Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    <strong>කාන්තාවන් සමූහයක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන වීඩියෝවක්ද? (VIDEO)</strong>

    2023-01-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පිළිබද කලකිරීමෙන්. මෙවන් පසුබිමක සමාජ ජාලා හරහා  වීඩියෝවක් හුවමාරුවන අතර ඒ හා සබැදි සටහනේ දැක්වෙන්නේ එම වීඩියෝව මගින්  නිරුපණය වන්නේ කාන්තාවන් පිරිසක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන අවස්ථාවක් බවයි.

    සමාජ ජාලා සටහන් 

    කාන්තාවක් පිරිසක් විසින් පුද්ගලයෙකුට වටකරගෙන පහර දෙන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල පැතිරෙන්නේ පහත සටහනද සමගන්.

    “ඉන්දියාවේ ගමක ගැහැණුන් දේශපාලුවෙකුට සලකන හැටි. 

    Red carpet welcome for a politician in India. *VERY SOON IN SRI LANKA, TOO*”

    Facebook

    ඒ සම්බන්ධයෙන් පළකර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    එසේම මෙසේ පහර කෑමට ලක්ව තිබු පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු බවට ද ඉන්දියාවේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) 

    අපි මේ පිලිබදව Google Keyword සෙවීමක් කළ අතර සිද්ධිය පිළිබඳ පුවත් වාර්තා ගණනාවක්  අපට හමු විය. ඉන්දියාවේ , කේරළයේ ත්‍රිසූර් (Thrissur) දිස්ත්‍රික්කයේ මුරියාද් නම් ගම්මානයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා පවසන්නේ. ගම්මානයේ Emperor Emmanuel Church නමින් අධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානයක් තිබෙනවා. මෙම මධ්‍යස්ථානය , ක්‍රිස්තියානි ආගමට අයත් Zion(සියොන්) නම් ආගමික පිරිසගේ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයයි. වීඩියෝවේ දැක්වෙන කාන්තාවන් ඉහත සදහන් කල ආගමික නිකායේ / දේවස්ථානයේ සාමාජිකයන් වන අතර පහර කෑමට ලක්ව ඇත්තේ එම ආගමික නිකායේ කලක් සිට , පහරදීම සිදුවන අවස්ථාව වන විට ඉන් ඉවත්ව සිටි  සාමාජිකයෙකි.

    NDTV හි වාර්තාවකට අනුව, ෂාජි (Shaji) නම් මෙසේ පහර කෑමට ලක්වූ පුද්ගලයාට මෙන්ම ඔහුගේ පවුලේ අයටද පහර දී ඇත්තේ ඔහු මෙම පල්ලියෙන්/ආගමික නිකායෙන් ඉවත්ව ගිය පසුවය. මේ අනුව එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු නොවන බව පැහැදිලියි.

    ෂාජි ට පහර දුන් කාන්තාවන් චෝදනා කළේ ෂාජි තම මුහුණු සහිතව ව්‍යාජව සංස්කරණය කරන ලද නිරුවත් ඡායාරූප අන්තරජාලයට එක්කර ඇති  බවයි. පොලිසිය උපුටා දක්වමින් PTI පුවත් සේවය මගින් වාර්තා කර ඇත්තේ පහර කෑමට ලක්වූ පිරිමි පුද්ගලයා  විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව  කාන්තාවන් ඔහුට පහර දී ඇත්තේ  ඔහු  ඔවුන්ගේ මුහුණු යොදා සංස්කරණය කරන ලද නිරුවත් රූප රාමු කර ප්‍රචාරය කළ බවට වරදවා වටහා ගැනීමෙන් වන බවයි.

    මෙම පැමිණිල්ලෙන් පසු කේරළ පොලිසිය කාන්තාවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළේය. කෙසේ වෙතත්, සියොන් සාමාජිකයින් විසින් ෂාජිට සහ ඔහුගේ පවුලේ අයට ලිංගික අතවර කිරීම්, මිනීමැරීමට තැත් කිරීම වැනි විවිධ චෝදනා ද එල්ල කළ අතර කණ්ඩායමේ සාමාජිකයින් ෂාජිගේ ඥාතින්ටද පහර දුන්හ. මෙය මුරියාද් ප්‍රදේශයේ උණුසුම් තත්වයක්  ඇති කළ අතර ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට දෙපිරිසට බල කිරීමට ත්‍රිසූර් දිස්ත්‍රික් සමාදාන විනිශ්චකරුවන්ටද මැදිහත් වීමට සිදු විය. ඒ පිලිබඳ වීඩියෝවක් මෙතනින්

    පහර කෑමට ලක්වී ඇත්තේ දේශපාලඥයෙකු නොවේ!

    මාධ්‍ය වාර්තාවල සදහන් වන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධ විමර්ශනය කරන්නේ කේරල ප්‍රාන්තයේ Aloor නම් පොලිස් ස්ථානයේ නිසා ඒ පිලිබදව විමසා බැලීමට Fact Crescendo මලයාලම් කණ්ඩායම විසින් එම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකගෙන් කරුණු විමසා බැලුවා. ඔහු මෙම සිද්ධිය සම්බන්ධව ඉහතින් සදහන් කල කරුණු තහවුරු කළා.

    එසේම පහර කෑමට ලක්වූ පුද්ගලයා CPM නම් දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බව කේරළයේ ඇතැමුන් පවසා තිබු බැවින් මෙම සිද්ධියේ කිසියම් දේශපාලන කෝණයක් තිබේදැයි අප පොලිස් පරික්ෂකගෙන් විමසුවා. කෙසේ වෙතත්, පරීක්ෂණවලදී එවැනි දේශපාලන සම්බන්ධයක් මෙතෙක් මතුව නොමැති බවත් එම පුද්ගලයා ප්‍රාදේශීය දේශපාලඥයෙකු නොවන බවත් පොලීසිය සඳහන් කළා . මෙහිදී පහර කෑමට ලක්වන පුද්ගලයා  තම පක්ෂයට සම්බන්ධ බවට කරන ප්‍රකාශයන් CPM පක්ෂය ද ප්‍රතික්ෂේප කළා.

    Also Read: This Viral Video Does Not Show Women Beating A Muslim Man Nor An Indian Politician; Here Is The Truth…

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වූ කාරණය නම් මෙම සිද්ධිය ඉන්දීය කාන්තාවන් පිරිසක් විසින් දේශපාලනඥයකුට පහරදුන් අවස්ථාවක් නොවන බවයි. 

    මෙය ඉන්දියාවේ කේරළයේ තිෂුර්හි ගම්මානයක, ක්‍රිස්තියානි ආගමේ නිකායකට සම්බන්ධ කාන්තාවන් පිරිසක් විසින් එම ආගමික කණ්ඩායමට සම්බන්ධව සිට, ඉන් ඉවත්වූ පිරිමි පුද්ගලයෙක්ට සිදුකරන ලද පහර දීමකි. 

    එම කාන්තාවන් පිරිස අදාළ පිරිමි පුද්ගලයාට පහරදී ඇත්තේ ඔහු විසින් ඔවුන්ගේ මුහුණු යොදා ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සේයාරූ අන්තර්ජාලය හරහා හුවමාරු කරගෙන ඇති බවට චෝදනා කරමින් .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.