Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තුර්කි ඛේදවාචකයේ සංවේදී අවස්ථාවක වීඩියෝවක් ද? (Video)

    2023-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කි-සිරියා භූ කම්පනයෙන් පසු මිනිසුන් මුදවා ගැනීමේ මෙහෙයුමේ වීඩියෝ, ඡායාරූප මුළු ලොවක් හද කම්පා කළා. ඒ ඉතා සංවේදී දර්ශන මාධ්‍ය හරහා මෙන් ම සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීම ත් සම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    තුර්කි-සිරියා භූ කම්පනයෙන් පසු මිනිසුන් මුදවා ගැනීමේ මෙහෙයුමේ වීඩියෝ, ඡායාරූප මුළු ලොවක් හද කම්පා කළා. ඒ ඉතා සංවේදී දර්ශන මාධ්‍ය හරහා මෙන් ම සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීම ත් සමගයි. මේ අතර ජාත්‍යන්තරයේ මෙන්ම, මෙරට වැසියන්ගේ ද, අවධානය දිනා ගත් හද සංවේදී වීඩියෝවක් සංසරණය වූයේ තම මව්පියන් අහිමි වී ගිය අවුරුදු 2 ක පමණ කුඩා දැරියක් විසින් අතදරුවෙකු වන තම සහෝදරියට කිරි පෙවීමට උත්සහ කරනු අයුරුයි. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට Fact Crescendo අප සිදු කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “තුර්කි ඛේදවාචකයේ දැක්ක…සහෝදර ප්‍රේමය” යන තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පසුගිය සමයේ පළ වී තිබුණා.

    Facebook

    එම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    එම වීඩියෝ සඳහා දක්වා තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ තුර්කි භූ කම්පාවට අදාළ සිදුවීමක් ලෙසට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

    Tiktok ඔස්සේ ද, මෙම වීඩියෝව හේතුවෙන් බොහෝ පිරිසක් සංවේදී වී තිබූ අයුරු ද, අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී මෙහි පසුබිමින් දරුවාගේ හඬට අමතරව තවත් කෙනෙක් සිනාසෙන අයුරු ද, අසෙනු ලබයි.

    කෙසේ වෙතත් මෙහි සත්‍ය සොයා බැලීම සඳහා අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    ඒ අනුව එම වීඩියෝව 2022 නොවැම්බර් 26 වන දින TikTok හි පළ කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

    එම වීඩියෝව පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් වී නොමැති අතර #children laughing humor(ළමුන්ගේ හාස්‍යමුසු වීඩියෝවන්) යන ශීර්ෂ පාඨය එහි දක්වා තිබුණා.

    එම දැරියගේ තවත් බොහෝ වීඩියෝ anelya.495 TikTok ගිණුම යටතේ පළ කර ඇති බවට අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා. (නමුත් මේ වන විට මෙම ගිණුමේ මෙම වීඩියෝ දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ)

    කෙසේ වෙතත් තුර්කි – සිරියා ප්‍රබල භූ කම්පනය පසුගිය පෙබරවාරි 06 වන දා ඇති වූ අතර ඊට පෙර 2022 වර්ෂයේ නොවැම්බර් මස මෙම වීඩියෝව පළ කර තිබූ බැවින් මෙය එම භූමි කම්පාවෙන් අනතුරෙන් පසු ව වූ  සිදුවීමක් නොවන බවට තහවුරු කළ හැකි අතර මෙය බොහෝ විට කුඩා දරුවෙකු විසින් තම මව අනුකරණය කිරීම සිය පවුලේ වැඩිහිටියෙකු විසින් හාස්‍යම අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අවස්ථාවක් විය හැකි බවට අනුමාන කළ හැක.

    මේ පිළිබඳව අපගේ මලයාලම් හා ගුජරාටි භාෂා වලින් සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “තුර්කි ඛේදවාචකයේ දැක්ක…සහෝදර ප්‍රේමය” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව පසුගිය පෙබරවාරි 06 වන දා තුර්කි – සිරියා ප්‍රබල භූ කම්පනයෙන් අනතුරව වූ සිදුවීමක් නොව ඊට පෙර 2022 වර්ෂයේ නොවැම්බර් මස Tiktok ඔස්සේ පළ කරන ලද වීඩියෝවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.