙන් ම, නමගිය ඉහළ රැකියා ස්ථානවල නිරත වීමට බොහෝ දෙනා දැඩි කැමැත්තක් දක්වනු ලබයි. එමෙන් ම මෙම රැකියා සඳහා තිබෙන තරඟය නිසාම බොහෝ දෙනෙකු මෙම ආයතන වල ව්‍යාජ රැකියා අවස්ථාවන් වලට හසුවී නොමග යනු ලබයි. එලෙසින් පළ වන සටහන් පෙළක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim 1:

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය විරැකියාව අවම කිරීම සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, මාර්ගගත රැකියා 250 ක් ලබා දෙන බව ත්, ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට අයදුම් කළ හැකි බව ත්, දෛනික වැටුප රු.9000-14000 ක් බව ත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

    මෙම රැකියා ලබා දෙන සටහන් සඳහා ඊට අදාළ නොවන වෙනත් කතාවක් ද, පළ කරමින් මෙම රැකියා ලබා දෙන බවට ඡායාරූප සටහන් ද, එක් කර තිබුණේ මෙලෙසින්

    Facebook | Archived Link

    එමෙන් ම තව ත් සටහනක් එම අමාත්‍යාංශයෙන් රැකියා අවස්ථා ලබා දෙන බවට පළ වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම සටහන්වල දැක්වෙන පරිදි රැකියා ඇබෑර්තු වලට අවධානය යොමු කිරීම සඳහා වෙනත් කෙටි කතාවක් පළ කරමින් ඒ හරහා මිනිසුන් ඇඳබැඳ ගැනීමට උත්සහ දරන බව දැක ගන්නට ලැබේ.

    එමෙන් ම මෙය රාජකාරිමය අයුරින් හෝ නිල ලෙස පළ කරන සටහන් නොවන බව ට ද, බැලූ බැල්මට පෙනී යයි

    දැක්වෙන පරිදි මෙහි ‘Learn more’ Click කිරීම මගින් යොමු වන්නේ ෆේස්බුක් පරිශීලකයින්ගේ තොරතුරු ලබා ගන්නා  Phishing Scam ලෙසයි.

    එමෙන් ම කම්කරු අමාත්‍යාංශය හඳුන්වන්නේ කම්කරු අමාත්‍යාංශය මිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ලෙස නොවන බව ට ද, අප කළ නිරීක්ෂණයේදී අවධානය යොමු වුණි.

    එමෙන් ම දෙවන සටහනේ කම්කරු අමාත්‍යාංශය හා විදේශ රැකියා අමාත්‍යාංශය ලෙස සටහන් පළ වී තිබුණ ත්, මෙරට  විදේශ කටයුතු අමාත්‍යාංශය වෙන ම අමාත්‍යාංශයක් ලෙස පවතී. Archived Link

    මේ හේතුවෙන් මේ පිළිබඳ අප තවදුරට ත් තහවුරු කර ගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ,‍ මෙම සටහන් අසත්‍ය බව ත්, එවැනි රැකියා අවස්ථා සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය විසින්  පළ කර නොමැති බව ත්, මෙය ව්‍යාජ සටහන් බවයි.

    මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක් පහතින්.

    Press-Release-new

    Claim 2:

    එම රැකියා ඇබෑර්තු ආකෘතියෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවසේ සිට වැඩ කළ හැකි රැකියා අවස්ථා ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත ආකෘතියට ම පළ වූ මෙම සටහනින් ද, පළ වන අතර මේ ඔස්සේ ද, අයදුම්කරුවන්ගේ තොරතුරු ලබා ගන්නා බව ක් පෙනී යයි.

    මහ බැංකුවේ නිවසේ සිට සිදු කරන රැකියා අවස්ථා නොමැති බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල දැක්වෙන්නේ ව්‍යාජ සටහන් බව ත්, අප කළ විමසීමේදී මහ බැංකුවේ සේවකයෙකු අප කළ විමසීමේදී සඳහන් කරනු ලැබුවා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරප්පාඩු මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ රැකියා අවස්ථා ඇත්නම් ඒ සඳහා රැකියා කොටසෙහි පළකරන අතර නැත්නම් පුවත්පත් දැන්වීම් මගින් පළ කරනු ලබනවා. 

    එවැනි අවස්ථාවලින් තොරව මෙලෙසින් නිල නොලත් ස්ථාන වලින් ලබා ගන්නා ව්‍යාජ රැකියා අවස්ථාවලට හසුවීමෙන් වැළකී තමන්ගේ තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු ව්‍යාජ වංචාකරුවන් අතට පත් කිරීමෙන් වළකින ලෙස අප ඔබව දැනුවත් කරන්නෙමු.

    Phishing Attack යනු කුමක්ද?

    තතුබෑම් ප්‍රහාර යනු (Phishing Attack) අනිෂ්ට මෘදුකාංග බාගත කිරීම, සංවේදී තොරතුරු හෝ පුද්ගලික දත්ත (උදා., සමාජ ආරක්ෂණ සහ ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පිවිසුම් අක්තපත්‍ර) හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිශීලකයන් රැවටීමට සැලසුම් කර ඇති වංචනික ඊමේල්, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ වෙබ් අඩවි වේ.

    බොහෝ දුරට මෙවැනි පණිවිඩ බෙදා ගැනීමට සහ ආකර්ෂණය කර ගැනීමට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් විසින් නිර්මාණය කරනු ලබන්නේ නව නව අනුගාමිකයින්(Followers) වැඩි කර ගැනීමටයි.

    Also Read : Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Avatar

    Title:කම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්!

    Written By: Pavithra Sandamali  

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-01-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.