Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>ලංකාවේ දේවස්ථානයක පූජකතුමන්ලා අතර ඇති වූ ආරවුලක වීඩියෝවක් ද? (VIDEO)</strong>

    2023-02-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම්, ජාතිය වැනි කරුණු උල්ප්පමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එවැනි තොරතුරු වල නිරවද්‍යතාව සොයා නොබලා සමාජ මාධ්‍ය හරහා ජනතාව එම තොරතුරු සීඝ්‍රයෙන් ව්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ආගම්, ජාතිය වැනි කරුණු උල්ප්පමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එවැනි තොරතුරු වල නිරවද්‍යතාව සොයා නොබලා සමාජ මාධ්‍ය හරහා ජනතාව එම තොරතුරු සීඝ්‍රයෙන් ව්‍යාප්ත කර ගැනීමට පෙළඹෙනවා. එලෙස නොමග යන අයුරින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පල්ලියේ කචල්” යනුවෙන් සඳහන් කරමින් මෙරට වූ සිදුවීමක් ලෙස WhatsApp ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    මෙහි දැක්වුණේ, කතෝලික පල්ලියක පූජකතුමන්ලා අතර ගැටුමකි.

    මෙම වීඩියෝව WhatsApp පරිශීලකයින් අතර බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    එම වීඩියෝව පහතින්.

    මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ ව විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම):

    මෙරට කතෝලික දේව මෙහෙයක් හෝ වැඩසටහනක් අතරතුර  මෙලෙස පූජකතුමන් අතර ආරවුලක් ඇති වූ අවස්ථාවක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ සෙසු මාධ්‍ය ධාරා පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා. නමුත් අපට එවැනි පුවතක් හෝ තොරතුරක් දැක ගන්නට නොලැබුණි.

    එමෙන්ම මෙම වීඩියෝව නිරීක්ෂණයේදී එම දේවස්ථානය ක්‍රිස්තියානි දේවස්ථානයක් බවත්, එම පාස්ටර්වරු කතා කරන භාෂාව, මෙරට භාවිත වන භාෂා නොවන බවට සැකයක් මතු වූ අතර එම භාෂාව දමිළ භාෂාව නොව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ භාවිතා වන තෙලිඟු භාෂාව බවත්, FactCresendo ඉන්දියානු කණ්ඩායම තහවුරු කළා.

    ඒ අනුව අප මෙම වීඩියෝව Invid-We Verify තාක්ෂණය ඔස්සේ රූපරාමු ගෙන Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර, එහිදී දැක ගැනීමට හැකි වූයේ මෙම වීඩියෝවෙන් දැක්වෙන සිදුවීම, 2023 ජනවාරි 29 වන ඉරිදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි, Lakdikapool හි Lutheran ක්‍රිස්තියානි දේවස්ථානයේදී ඇති වූ මත ගැටුමක් බවයි. එදින පළ වී තිබූ වීඩියෝවක් පහතින්.

    https://www.youtube.com/watch?v=g2gscEkMjqg

    මේ පිළිබඳව YouTube හි දැක්වෙන වීඩියෝවේ ඇති සංවාදයෙන් පෙනී යන්නේ එම අවස්ථාවේ දේව මෙහෙයවිය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්, පාස්ටර් මෝසෙස් අනෙකුත් දේවගැතිවරුන් සමඟ ගැටුමක් ඇති කර ගත් බවට ඉන්දියාවේ තෙලිඟු බසින් කරුණු පරීක්ෂක කණ්ඩායමක් පෙන්වා දෙනු ලබන්නේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.