Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මහින්ද රාජපක්ෂ නීතීඥවරයකු ලෙස ජවිපෙ හා සම්බන්ධ නඩුවකට පෙනී සිටි අවස්ථාවක්ද?

    2021-11-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අගමැති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ විවිධ අසත්‍ය සහ නොමගයවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ මෙම

    අගමැති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ විවිධ අසත්‍ය සහ නොමගයවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයකු විසින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ මෙම සටහනද  සමගයි.

    “අද JVP කාරයෝ බද්ධ වෛරයෙන් පෙළෙන්නේ ඔවුන්ව බටලන්දේ පරලොව යැවූ මිනීමරුවන් සමග හෝ ටයර් සෑයේ දවා අළුකළ අලුගෝසුවාගේ පුතා සමග හෝ නොව ඔවුන් වෙනුවෙන් නොමිලයේ නඩු කථා කරමින් ,එම දුක්ගැනවිලි මානව හිමිකම් කමිටුවට ගෙනගිය නීතීඥයා සමගයි. “

    Facebook| Archived

    මෙම ඡායාරූපය හා ඒ හා සබැදි සටහන් ෆේස්බුක් අවකාශයේ පැතිර තිබුණේ මෙලෙසින් .

    මෙම සටහන් වේගයෙන් ව්‍යාප්තවන නිසා මේ පිළිබදවසොයා බැලීමක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම 

    අප විසින් සිදුකරන ලද Google Reverse Image පරීක්ෂාවකදී තහවුරු වූයේ මෙම සමාජ ජාලා සටහන හා සබැදි ඡායාරූපය මහින්ද රාජපක්ෂ , ජනතා විමුක්ති පෙරමුණ හා සබැදි නඩුවකට පෙනීසිටි අවස්ථාවක් නොව ඔහු විසින් හිටපු අගමැතිවරයෙකු වන දි.මු.ජයරත්න හා සබැදි නඩු කටයුත්තක් උදෙසා උසාවියේ පෙනී සිටි අවස්ථාවක් ලෙසයි.

    Web | Archived

    2011 වසරේදී එවකට අගමැතිවරයාව සිටි දි.මු.ජයරත්න විසින් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ හා සබැදි ඔහුගේ මතකයන් කැටි කරමින්ඩේලි නිව්ස් පුවත්පතට ලබාදී තිබූ සම්මුක සාකච්ඡායාවක් ඇසුරින් මෙම පුවත්පත් ලිපිය සකසා තිබුණා. 

    එහි මෙම ඡායාරූපය හා සම්බන්ධව සදහන්ව ඇත්තේ 1994 දී ඔවුන් විපක්ෂයේ සිටියදී දි.මු.ජයරත්න විසින් දකුණු පලාත් සභා මැතිවරණය හා සම්බන්ධව කටයුතු කිරීමේදී සිදුවූ යම් සිදුවීමක් /ප්‍රචණ්ඩ ක්‍රියාවක් (දි.මු. ජයරත්න විසින් සූරියවැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබන ලද බවට එල්ලවූ චෝදනාවක් )නිසා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වීමට සිදුවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ විසින් නීතීඥවරයෙක් ලෙස ඔහු වෙනුවෙන්  පෙනී සිටි බවයි.

    අප මේ සම්බන්ධයෙන් විමසීමේදී දි.මු. ජයරත්න හිටපු අමාත්‍යවරයාගේ පුත් රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න විසින්ද මෙම ඡායාරූපය හදුනාගත් අතර ඔහු පැවසුයේ මෙම ඡායාරූපය මහින්ද රාජපක්ෂ  විසින් දි.මු. ජයරත්නගේ නඩුවකට පෙනී සිටි අවස්ථාවේ ගෙන ඇති බවයි.එම ඡායාරූපය රාමුකර 2013 වසරේදී දොලුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂට තෑග්ගක් ලෙස ලබාදුන් බවද ඔහු පැවසුවා. 

    මෙම  සටහනේ දැක්වෙන තොරතුරු දැනගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික ජිනදාස කිතුලෙගොඩව  සම්බන්ධ කර ගත්තා.ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ  88-89 කාල වකවානුව තුළ සිදුවූ දේවල් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය බව සත්‍යයක් වුවත් ජවිපෙ සම්බන්ධ දේශීය නඩු වලට පෙනී සිටි බවට පළවන ප්‍රචාර සත්‍ය නොවන බවයි.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන්ද අප මේ පිළිබදව විමසූ අතර ඔහු පැවසුවේ ජවිපෙ සාමාජිකයන්ට 88-89 කාලයේ සිදුවූ තාඩන පීඩන පිළිබදව දැනුවත් කිරීමට එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගීවූ බවට පළ වන  කරුණ සත්‍ය බවයි.

    මහින්ද රාජපක්ෂ 88-89 කාලයේ සිදුවූ දේවල් පිළිබදව පැමිණිලි කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය ආකාරය පිළිබදව ලිපියක් පහතින් .

    Web| Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) 

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී පැහැදිලි වූයේ මහින්ද රාජපක්ෂ විසින් ජවිපෙ නඩු වලට කතා කලා සේ හැගවෙන පරිදි සමාජ ජාලාවල පැතිර යන ඡායාරූපය සැබැවින්ම ඔහු විසින් හිටපු අගමැතිවරයෙක් වන දි.මු. ජයරත්නගේ නඩුවකට පෙනී සිටි අවස්ථාවකදී 1994 වසරේදී  ලබාගත් ඡායාරූපයක් වන බවයි.එය නොමග යවන සුලුයි.එමෙන්ම ජවිපෙ පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 88-89 සිදුවීම් පිළිබදව පැමිණිලි කිරීමට ඔහු සම්බන්ධවූ බව සැබෑවක් වුවත් දේශීයව පැවති නඩු විභාග සදහා ඔහු පෙනී නොසිටි බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.